ජීවිත වියමනේ..වියු රටා එකින් එක........

වැටවල් ගසා අප...වෙන්කරනු ලැබූ නමුදු......






     ඔක්තෝබර් පළවෙනිදා හැමෝම වගේ ළමා දිනේ වෙනුවෙන්ම බ්ලොග් පෝස්ට්ස් ලියල තිබුණා.ඒ හැම එකක්ම වගේ කියෙව්වත් කොමෙන්ට් කරන්න වෙලාවක් නම් ලැබුණෙ නෑ වැඩ ගොඩාක් තිබුණු නිසාම...පාඩම් කරලා මහන්සියෙන් නිදියන්න හිතාගෙන නිදිමත එනකල් යූ-ටියුබ් එකේ සිංදුවක් අහ අහ ඉන්නකොට තමා අමුතුම විෂුවල් එකක් දාපු සුපුරුදු සිංදුවක් දැක්කේ..   ''සබඳ අපි කඳු නොවෙමු..'' කියන සිංදුව....අහපු නැති කෙනෙක් නැතුව ඇතිනේ...මංචිට මෙතනදි හිතට වැදුනෙ සිංදුවට වඩා ඒකට යොදාගෙන තිබුණු පසුබිම් රූප පෙළ....මෙතනින් ගිහින් ඒක බලන්න පුලුවනි ඔයාලටත්...


     මොකද්දෝ හේතුවකට ඒ රුප පෙළම මගේ හිතට අමුතුම හැඟීමක් ගෙනාවා කිව්වොත් හරි..වෙන දවසකදි වුණත් ඔහොම අමුතු චිත්‍රපටයක් ඇසුරින් හදපු විෂුවල් එකක් දැක්කහම ෆිල්ම් එකේ නම ගැන සඳහනක් නැත්නම් හිතෙන හිතෙන keywords ගහලා ගූගල් දෙයියන්ගෙ පිහිට පතලා ඒත් හොයාගන්නම බැරි වුණොත් අඩුම ගානෙ දන්න කියන යාලුවන්ගෙන් හරි අහ අහ උන්ටත් ඇණයක් වෙලා හරි ඒක හොයාගන්න එක තමා මංචිගෙ පුරුද්ද..  එහෙම හොයාගන්නම බැරි වුණොත් අතෑරල දාන්නෙ සතියක් විතර ගියාට පස්සෙයි..  හැබැයි මේ සිද්ධියෙදි නම් එහෙම වුණෙ නෑ..වීඩියෝව එඩිට් කරපු කෙනා බොහොම කළගුණ දන්නා විදිහට සහ බුද්ධිමත් විදිහට අදාල චිත්‍රපටයෙ නමත් ඒකට එකතු කරන්න අමතක කරලා තිබුණේ නැති නිසා... 



     හරි ඉතින් දැන් ෆිල්ම් එකේ නම කියන්නම්කො...නම තමයි ''The boy in the striped pajamas'' සමහර විට ඔයාලගෙන් සමහරු නම් මේ අපූරු චිත්‍රපටය බලලත් ඇති..මොකද නිතැතින්ම බ්ලොග් පාඨකයින්ට ඉහල රසවින්දනයක් තියෙන බව මංචි දැකලා තියෙන නිසාම...ඒත් මංචිනම් මේ අපූරු චිත්‍රපටය ගැන ඇහුවෙත් එදාමයි..ඉතින් ඒ වෙලාවෙම නිදිමතත් අහක දාලා කළේ චිත්‍රපටය බාගත කරන්න හරි ඔන්ලයින් බලන්න හරි අඩවියක් සොයාගෙන ගියපු එකයි... 


     මංචි ටොරන්ට්ස් බාගන්න නිතරම භාවිතා කරන මෙන්න මේ ටොරන්ට් සයිට් එකෙනුත් ෆිල්ම් එකේ ටොරන්ට් ෆයිල්ස් වගයක් හමු වුණත්..ඒක බාගත කරන්න වෙලා යන නිසාත්...මංචිගෙ කනෙක්ශන් එකෙන් ඔන්ලයින්ම චිත්‍රපටය බලාගන්න පුලුවන් නිසාත් මංචි නම් තෝරගත්තෙ මෙන්න මේ යොමුව තමයි....ඉතින් ඊලඟට පාඩම් කිරිලි නිදාගැනිලි ඔක්කොම පැත්තක දාලා එළි වෙනකල්ම කළේ ඕක බලාපු එකයි... 



