පිස්සු විකාර පෝස්ට් එකක් වුණත් ලියන්නම කියල හිත බල කරපු නිසා නිකමට වගේ ලියන්න ගත්තෙ..
මේ ගැන මුලින්ම මගෙන් ඇහුවෙ මගේ හොඳම යාලුවා....වින්ධ්‍යා... ඔව්..ඔව්.අර...අඳින්න ගිය තාප්පෙ ඉහේ කඩා වැටුණු වෙලාවෙ මගෙත් එක්ක හවුලෙ බැනුම් අහපු මංචිගෙ පිස්සුම පිස්සු යාලුවා ගැන තමා ඒ කිව්වෙ..
හරි හරි...එතකොට මොකද්ද දැන් වින්ධ්‍යා මගෙන් ඇහුවෙ....මෙන්න මේකයි...
ඇයි මිනිස්සු ''හැපි එන්ඩින්ස්'' එහෙම නැත්තම් ''සුඛාන්ත'' එහෙමත් නැත්තම් සරලවම කියනවනම් හැම දෙයක්ම හොඳ විදිහට ලස්සනට ඉවර වෙන....අපි හිතු පැතු විදිහෙ අවසානයක් තියෙන කතන්දර වලට මේ තරම් කැමති.....??
හ්ම්ම්ම්.....සෑහෙන බොන්න ඕන ප්‍රශ්ණයක් වගේද පේන්නෙ...?
ඒත් මංචිට නම් හිතෙන්නෙ වෙන දෙයක්.. ඒ කියන්නෙ මේ ප්‍රශ්ණෙට තියෙන්නෙ හරිම සරල පිළිතුරක් කියන එකයි...
ඒ කියන්නෙ අපි සැබෑ ජීවිතේ ලේසියෙන් ලබාගන්න බැරි සතුට මායාවක් තුලින් හරි විඳින්න කැමති නිසාය කියන එක...
වින්ධ්‍යා හරිම සීරියස් මූඩ් එකකින් මේ ප්‍රශ්ණේ අහපු වෙලාවෙත් මංචි හරිම සැහැල්ලුවෙන් දුන්නෙ අන්න ඒ උත්තරේ...
හරි ඉතින් මේ හදිස්සියෙ දැන් ඕක මතක් වුණේ ඇයි...???
වින්ධ්‍යා එක්ක මේ ගැන බර කතාව නිමා වෙලා බොහොම කල් වුණත්....මංචි පහු ගිය දාක හදිසි හිත් කළකිරීමක් අස්සෙ මූණු පොතේ දාපු ස්ටේටස් එකක් නිසා ඔන්න තව කෙනෙක්ටත් හිතුණලු මේ පිළිබඳ මංචිගෙන් අදහස් විචාරන්න....ඉතින් මගේ විස්තරේ අහන් ඉඳලා එයා මට කියනවා මං ජීවිතේ විඳින්න දන්නෙ නැතිලු....
ඉතින් මටම හිතුණා ඒක එහෙමවත්ද කියලත්...
ස්ටේටස් එක නම් දැම්මෙ...''I hate happy endings'' කියලයි...
ඔව් අපි හැමෝම පෘථක්ජන මිනිස්සු....අපි කැමතී අපට ලේසියෙන් ලබාගන්න බැරි දේවල් මනෝ ලෝක වල මවාගන්න....ඒ හැඟීම වෙනත් චරිතයක් ඇතුලෙදි හරි,සුලු කාලයකට හරි විඳගන්න....ඒ වුණත් දිගින් දිගටම ඒ ලෝකය ඇතුලෙ...කිසිම දැනුවත් කමකින් තොරව ජීවත් වෙන්න ගියොත්...අපි හැමෝම අපේම හිත් රවට්ටගන්නවා නෙවෙයිද යාලුවනේ...??
හෝව්...හෝව්...දැන්මම ඔන්න මංචිට පිස්සු කියලා කැරළි ගහන්න එපා ඉතින්...හිකිස්....ඔයාලම පොඩ්ඩක් හිතල බලන්නකො...