     ඉහල නිලයක් දරන ජර්මන් ජාතික සොල්දාදුවෙකුගේ දරුවෙක් වුණු ''බෲනෝ'' කියන පුංචි දරුවෙකුයි...උපතින් යුදෙව් ජාතිකයෙකු වීම නිසාම කඳවුරක හිරකරුවෙක් ලෙසට ජීවිතේ ගෙවන ''ෂ්මූවෙල්'' කියන අහිංසක දරුවෙකුයි වටා ගෙතුණු මේ කතාව මංචිගෙ දෙනෙතට නම් එක පාරක් දෙපාරක් නෙවෙයි මුලු දර්ශන කාලය පුරාම කඳුලු නංවන්නට සමත් වුණා කිව්වොත් අතිශයෝක්තියක් නෙවෙයි...ඒ වගේම මේ චිත්‍රපටයේ තියෙන කිසිවිටක නොපෙනෙන..ඒත් අපේ හදවත් වලට මවාගන්නට බල කරන සැඟවුණු බිහිසුණු බව මා වෙත ගෙනාපු කම්පනය පහු වෙනිදා වෙනකලුත් අඩු වුණේම නැති තරම්.. 


     මේ පුංචි පැටව් දෙන්නටම වයස අවුරුදු 8 යි...චිත්‍රපටයේ අවසානය දක්වාම මේ දරුවන් දෙදෙනා දකින්නෙ එකිනෙකාගෙ ජීවිත වල තියෙන මහ පුදුම වෙනස්කම්...ඒ දේවල් කෙලින්ම කියල නොතිබුණත්.බෲනෝගෙත් ෂ්මූගෙත් අතර වෙන සීමිත දෙබස් වලින් ඉතාම සියුම්ව  ඒත් ඒ වෙනස්කම් ගැන කියන්න තරම් නිර්මාපකයා දක්ශ වෙලා තියෙනවා..


     කොහොම වුණත් මේ වෙනස්කම් අභිබවා යමින් මේ දරුවන් දෙදෙනා අතර ගොඩ නැගෙන්නෙ හරිම දයාබර මිතුදමක්...මට නම් හිතුණේ මිතුදමකටත් වඩා ඒක සහෝදරත්වයක් කියලයි..වැඩිහිටියන් අතර නැති...ඒත් මල් වගේ පුංචි දරුවන් අතර නොඅඩුව තියෙන..එක මිනිසෙක් තව මිනිසෙක්ට දැක්විය යුතු මිනිසත්කම කියන බැඳීම මේ දරුවන් දෙදෙනා අතර නැගුණු විදුලි වැට අභිබවා දලුලන හැටි මහ පුදුමාකාරයි... 


     චිත්‍රපටයේ එක තැනක බෲනෝ තමනගෙ පියාත්, ගුරුවරයාත්..සහෝදරියත් යුදෙව් ජාතිකයින් ගැන කියපු දේවල් ගැන කල්පනා කරනවා..ඔවුන්ගෙ මතයට අනුව යුදෙව් ජාතිකයින් කියන්නෙ ඇත්තෙන්ම ''මිනිසුන්'' නෙවෙයි,ඔවුන් පිළිකුල් සහගත විශ සහිත වෛර කළ යුතු සතුරන් කොට්ඨාශයක්..ඒ වගේම කිසිම යුදෙව්වෙක් හොඳ කෙනෙක් නෙවෙයි..... 


    ඒත්...පුංචි බෲනෝට ඒ ගැන හිතාගන්නවත් බැහැ.. ගොවිපලේ ඉන්න (ඔහුගේ දෙමාපියන් ඔහුට කියන්නෙ සිර කඳවුර ගොවිපලක් කියලයි..)''ෂ්මුවෙල්'' කොතරම් අපූරුද..ප්‍රියමනාපද...සමහර විට ඔහුගේ පියාද හොඳ කෙනෙකු වන්නට ඇති...ඇයි බෲනෝගේ ගෙදර වැඩ කරන්නට එන යුදෙව්වාත් හරි කරුණාවන්ත කෙනෙක්නේ....එහෙනම් ඇයි තාත්තාත්,අක්කාත්...මාස්ටරුත් එහෙම කියන්නේ.. බෲනෝගේ තාර්කික මනසට මෙය වටහාගන්න බෑ...එහෙත් ඔහුගේ උපතින්ම තියෙන සොයා යෑමේ කුතුහලය නිසාම මේ ගැන නොසොයාත් බැහැ..


     ඒ නිසා තමයි... ඔහු ෂ්මුවෙල්ගෙන් මෙහෙම අහන්නෙ...


what's your dad alike..??


I don't know....


Is he a good man....


(Shmuel shakes his head and agrees...)


You've  never thought that he wasn't....?


(Shmuel shakes his head saying no...)


And you're proud of him..??


(Shmuel shakes his head again saying yes....and speak) and you're proud of yours....!!