බ්ලොග් කියවන ඔයාලා හැමෝම...තමන්ගෙ ජීවිත කාලෙ එක පොතක් හරි කියවලා ඇතිනෙ..එහෙම නැත්තම් චිත්‍රපටයක්,ටෙලි නාට්‍යයක් නොබැලුවා වෙන්න බැහැනෙ...මංචිත් ඔය කෝකත් ආසාවෙන් කරනවා..පොත් කියවිල්ලනම් අබිං කෑවා වගේ ඇබ්බැහිව හිටි කාලත් තිබ්බ ඕං... හිකිස්...
ඉතින් බොරු කියන්න වුවමණා නෑ නේ..
ඔයාලා හැමෝම වගේම මාත් ආස ලස්සන අවසානයක් තියෙන කතන්දර වලටයි...පුංචි කාලෙදිනම් ජීවිතේ සුරංගනා කතාවක්ම තමයි...සුරංගනා කතාවක වගේ මවාගත්ත ලෝකෙක ජීවත් වෙන්න බැරි කමක් නැති වෙන තරමටම ජීවිතේ සැහැල්ලුයි...මතකනෙ මංචිත් වසීලීස්සාගෙ ලෝකේ ජීවත් වුණු හැටි...(එහෙම ළමා කාලයක් අපට තිබුණට සමහර දරුවන්ට ඒ වගේ සැහැල්ලු ළමා කාලයක් වත් නැති බවනම් නොකියාම බැහැ...
) ඒත් ජීවිතේට අත්දැකීම් එකතු වෙන්න වෙන්න....අපි ඒ සොඳුරු ලෝකයෙන් බැහැර වුණෙ නැද්ද..??ඔව් එතකොට ජීවිතේ සතුටට වඩා එකතු වුණෙ කඳුලු...ඒත් හරි පුදුමෙකට වගේ අපි කියවපු කතන්දරවල...බලපු චිට්‍රපටවල තිබුනෙ කඳුලුමද...??පොතේ පිටු සීය,දෙසීය අතරෙ....චිත්‍රපටයෙ විනාඩී ගණනාව අතරෙ....කොච්චර ඇඬුවත් වැලපුනත්...මොනතරම් අහිමි වීම් වුණත්..අන්තිමේදි හැමදේම හොඳින්ම අවසන් වෙන හැටි.......
හරිම පුදුමයක් නේද..??ඒ මදිවට..බලන අපිත් ඒ අවසානයෙන් සතුටු වෙන තරම්...!!!
ඒ ඇයි කියල කවදහරි හිතලා තියෙනවද....??
පොතක් කියවනකොට....ටෙලියක් බලනකොට...ඔයාලට කවදහරි දැනිලා තියෙනවද.. ඒ වෘතාන්තයේ ඉන්න සොඳුරු චරිතයක් ඇතුලෙ අපි නොදැනුවත්වම ජීවත් වෙන්න පටන් ගන්න බව...ඒ චරිතයට දැනෙන හැඟීම් අපටත් දැනෙන්න පටන් ගන්න බව....
ඉතාම හැඟීම්බර පොතක් කියවලා...දුක හිතෙන චිත්‍රපටයක් බලලා..වෙලාවකට අපි අඬන්නෙ ඒ හින්දයි...අපේ හදවතේ ජීවත් වෙන චරිතයට කරදරයක් නරකක් වෙනකොට අපිත් බයෙන් වෙව්ලන්නෙ ඒ නිසයි.....අන්තිමේදි හැමදේම හරියන බව දැන දැනත් අපි අඬනවා...බය වෙනවා....
අහපු,දැකපු,කියවපු බලපු කතන්දර වලින් කීපයක් හැරෙන්න අනික් ඔක්කොමගෙම වගේ...සභා තොමෝ සතුටින් විසිර ගිය බව ඔයාලට මතකද...??