     සැබැවින්ම අප අපගේ දෙමාපියන් ගැන ආඩම්බර වනවා නොවේද...සෑම දරුවෙකුගේම ජීවිතයේ පළමු වීරයා වන්නේ බොහෝ විට සිය පියා නොවේද...කවර ජාතියකට ආගමකට දාව උපන්නද සියලු මිනිසුන් (සතුන් කෙරෙහි පවා) සත්‍යතාවයනම් මෙයම නොවේද... 


     මංචිගෙ හද සසල කරපු සංවේදීම දර්ශනය තමා අවසානයේ බෲනෝත් ෂ්මුවෙලුත් විශ වායු කුටීරයේ සිරව සිටින දර්ශනය..බොහෝ සෙයින් බියව සිටින පොඩ්ඩන් දෙදෙනා තරයේ අත් අල්ලාගන්නවා... හරියට එයින් ලැබෙන ශක්තියෙන් මේ උගුලෙන් ගැලවෙන්න ඔවුන්ට මගක් පෑදෙයි කියල හිතනවා වගේ...ඒ වෙලාවෙනම් මංචිට දැනුණු කම්පනය වචනයෙන් කියලා නිමකරන්න නම් අමාරුයි... 





     කොහොම වුණත්..මම මුලු කතාවම මෙතනම කිව්වොත් ඔයාලට බලන්න දෙයක් නැති වේවිනේ...ඒ නිසා ඔයාලත් බලලම රසවිඳින්නකෝ..රසවිඳින්න කියනවට වඩා..මංචිනම් කියන්නෙ...තේරුම් ගන්න..කවදාවත් තව මනුස්සයෙක්ගෙ ජීවිතේ දිහා අවතක්සේරුවෙන් නොබලන විදිහට මනුස්සකම තමන්ගෙ හදවතේ ඇතිකරගන්න....


     මංචි චිත්‍රපටය බලලා කොච්චර කම්පා වෙලා හිටියත් මේ කතන්දරේ සුල මුල හොයාගෙන යන්නත් අමතක කළේ නෑ..''ඉරි පිජාමා හැඳි කොලුවා'' හෙවත් The boy in the striped pajamas කියන මේ චිත්‍රපටය අයිරිශ් ජාතික කතෲවරයෙකු වන John Boyne විසින් රචිත The boy in the striped pyjamas කියන කෘතිය ඇසුරින් තනන ලද්දක්...මේ කෘතියට පදනම් වෙලා තියෙන්නෙ..දෙවන ලෝක යුද්ද සමයෙදි ඇඩොල්ෆ් හිට්ලර්ගේ නාසී හමුදාවන් විසින් කරන්නට යෙදුණු යුදෙව් ජන සංහාරයයි...ඒ ගැන වැඩිපුර විස්තර මෙතනින් කියවන්න පුලුවනි කැමති නම්...)

     මෙහි එන කඳවුර අවුෂ්විට්ස් (Auschwitz) නම් සිර කඳවුර කියලයි කියන්නෙ..(පොතේ නම් මේ නම සඳහන් නොවෙනව කියලයි කියවන්නට ලැබුණු කරුණු වලින් හැඟුනෙ).. සත්‍ය කතාවක් නොවුණත්... ජුදෙව් ජන සංහාරය ගැන සාධාරණිකරනය කෙරෙන විවිධ විචාරයන් ඇතිවෙලා තිබුණත්..මට නම් හිතෙන්නෙ රචකයාගෙ උත්සහය පැහැදිලියි...ඔහු කියන්නට හදන්නෙ  දරුවන් දෙදෙනෙකු ගැන නොවෙයි..මිනිස් කම ගැන...!!!

     මංචිගෙ ඊලඟ අරමුණ මේ සවේදී සිනමා කෘතියට පාදක වුණු අපූරු කෘතිය සොයාගෙන කියවන එක... සාමාන්‍යයෙන් අකුරු පෙළකින් කියවෙන දේ රූප පෙළකින් පෙන්වන දේට වඩා හිතට දැනෙන බවයි මගේ පුද්ගලික අත්දැකීම..ඉතින් ඔයාලත් අඩුම ගානේ මේ චිත්‍රපටයවත් නරන්න...ඒකෙන් ජීවිතයට හිතන්නට යමක් එකතු වීම මිස කාලය බිඳක්වත් අපතේ නොයන බව මංචිට සහතිකයි.....






 ෴ Lines may divide us..But hope will unite us



35 comments:

  1. මේ නාසි, යුදෙව් කතා නම් හරියට දුක හිතෙන ඒවා අනේ..මේකනම් මම බලලා නැහැ. බලන්න දුකයි වගේ. The great escape සහ Life is Beautiful කියන්නෙත් මේ වගේම දුක හිතෙන යුදෙව් කතා දෙකක්.