හරි....ඉතින් ඔයාලගෙ ජීවිත කතන්දරේ...එහෙම නැත්තම් ඔයාලගෙ හිතවතුන්ගෙ ජීවිතත් එහෙමද හැබෑටම....???
අවංකවම කියනවනම්...මංචිගෙ ජීවිත කතාවනම් අද වෙනකල් ඔහොම හැපි එන්ඩින්ස් තිබ්බෙ බොහොම අතලොස්සයි...එහෙම සතුටින් නිමා වුණාය කියන්න පුලුවන් මකුළු පැංචිගෙ පෙම් පුරාවතෙත් පොඩි දුකක්,පසුතැවිල්ලක් ඉතිරි නොවුණාම නොවන බව මතකනෙ....
ඒ වගේම ජීවිතයක....පැය දෙකකින් තියා අවුරුදු ගනාවකින් වත් ''දි එන්ඩ්''කියලා නිමා කරන්න පුලුවන් කතා තියෙනවනම් කොච්චර හොඳද... ඒත් ඇත්තෙන්ම එහෙම නෑ නේ....නිමි වුවද නිමක් නැති කතා මිසක... අන්තිමේදි මේ හැම දෙයක්ම දාලා යනකොටවත් අපේ ජීවිතේ නිමි වුණු කතන්දර එකක් දෙකක් වත් තියේවිද කියලත් සැක හිතෙනවා...
එදිනෙදා ජීවිතෙන් මොහොතකට බැහැර වෙලා සුන්දරත්වය හොයාගෙන පිටු අතරින් කොච්චර දුර ගියත්...හදිස්සියෙම මංචිට හිතුණා මේ හැමදේම මායාවක් නේද කියලත්...නවකතාවල ඉන්න පරිපූර්ණ චරිත වෙන්න අපට පුලුවනිද...?? ඒ තරම් දයාබර පෙම්වතුන්,පෙම්වතියන් ඇත්තෙන්ම මේ ලෝකේ ඉන්නවද...?? ජීවිතේ පහලම තැනිනුත් පහලට වැටෙන්න ඔන්න මෙන්න ඉන්න වෙලාවක දෙවි දේවතාවුන් වගේ මිනිස්සු ඉබේ පහල වෙනවද...??.....
එහෙම වෙන්නෙ නෑ නේද..??දැන් කෙනෙක් කියාවී එහෙම නොවෙන නිසා තමයි...අපි පොත් පත් කියවන්නෙ...චිත්‍රපට බලන්නෙ කියලා....ජීවිතේ තියෙන කටුක යතාර්ථයෙන් මොහොතක් මිදෙන්න ඒ දේවල් ඇතුලෙ ජීවත් වෙන එකේ නම් කිසිම වරදක් නෑ තමයි...
ඒත් පුදුමෙකට වගේ සමහරුන් ඒ මායාව ඇතුලෙම ජීවත් වෙන්න උත්සහ කරනවා...ඇත්තෙන්ම අපට මුලු ජීවිතේම පොතක් ඇතුලෙ...රුපරාමු පෙළක් ඇතුලෙ ගතකරන්න පුලුවනිද යාලුවනේ...??
ඉතින් එහෙම මවාගත්තු ලෝකයෙන් දවසක එළියට බහින්න සිද්ධ වුණොත්....මංචිට දැනුනා වගේ කළකිරීමක්,දුකක්.......ඔයාලටත් දැනෙන එකක් නැද්ද,...???
මට කියන්න තියෙන්නේ මංචි , මේ ලෝකේ අපි හිතන තරම් සොදුරු නැහැ කියන එකයි..ඒක මම මේ දවස්වල හොදට අත්දකිමින් ඉන්නවා..
ReplyDeleteඔ්ක ඉතිං මෙහෙමයි!
ReplyDeleteලෝකෙ සොඳුරුද නැද්ද මන්ද!
ලොකෙට එක එක ගති ලක්ෂණ තියනවනෙ!
එ්ව සොඳුරු වෙන්නතු පුලුවන් අඳුරු වෙන්නත් පුලුවන්!
එ් වගේම කෙනෙක් ට සොඳුරු එක තව කෙනෙක් ට අඳුරු වෙන්නතු පුලුවන්!
දැං පොඩි උදාහරණයක් විදියට....... පොඩි එකා ලොකු එකාට යටයි කියන එක ලොකෙ හැටියක් නෙ! එ්ක පොඩි එකාට අඳුරුයි ලොකු එකාට සොඳුරුයි! :D
මොනා උනත් ඉතිං මට නං ලෝකෙ අඳුරුයි! :D
අපිට සැබෑ ලෝකෙදි නොලැබෙන ගොඩක් දේවල් ඒ කතන්දරවල තියන හින්දා තමා අපි ඒ වගේ හැපී එන්ඩින් තියන කතන්දරවලට කැමති .........
ReplyDeleteජීවිතෙත් ඒ වගේ ලස්සන හැපී එන්ඩින් එකක් තියන කතන්දරයක් කරගන්න තියනවා නං .......
ඊයේ ඔයවගේ හැපී එන්ඩින් එකක් නොතිබුනත් ඇස් දෙකට කඳුලු එන කතාවක් බැලුවා බයිස්කෝප් අඩවියෙන් අරගෙන Madrasapattinam (2010) | නොමියෙන ප්‍රේමය… ඔයා බැලුවෙ නැත්නම් බලන්න නංගී ....
අපොයි ඔව්..හැම දේම අපි හිතන විදිහටම වෙනවානම් මක් කරන්න බැරිද??
ReplyDeleteහැපී එන්ඩින් එකක් නැහැ කියන්නෙ කොහොමත් ඇස් දෙකට කඳුලු එනවනේ ....
ReplyDeleteඅනේ මන්දා.....හැමදේම අපිට ඕන විදියට වෙනවනම් මන් හිතන්නේ මේ ලෝකේ පැවැත්මකුත් නැ නේද.....?
ReplyDeleteහැමදේම අපි හිතන පතන විදියටම සිද්ද උනොත් කාලයත් එක්ක ඒකත් හරිම ඒකකාරී වෙලා අපටම එපා වෙලා යයි නේද...?
ReplyDeleteඔය වසිලිස්සව නම් මතක් කරන්න එපා. මේ ලගදී දවසක තවපොඩ්ඩෙන් ගෙදරින් පන්නනවා මාව....!
ReplyDeleteමගේ ජීවිතේ එන්ඩින් එක හැපී වෙයිද නැද්ද කියන්න මම තාම දන්නේ නෑ.. ඒත් මේ වෙනකම් ලබපු අත්දැකීම් නම් හැපී එන්ඩින් නෙමෙයි කියලා ඔයා දන්නවනේ..
ReplyDeleteහැපී එන්ඩින් වලටනම් මමත් කැමතියි...ඒත් හැපී නැති එන්ඩින් වලත් එක්තරා රසයක් තියනවා..."විරහ රසය" කියල කියන්නේ ඇයි කියල දන්නවද? විරහව විඳීමත් එක්තරා රසයක් නිසා....එහෙම අත්දැකීම් තියන අය ම කියල තියනවා ඒකෙත් අමුතුම රසයක් තියනවලු :D..ඉතින් දුක, සතුට මේ හැම දේම රසවත්...ඒ හැම දේම නිසා තමයි අපේ ජීවිත සුන්දර වෙන්නේ...
ReplyDeleteLife is sweet and salty :))
මෙහෙමනේ බබා, ගොඩක් මිනිස්සු ජීවිත කාලය පුරාම දුක් විඳින්න කමති නෑ. ගොඩාක් දුක් විඳින මිනිස්සු බලාගෙන ඉන්නේ කොයි වෙලේක හරි එයාලටත් සතුටක් ලැබෙයි කියලා. ඒ බලාපොරොත්තුව තමා එයාලව ජීවත් කරවන්නේ.