    ReplyDelete
  2. මංචි ට ගොඩාක් ස්තුතියි.. මේ වගේ වැදගත් දෙයක් අපිත් එක්ක බෙදාගත්තට.. ටික දවසක් ඉවසන්න වෙනවා කොයි තරම් ඉක්මනට මේක බලන්න ඕන උනත් මොකද මට ඉතින් මංචි ට වගේ ඔන්ලයින් බලන්න තරම් හොද නෙට් කනෙක්ශන් එකක් නැනේ.. කොහොම වෙතත් ගොඩාක් ස්තුතියි

    ReplyDelete
  3. සංවේදී චිත්‍රපටයක් වගේ , බලන්න ආසයි මේ කියපු විදියට , ස්තුතියි මේවැනි වැදගත්දේ ගැන අපිව දැනුවත් කරනවාට

    ReplyDelete
  4. ගොඩක් ස්තුතියි මංචි. චිත්‍රපටිය බලල නැති උනත්, රූප පෙළ දැක්කාම කතාව හිතා ගන්න පුළුවන්. අවසානය නම් ගොඩක් දුකයි නේද? හිතුන විදියට අන්තිමට දෙන්නම ගෑස් චෙම්බර් එකට යවනවා වගේ... :( කොහොම නමුත් චිත්‍රපටිය හොයාගෙන බලන්නම ඕනේ.

    ReplyDelete
  5. මංචි ඔයා බලලා තියෙද "child with a graned" කියන මුවි එක.

    ReplyDelete
  6. ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්......වෙලාවක හොයාගෙන බලන්න ඕනා චිත්‍රපටි තුනම

    ReplyDelete
  7. මංචිට නම් මොකෑ ඉතින් එයා නම් ඔන්ලයින් බලයි. අපි එහෙම ඔනයින් ෆිල්ම් එකක් බැලුවොත් මාසේ ඉතුරු ටිකට හුලං තමයි. ඒ නිසා ෆිල්ම් එක හොයාගෙනම බලන්න ඕනේ.

    මංචි කියන නිසා ෆිල්ම් එක හොද එකක් වෙන්නැති. ස්තුතියි මේ ගැන අපට කිව්වට.

    ReplyDelete
  8. මට ඒ දවස් වල ඕක හම්බ වුනත් ගනන් ගත්තෙ නෑ නෙ. දැන් නම් ෆිල්ම් බලන්නවත් වෙලාවක් නෑ.ගෙදර බලපු නැති ෆිල්ම් ගොඩ ගැහිලා.

    ReplyDelete
  9. ගොඩක් ස්තුතියි මංචි අක්කේ...

    ReplyDelete
  10. මේ ෆිල්ම් එක මීට මාස 4කට විතර කලින් මම බැලුව..බලල තියන හොදම චිත්‍රපට වලින් එකක්... අන්තීමේ ඒ තාත්තට කොච්චර දුක හිතුනද කියල හිතාගන්නත් බෑ... ඒකෙ අවසානෙදි දැනෙන ලොකු හිස්බවට,ඒ අමුතු හැගීමට මම කැමති නෑ.. ඒත් ඒ වගේ හැගීමක් දෙන්න පුලුවන් කියන්නෙ ඒ ෆිල්ම් එක සාර්ථකයි.ඇත්ත මේක බලපු හොදම ෆිල්ම් එකක්.. අනෙත් තොරතුරු වලටත් ස්තූතියි මංචී

    ReplyDelete
  11. මංචි අක්කා දන්නවාද? මට මේ ගීතය දකින්න ලැබුණේ.. මීට අවුරුද්දකට උඩදි. මාත් මංචි අක්කා කළ විදිහටම චිත්‍රපටිය හොයාගෙන ඔහොම ඔන්ලයින්ම බැලුවා... හැබැයි මම පෝස්ට් එකක් නම් ලිව්වෙ නැහැ...ස්තූතියි එය බෙදා ගත්තාට.. අවුරුද්දකට කලින් බලලා.. කොහොම හරි ළඟදිත් බැලුවා...

    ReplyDelete
  12. මම මේ ෆිල්ම් එක නිකුත් වෙච්ච අලුතම බැලුවා.. අපිටනම් ඉතින් ෆිල්ම් එකක් බාන්න යන්නේ විනාඩි 30 විතරනේ.. ඉතින් එන හැම එකක්ම බලන එක මගේ පුරුද්ද... :)
    ඇත්ත මේ ෆිල්ම් එකේ කතාවනම් හිතට මාරම විදිහට වැදුනා... විශේශයෙන්ම පොඩි එවුන් දෙන්නගේ චරිත.. ෆිල්ම් එකක් අවසානයේ මම අඩලා තියෙන්නේ බොහොම අඩු ප්‍රමාණයක්.. මේ ෆිල්ම් එක ඒ ගොඩට එකතු වෙන ෆිල්ම් එකක්..

    ReplyDelete
  13. මම මේ ෆිල්ම් එක බැලුවේ මීට මාස හත අටකට කලින්.

    ටොරන්ට් වලින් ඩවුන්ලෝඩ් කරගෙන ඉඳලා . . .

    පුතා කලින් නිදා ගත්තු දවසක මමයි නදීෂයි බැලුවේ . . .

    මැද හරියේ ඉඳන් අපි දෙන්න එකට අඬ අඬ බැලුවේ . .

    ඉවර උනාට පස්සේ නදීශා මගේ උරහිසට ගහ ගහ ඇඬුවා මීට පස්සේ මේ වගේ ෆිල්ම් බලන්න කතා කරන්න එපා කියල . ..

    මට මොනවත් කියන්න බැරි තරම් උගුරේ ලොකු ගුලියක් හිරවෙලා . . මූන ම කඳුලු වලින් තෙමිලා . . .

    පොඩි උන්ගේ ලෝකය හරිම සුන්දර එකක් . .

    එකේ වෛරය අමුනුස්සකම නෑ කියලා පෙන්වන්න තමයි මේ ෆිල්ම් එක හැදුවේ කියලා මම කොහේදෝ දැක්කා . .

    අමාරුවෙන් උනත් හැමෝම බැලිය යුතුම ෆිල්ම් එකක් . . .

    ජීවිතයට ඉගෙන ගන්න මහා ලොකු කතා ගොඩක් මේ ෆිල්ම් එක ඇතුලේ තියෙනවා . .

    ReplyDelete
  14. බයිස්කෝප් සිංහලෙන් අඩවිය හරහා බාගෙන මම කාලෙකට කලින් බැලුවේ.පුදුම විදියට හිතට දැනුන චිත්‍රපටියක්.මට එක තැනකදී ගොඩක් තරහ ගියා.අර එළියේ ඉන්න ළමයට ඇතුලට යන්නේ නැතුව ඇතුලේ ඉන්න ලමයව එලියට ගන්න තිබ්බ එයා ඇතුලට ගියා වගේම.ඒත් ඉතින් එහෙනම් ඔහොම සංවේදී කතාවක් ගොඩ නැගෙන්නේ නෑනේ.මහන්සි වෙලා විස්තර හොයල පල කලාට ස්තූතියි.

    ReplyDelete
  15. @සයුරි :
    The great escape නම් බලලා තියෙනවා සයූ අක්කේ..ඒත් අනික් ෆිල්ම් එක නම් බලලා නෑ..ඒකත් හොයාගෙන බලන්න ඕනේ..අනේ මංදා..මේ වගේ අපරාධ කොහොම කරනවද මංදා..

    @දේවා ගේ අඩවිය :
    හෙහ් හෙහ්...නෑ නෑ ඔන්ලයින් බලන්න ඕනේ නෑ..පුලුවන් වෙලාවක හිත නිදහසේ බලන්නකො..කොහොමත් මේක හදිස්සියට බලන්න පුලුවන් එකක් නෙවෙයි සහෝ.. ආසාවෙන් බෙදාගත්තෙ..හිතට වැදුණු දෙයක් නිසාම.. :)

    @මහේෂ් නිශාන්ත :
    වැඩ ගොඩාක් තිබුණු කාලෙකදි වුණත් හමුවුණු හරවත් දෙයක් ඔයාලා එක්ක බෙදා නොගෙන කොහොමද හෙද තුමනි...

    ReplyDelete
  16. @niroshini :
    කොහොම වුණත් වීඩියෝවෙ තියෙන කතාවට වඩා ලොකු කතාවක් චිත්‍රපටයෙ තියෙනවා නිරෝශිනී.. :) ඒ නිසා පුලුවන් කමක් තියෙනව නම් බලන්නකො.. :)

    @prasanna86k :
    අනේ ඒකත් බලන්න වෙලා නැහැ මාලුවෝ... ඒකත් මේ වගේමද...?? :(((

    @~ Rajith Doo~ :
    තුනම නෙවෙයි ඩූ...හතරම...(මාලුවා කියාපු එකත් තියෙනවනෙ)...ඒක නෙවෙයි ඔයා ස්කූබීගෙ නෑයෙක්දෑ..??? :D