ReplyDeleteඔන්න මම නම් කොයි කතාවට උනත් කැමතියි. දෙමල පත්තරේ උනත් කියවනවා.
හ්ම්ම්ම්ම්හ්! සෑහෙන බොන්න වෙන ප්‍රශ්ණයක් නිසා බීපු වෙලාවක කල්පනා කරලා බලන්නම්. හික්ස්.
ReplyDeletehenryblogwalker the Dude
හෑ.... මම් දාපු කමෙන්ට් එකට මොකද බොලේ උනේ.
ReplyDeleteඇත්ත, අපි ජීවිත කාලේ පුරාවටම කරන්නේ අපි ආස දේවල් ලබාගන්න උත්සාහ කරන එක. පොඩි කාලේ තරම් සුන්දර ලෝකයක් අපි ලොකු වෙනකොට අපිට ලබෙන්නේ නැති වෙන්නේ අපේ ආසාවන් එන්න එන්නම සංකීර්ණ වෙන නිසා. ඉස්සර සින්ඩරෙල්ලගේ ලෝකේ, ඇලිස්ගේ විස්මලන්තේ, වසීලිස්සා, බාබායිගා යකින්න, ඉවාන් කුමාරයා, රන් කෙඳි අශ්වයගේ ලෝකේ ජීවත් වුන අපි ඒ වගේ ආශ්චර්යන් අපේ ජීවිත කාලේ පුරාවටම බලාපොරොත්තු වෙනවා. ඒ දේ නොලැබෙන බව දන්නවා වුනත් අපි හීන මවනවා. අදටත් මම වුනත් එහෙමයි.
ReplyDeleteමගේ ජීවිතෙත් කවදාවත්ම දැනට නම් හැපි එන්ඩින්ග්ස් ලැබිලා නෑ අක්ක, හැම එකකම සතුටුදායක ආරම්භයක් තිබුනත් හැපි එන්ඩින්ග් එකක් නම් මට ලැබිලා නෑ. හැබැයි මම එක දෙයක් තදින්ම විස්වාස කරනවා, අපේ ජීවිත කථාවත් එක්තරා විදියක සුරංගනා කථාවක් තමයි, අපිටම විශේශ වුන එක එක සිදුවීම් නිසා ඒක අනිත් අයගේ ජීවිත කථාවලින් වෙනස් එකක් වෙලා තියෙනවා. සමහරවිට අපි ඒ ගැන හිතන විදිය නිසා වෙන්න පුළුවන්. කොහොම වුනත් මම නම් හිතන්නේ දුක සතුට දෙකම අපේ ජීවිතේට ලැබෙන්න ඕනේ..
ඒ වගේම අපි අපේම හීන ලෝකයක් මවාගෙන හිටියට කිසිම වැරැද්දක් නෑ කියලයි මම හිතන්නේ. මොකද හීන වලින් ටිකක් හරි අන්තිමේ සැබෑ වෙන්න පුළුවන්. මම මූණු පොතේ ඊයේ දාපු ස්ටේටස් එකක මම මෙහෙම කියලා තියෙනවා, බලන්න මේ කථාව කොයි තරම් දුරට ඇත්තක් වෙන්න පුළුවන්ද කියලා..
keep on dreaming, because no one can stop you from dreaming. and someday, someway some of those dreams may become a reality.
:)
නියමයි මංචි.. මාත් කියන්නෙ i hate happy endings කියලා තමයි.. ඔයා ඒක ගොඩක් ලස්සනට පැහැදිලි කරලා තියනවා.
ReplyDeleteඅක්කා එන්ඩින් එකක් කියන්නේ බිගිනින් එකක්.....ඒක හින්දා අපිට කවදවත් අවසානයක් හෝ ආරම්භයක් හොයන්න බෑ....
ReplyDeleteඋපේක්ෂා සහගතව ජීවත් වෙනව නම් ඔක්කෝම හරි කියලා තමා මම හිතන්නේ......