    ReplyDelete
  17. @මධුරංග :
    ඇත්තෙන්ම මම නං ඔය වෙනසක් නැතුව හැම ජාතියකම ෆිල්ම් බලනවා අයියේ...ඔය ආදර කතා...කාටුන් කතා,සුරංගනා කතා,ඇක්ශන් කතා,ඩිටෙක්ටිව් කතා යනාදී එකී මෙකී නොකී සියල්ලක්ම...ඒත් මේ විදිහට හිත කලඹන්නෙ එහෙමත් නිර්මාණයක් තමයි..ඉතින් ඔයාලටත් ඒ ගැන කියන්නම ඕනෙනෙ.. :))(ඇයි මාසෙ ඉතිරි ටික හුලං වෙන්නේ ඔයාගෙ කනෙක්ශන් එක හුලං ටෙල්ද..?? )

    @නිසුපා :
    අයියෝ..අපරාදෙ.. බලන්නනෙ තිබ්බෙ..පොඩිහරි වෙලාවක් තිබ්බොත් බලන්නකො.. :)

    @Nj_A :
    ඔයාටත් බොහොම ස්තූතියි වියමනට ගොඩ වුණාට.. :D

    ReplyDelete
  18. @සහෝධරයා :
    අවසානයේදි තාත්තට දැනෙන්න ඇත්තෙ දුකකටත් වඩා මහා ලොකු ඉච්ඡාභංගත්වයක් කියලයි මට නම් හිතුනෙ..අනික් තොරතුරුත් කියවලා බලන්න තරම් උනන්දු වීම ගැන බොහොම ස්තූතියි සහෝදරයා..!!

    @නෙරංජි | Neranji :
    හානේ...කලින් දන්නවනම් නීනු නගාගෙන් අහන්ට තිබ්බා..නියමයි.. :)) එහෙනම් ආයෙමත් පාරක් බලන්නකො..කොච්චර බැලුවත් ඒ කම්පනයනම් අඩු වීමක් වෙයිද මන්දා... :)

    @Dinesh :
    ඔයා වගේ සංවේදි කෙනෙක්ට මේ වගේ සියුම් කතන්දරයක් බලලා ඇඬුණු එකේ පුදුමයක් නෑ අයියණ්ඩී.. මමත් අඬ අඬමයි බැලුවෙ.. :(

    ReplyDelete
  19. @දුකා :
    වෙලාවට පොඩ්ඩා නිදාගන්නකල් ඉඳලා බැලුවෙ දුකා අයියේ..අනේ අපට වත් දරාගන්න බැරි එකේ පුංචි මනසකට නම් මේ කතාව බර වැඩියි ගොඩාක්...

    දරුවෙක් ඉන්න අම්මෙක් විදිහට අක්කටත් මේක බොහොම සංවේදීව දැනෙන්න ඇති..ඒ වගේම සොඳුරු ත්‍රස්තවාදීයාගේ පණ වගේ ඉන්න ඔබටත් මේක තදින් දැනෙන්න ඇති නේද..මට නම් හුඟක්ම දැනුනෙ ''ෂ්මුවෙල්''ගෙ චරිතය..අනේ මොන තරම් අහිංසකද..ආයියට මතක ඇති පොඩ්ඩො දෙන්නා දාම් අදින තැන...අනේ හරිම හුරතල්...මම හිනා වෙන ගමන් ඇඬුවා..ඒ සොඳුරුබව දරාගන්න බැරුව.. :(((

    බොහොම ස්තූතියි දුකා අයියේ..ඔබේ අත්දැකීමත් වියමනේ වියමන් කළාට.. :))


    @සිහින :
    අපූරුයි සිහින...කොහොම වුණත් මෙතනදි මුවෙල්ට නිදහස් වෙන්න වුවමණාවක් තිබ්බා කියලා මට හිතෙන්නෙ නෑ..අනික ඒ සමාජ තත්ත්වයේ හැටියට එයාව එළියට ගත්තා වුණත් ඒකෙන් පලක් නැහැනෙ නේද..පැටව් දෙන්නගෙ අරමුණ වුණේ අතුරුදහන් වුණු ෂ්මුවෙල්ගෙ තාත්තව හොයාගන්න එකයි.. ඒකට ඉතින් බෲනෝට වැටෙන් ඇතුලට යන්නම වෙනවනෙ.. :((((

    ReplyDelete
  20. ඔව් නගේ . .

    කොහොමත් මගේ සොඳුරු ත්‍රස්තවාදියා දුක හිතෙන ෆිල්ම් අපිට බලන්න දෙන්නේ නෑ . . .

    මට මතකයි හැපි ෆීට් ෆිල්ම් එක බලන්න ගිහින් . . .අර පෙන්ගුයින්ව සින්දු කියන්න බෑ කියලා රෑනෙන් එලවන තනදී අපේ කොල්ලා කෑ ගහලා අඬන්න පටන් ගත්තා. ඕෆ් කරන්න ඔෆ්ෆ් කරන්න කියලා පුදුම වදයක් දුන්නේ.

    තුන් හතර පාරක් ට්‍රයි කරලා තමයි මායි නදීෂයි ඒ ෆිල්ම් එක බැලුවේ.

    ඔයාගේ මේ ලිපිය අහනේ නැතුව මම දවල් ගූගල් බස් එකේ ශෙයා කලා අවුලක් නෑ නේ . .

    ReplyDelete
  21. @දුකා :
    පොඩි දරුවො කොහොමත් කැමති එයාලගෙ පුංචි හිත් වගේම අහිංසක දේවල් දකින්නනෙ..නපුරු කම් වෙනස් කම් දකින්න එයාලගෙ හිත් වලට හුරු හැනැ.. :)) අක්කටයි අයියටයි විරුද්ධව පොඩ්ඩා අපූරූ වර්ජනයක් කරලා තියෙන පාටයි... හෙහ් හෙහ්...සොඳුරු ත්‍රස්තවාදියෙක්ම නේන්නම්.. :D

    අනේ මොකට තරහ වෙන්නද අයියේ...ඔයා වගේ බ්ලොග් ලෝකය ගැන අත්දැකීම් ගොඩාක් තියෙන ප්‍රවීණයෙක් මගේ ආධුනික බ්ලොගයෙන් ලිපියක් ශෙයාර් කරපු එකම මට මොන තරම් සතුටක්ද... බොහොම ස්තූතියි ඒ දිරි ගැන්වීමට.. :))

    ReplyDelete
  22. මට ඔය වගේ කතා බලන්න බෑ. ඒක නිසා මම බලන්නෙ නෑ. කිව්වට ස්තූතියි මංචි. දැං දන්නවන හම්බු උනොත් බලන්නෙ නැතුව ඉන්න.

    ReplyDelete
  23. This comment has been removed by the author.

    ReplyDelete
  24. මම් හුලං ටෙල් නෙමෙයි. මම් වී කෙයාර් ඕල්වේස් !!!!!
    වීකෙයාර් ගිගා බයිට් දෙකයි !!!

    අයෑම් ශ්‍රි ලංකා !!!
    (කොලර් අප් !!!)

    ReplyDelete
  25. මන්චි, අපි ඔය ‍ෆිල්ම් එක බැලුවෙ HBO හරි Star Movies හරි කේබල් චැනල් එකක. කියලා වඩක් නෑ. අපේ ගෙදර ඔක්කොම පිළිගන්නවා අපි බලලා තියෙන හොඳම යුද, ළමා, චිත්‍රපටයක් හැටියට.
    henryblogwalker the Dude

    ReplyDelete
  26. මාත් මේ චිත්‍රපටිය බැලුවා, ඔයාගේ සටහන හරිම සංවේදීයි. මානුෂීය ගුණාංග එක්ක මෙහෙම කතිකාවක යෙදෙන එක ගැන බොහොම ස්තූතියි. මන්චි ඔය වගේම අසරණ වෙච්චි දරුවෝ අපිට අපේ රටේ යුද්ධ කාලේ සහ ඊට පසුවත් දැක ගන්න ලැබූනා. කොහොමත් දැන් දරුවන්ට දරන්නට වෙලා තියෙන දේවල් දැක්කම දුක හිතෙනවා. එක පැත්තකින් කාලයක් යුද්ධයෙන් බැට කාලා දැන් තනිකමින්, දුප්පත්කමින් සහ අධ්‍යාපන තරඟයෙන් බැට කනවා. ගොඩක් දරුවන්ට ආතතිය. බොහෝ අය දිවි නහ ගන්න හදනවා. වැඩි මහලු වෙද්දී ඒ දරුවන් රෝගීන් වීම පුදුමයක් නෙමෙයි. ළමාවිය ඔවුන්ගෙන් ඈත් කරලා

    ReplyDelete
  27. අනේ මන්ද.. වෙලාවකට හිතෙනවා හිට්ලර් හරි කියල. මේ යුදෙව්වෝ ඉන්න ඊශ්‍රායෙලය අද කරන දේවල් දැක්කම උන්ව වඳ කරානම් හොඳයි කියල හිතෙනවා. කොච්චර ළමයි මරණවද උන්? පර්ල් හාබර් එකට ගැහුවට පස්සේ ඇමරිකාවත් ඔය කොන්සන්ට්‍රෂන් කෑම්ප් ඇරලා තියනවා ඇමරිකාවේ හිටිය ජපන්නු ගාල් කරන්න.