මිනිස්සු සැබැ ලොකේ සැබැවටම ගොඩක් වෙලාවට අඩනවා. ඉතින් සැබැවක් නොව්නත් කතාවකදි හරි සොදුරු අවසානකදි මිනිස්සු සතුතුටු වෙවි.. නාට්ටි, ෆිල්ම් වගේ දෙවල් තියෙන්නේ සැබැ ලොකේ හෙම්බත් උන මිනිස්සුන්ට විදින්ට මිස එකෙනුත් විදවන්ට නෙමේ. ඒ සමගම සමාජෙට යම්කිසි පනිවිඩෙකුත් එක් කරන්ට,, කලාව කියන දේ මිනිස් සමජෙට එකතු උනේ ඔය දෙට කියලයි හිතන්නේ.
ReplyDeleteඔහ් හැපී එන්ඩින්ග්zzzz. හි හි ඔය කවුරු මොනා කිව්වත් I love හැපී එන්ඩින්ග්zzzzz කියල තමා කියන්න තියෙන්නේ :D නිකම් හිත රවට්ටගන්නේ මොකටද අෆ්ෆා :D
ReplyDeleteහැපී එන්ඩිං කියලා කිවුවත්.. ඒක සාපේක්ෂයි නොවැ.. සැබෑ ලෝකෙදි සමහරු හොඳටම් හොඳයි, සමහරු මධ්‍යස්ථයි, සමහරු හොඳටම නරකයි.. ඒ ඒ අයට මේ අවසානය දැනෙන්නේ එක එක විදිහට..
ReplyDeleteමං නං කැමති යථාර්තවාදී අවසානයකට...
මගේ ජීවිතේ ගත්තොත් මගේ පැත්තෙන් හැපී එන්ඩිංස් වැඩියි.. හැබැයි අනිත් අයට කොහොම දැනුණාද දන්නේ නෑ...
කොහොම වුණත් පොඩ්ඩක් හිත හොල්ලපු සටහනක්..
හැපි එන්ඩින්ග් නොවුනත් කමක් නෑ ගුඩ් එන්ඩින්ග් එකක් නම්!!
ReplyDeleteමන්චි.. ඔය හරියටම හරි.. ටක්කෙටම කියල තියනවා.. හරිම අපූරුවට.. මටනම් මේකද කොහෙද මන්චිගේ හොඳම පොස්ට් එක
ReplyDelete@ChammA :
ReplyDeleteමාත් කිව්වෙ මගේ අත්දැකිම් වල හැටියට තමා චම්මො... :))
@තනි අලියා :
ලොකු පොඩි කම් වලට වෙනස් කරගන්න බැරි දේවලුත් ලෝකේ කොයිතරම් තියෙනවද තනි අලියො...
@පන්සල් හංදිය :
සමහර චිත්‍රපට වල හැපි එන්ඩින්ම නොවන ඒත් සාධාරණ අවසානයක් තියෙනව නම් තමා.. :)) මම බලල නම් නෑ..බලන්න ඕනේ හොයාගෙන
@නිසුපා :
ReplyDeleteඒක නේන්නම්... :))
@පන්සල් හංදිය :
සමහර හැපි එන්ඩින්ග්ස් වලටත් කඳුලු එනවනෙ නේද.. ?? :D
@සිතුවිලි නිහඬයි :
ඔව් සිනී..ලෝකයත් හරියට නෙල්ලි ගෙඩියක් වුනාම තමා රස.. ඒත් ජීවිතෙන් ඒ රස තේරුම් නොගෙන අපි සතුටම පිරුනු මනෝ ලෝකෙක එල්ලිලා ඉන්න එක හරියක් නෑ නේද..??