    ReplyDelete
  28. අනේ හරිම ලස්සනයි මංචි.. හරිම සංවේදියි. මටත් මේ ෆිල්ම් එක බලන්න හිතුනා.. ඔයා මේ ගැන මේ තරම් ලොකු පැහැදිලි කිරීමක් දීලා තියන එක නම් ගොඩක් වටිනවා.. මුලින්ම සින්දුව අහලා මේ හැමදේම හොයන්න මම කල්පනා කරා. ගොඩක් ස්තූතියි බෙදාගත්තාට.

    ReplyDelete
  29. මංචියො ඔක්කටම කලින් අපෙ ගෙදරට නෙට්වක් කෙබල් එකක් ඇදලා දියන්කො ඔය නෙට් කනෙක්ශන් එකෙන්.. උහ් .. ඔන්ලයින් බයිස්කොප් එකක් බලනවා කියන්නෙ කියද මංචොයො ලයින් එකෙ ස්පීඩ් එක ? ආසවෙ බැ මංචියො එ වගෙ ලයින් එකක වැඩ කරන්න .. :)
    ….
    …ම්... මම ටොරන්ට් එකින් බාලා බලන්නම්කො ඔය කිව්ව බයිස්කොප් එක ... හැබැයි මංචිට තරම් හොදට සිරි අයියට ඔක තෙරෙයිද මන්ද ,... මට එ හැටි හොදට කඩු හරබ බැ නෙව ... :D :D

    ReplyDelete
  30. අනේ මම මේක බයිස්කෝප් අඩවියෙන් බා ගත්තා තාම බැලුවෙ නැහැ ....
    ඉක්මනට බලන්න ඕන ....

    ReplyDelete
  31. @අලුත් කොල්ලා :
    අලුත් කොල්ලා යථාර්තයට මූණ දෙන්න බයයි වගේ...මේ වගේ දේවල් ඇත්තටම සිද්ධ වෙන ලෝකෙක ජීවත් වෙන අපි කළ යුත්තෙ ඒවා ගැන අවබෝධයෙන් ඉන්නෙක නේද යාලු... :)

    @මධුරංග :
    හිකිස්..ආහ්හ්හ් එහෙමද... :D

    @Dude :
    සතුටුයි ඔයාලා හැමෝම මේ අපූරූ චිත්‍රපටය බලා තියෙන එක ගැන... ^_^

    ReplyDelete
  32. @AnithKona :
    බොහොම ස්තූතියි යාලු...ලෝකෙ පුරා වැඩිහිටියො ඇති කරන ප්‍රශ්ණ වලින් හැම වෙලේම තැලෙන්නෙ මල් වගේ දරුවන්ගෙ ජීවිත.. :((

    @ක්සැන්ඩර් | Xander :
    අපි හැමෝම හිතන්නෙ අපේ පැත්තෙන් අපි සාධාර්ණයි කියලයි..එහෙම නේද..??

    @හංසි :
    ඔව්..පුලුවන්කමත් තියෙනම් බලන්න හංසියෝ...හරිම වටිනවා.. :)

    ReplyDelete
  33. @සිරි කොලුවා :
    අපරාදෙ කියන්න බෑ නෙට් එක නම් ඇත්තටම කරදරයක් නෑ ලංකාව්වෙ වගේ... :D
    ඒ ෆිල්ම් එකේ වැඩිය දෙබස් නෑ..වැඩිපුර තියෙන්නෙ හැඟීම්මේ නිසා කඩ්ඩ දන්නැතත් පුරස්නයක් නෑ..

    @පන්සල් හංදිය :
    හදිස්සියට බලන්න එපා අයියණ්ඩී... නිවාඩු පාඩුවෙ බලනෙක තමා වටින්නෙ.. :)

    ReplyDelete
  34. ඊයේ බාගයක් බැලුවා ඒත් ඉවරෙට බලන්න බැරි උනා .......
    හෙම්න් සැරේ ඉතුරු ටිකත් බලන්න ඕන ......

    ReplyDelete

ඔයාලගෙන් ලැබෙන අදහස් මකුළු පැංචිට ඇත්තෙන්ම ලොකුම ලොකු ශක්තියක්...ඒ නිසා වෙලාවක් තියෙනව නම් හිතෙන දේ ලියලම යන්න හොදේ... :))..අදහස් දක්වන්න නැවතුනේ නැතත්..කියවන්න වියමනට ගොඩ වැදුණු ඔයාල හැමෝටමත්..ගොඩාක් ස්තූතියි.. :))

Related Posts Plugin for WordPress, Blogger...