@Miyuru :
ReplyDeleteමියුරු මංචිගෙ වියමනට ආවෙ මුල්ම වතාවට නේද..?? සාදරයෙන් පිලිගන්නව ඔන්න.. :))
ඔව් යාලු ලෝකේ සතුටම විතරක් තිබ්බොත් ඒකෙත් අගයක් නැති වෙනවනෙ.. :))
@Prasanna :
හපෝච්චියේ එහෙමද...? හිකිස්.. :D
@Dinesh :
මං ඒ ගැන දන්නව අයියේ...ඉතින් කවුද දන්නෙ අපේ ජීවිත වල හැපිම එන්ඩින්ග්ස් තියේවිද කියලා.. :))
@සයුරි :
ReplyDeleteහෙහ් හෙහ්..මමනං ආසම රසය ඕක තමා..කවියක් ලිව්වත් වැඩියම ලස්සන විරහව ගැන ලීවමයි.. :)
@මධුරංග :
සතුටක් ලබන්න කැමති වුණාට ඒක මවාගෙන හරි යන්නෑනෙ.. :D
දෙමළ පත්තරේ බලන්නෙ පින්තූර විතරක් වෙන්නැති නේද..??
@Dude :
නිවී සැනසිල්ලෙ හිතල බලන්නකො එහෙනම් dude... :)
@මධුරංග :
ReplyDeleteඅයියේ...ඔයාගෙ කොමෙන්ට් එක ස්පෑම් වෙලා තිබ්බා..ඒත් මං ඒක පෝස්ට් කළා ඔන්න... :))
@ප්‍රාර්ථනා :
හ්ම්ම්ම්..ඔයාගෙ කතාවත් හරි... :))
මටත් සුරංගනා කතාවක් තිබ්බොත් කොච්චර හොඳද.. :))
@හංසි :
තෑන්ක්ස් හංසියෝ...
@මකුළුවා..... :
ReplyDeleteඒක හරි උපේක්ශා සහගත් වීම තමා හොඳම දේ..
@පිස්සු පුසා :
අනේ වරදක් හිතන්ඩ එපාපිස්සු පූසෝ..මම මේ කියන්නෙ රසවිඳින්න එපා කියලා නෙවෙයි..ඒකේ හිරවෙලා ඉන්න එපා කියලයි..
@ජේ.ඩී :
මාත් එදා පොඩි අස්පට් එකකට එහෙම දැම්මා මිසක්...හැපි එන්ඩින්ග්ස් වලට අකමැති නෙවෙයි.. :D
@Chathura Wijekoon|චතුර විජේකෝන් :
ReplyDeleteජීවිතේ හැපි එන්ඩින්ග්ස් ගොඩාක් තියෙන කෙනෙක් දකින්න ලැබුනෙකත් සතුටක්.. :)
@Sabith :
ඔව්ව්...හොඳ අවසානයක් තියෙනවනම් එච්චරයි... :))
@ක්සැන්ඩර් | Xander :
බොහොම ස්තූතියි ක්සෑන්ඩර්.. :)))
මන්චියෝ මං මෙහෙම කියන්නම් අපි අතලොස්සකට තමා හැපී එන්ඩින් තියෙන්නේ. එක මේ පොලවේ පය ගහල ඉන්න උබල අපි වගේ යට විතරයි තේරෙන්නේ අන්න එතැනදී තමා හිනා ලෝක වල ඉන්න අය අපිත් එක්ක රණ්ඩුවට එන්නේ යථාර්තවාදී ජීවිතය කියන්නේ දුකක්, කදුලක් වගේම ලොකු ගේමක්
ReplyDeleteඒ කතාවනම් ඇත්තම තමයි දුශ්... :(
Deleteජීවිතයේ හැම අතුරු කතාවකටම සුඛාන්තයක් නැතත්, ජීවිතය කියන සම්පූර්ණ කතාවට සුඛාන්තයක් හදාගත යුතුමයි. එහෙම නොවේද මකුළු පැංචියේ. ආන්න එදාට අවංකවම සතුටු වෙතෑකි....
ReplyDeleteඒක එහෙම වේවිද කියලා කොහොමද විශ්වාසයෙන්ම කියන්නෙ පොඩිමහත්තයෝ... :O
Delete