ජීවිත වියමනේ..වියු රටා එකින් එක........

පොතේ හැටියට සෙට් වෙන්න.......

     

     ඔන්න අද මංචි ලියන්න යන්නෙ සෑහෙන වෙරි වෙන මාතෘකාවක් ගැනයි..   අපේ සහෝදරයින්ට නං මේක බොහොම වැදගත් වේවි..ඒ වගේම සහෝදරියන්ට වුණත් ඒක වැදගත් වෙන්නත් පුලුවනි..

     ආහ්හ්හ් ඒක කීවමනෙ මතක් වුනේ...අපේ පිණිබිඳුගෙ බේබදු පෝස්ට් එක දැකලා තමා මංචිටත් මේ මෝස්ට් එක ලියන්ඩ ආසාවක් පහල වුණේ...   ඔය එදා ඉඳන් ටික ටික ලිව්වට අද තමා මේක පෝට්ස් කොරන්න ඕනය කියල හිතුණේ...මොකද මංචි මේ දවස් වල ඉන්නෙ සෑහෙන බොන්න වෙන වැඩ කටයුතු රාශියක හිර වෙලා නිසා...අලුතින් ලිය ලියා ඉන්න වෙලාවකුත් නැහැනෙ..


     මත්පැන් පානය නම් බොහොම අහිතකර වැඩක්..ඒත් ඉතින්..බොන එකා බොනවමනෙ..ඒ නිසා අඩුම ගාණේ බොන එක උනත් පිළිවෙලකට බොන්න එපායැ නේද...?? ඒ වුණාට ඉතින් අපේ ගොඩක් යාලුවන්ගෙ පුරුද්ද නම් ඔය අහු වෙන එකකට මත්වෙන ජාතිය නවාගෙන..ඒක කටට හලාගන්න එකනෙ ඉතින්.  ඒ හැරුණාම තරු පහේ හෝටල් වල ඇරෙන්න අනික් හෝටල් වල වුණත් නියම මත්පැන් වර්ගෙ අදාල වීදුරුවෙන්ම සංග්‍රහ කෙරෙන්නෙත් කළාතුරකින්නෙ නේද..?? 


ඒ වුණාට වසීලීස්සගෙ රටේ නම් එහෙම වෙන්නෙ හරිම අඩුවෙන්...රුසියානුවො කොහොමත් බොන්න දක්ශයි කියලා අහල ඇති නොවැ...හැබැයි මංචි නම් ඒ පුරුද්දටත් වඩා දැක්ක සුන්දරත්වය තමා බොන දේ වුණත්  ලස්සනට පිළිවෙලට බොන එක...


     වසීලීස්සගෙ රටේ හැම ගෙදරකම වගේ මොන දේ නැතත් කෑම මේසයට අවශ්‍ය හැදී ගෑරැප්පු කට්ටලයක් එක්ක අදාල වීදුරු භාණ්ඩ කට්ටලයකුත් තියෙනවම තමයි... 


     ඉතින් දැන් ඔය වැල්වටාරම මදැයි..හරි කවුරුත් වගේ දන්න ''වයින්'' වලින්ම පටන් ගන්නම්කො...වයින් ජාති දෙකක් තියෙනවනෙ...''රෙඩ් වයින්'' සහ ''වයිට් වයින්''...මේ ජාති දෙක බොන වීදුරු වල ලොකු වෙනසක් නැතත්..කෑම මේසයට තියද්දිනම්..වීදුරු දෙක වෙන වෙනම අඳුනගන්න පුලුවන් විදිහට තියෙන්න ඕනේ..
Red Wine Glass
(Average Size-270-415ml)

       සාමාන්‍යයෙන් "රෙඩ් වයින්" බොන්නෙ මෙන්න මේ වගේ උස නටුවක් තියෙන බඳ ලස්සනට ගෝලාකාර හැඩයක් තියෙන වීදුරුවකටයි......


     එතකොට "වයිට් වයින්" බොන්නෙ මේ පහල තියෙන ජාතියෙ  වීදුරුවලින්..බැලූ බැල්මට වීදුරු දෙකේ වෙනසක් නම් නැහැ තමයි...ඒ වුණත් සම්මතයෙ හැටියටනම් රෙඩ් වයින් වීදුරුවෙ කට ටිකක් විවෘතයි..ඒ වගේම බඳත් වැඩියෙන් ගෝලාකාරයි.. වයිට් වයින් වීදුරුව සාපේක්ශව ටිකක් කෙට්ටුයි..කුඩායි..
White Wine Glass
(Average size-240ml)



     ඒ වගේම දන්නවද ඇයි මේ වීදුරු වල නටුවක් වගේ කොටසක් පිහිටලා තියෙන්නෙ කියලා...??   ඒකට හේතුව තමයි වයින් කියන්නෙ පොඩි උශ්ණත්ව වෙනසකිනුත්(අපේ අතේ උණුසුමට පවා) රසය සහ ගුණාත්මක බව වෙනස් වෙන්න පුලුවන් පානයන් වීම..   ඒ නිසා කොයිම වෙලාවකවත් වයින් වීදුරුවක නටුවෙන් මිසක බඳෙන් අල්ලන එක සුදුසු නැහැ..ඒ වගේම වයින් වීදුරුව සම්පූර්ණයෙන්ම පුරවන්නෙ නෑ..පේනවනෙ ඔය වීදුරු දෙකේම තියෙන හැටි..එහෙම වුණාම වයින් වාශ්පීකරණය වෙලා අර වීදුරුවෙ ඉහල කොටසෙ රැඳීම නිසා බොන කෙනාට රසට අමතරව හොඳ සුවඳකුත් දැනෙන නිසා ඉහල තෘප්තියක් ලැබෙනවලු... 

Sherry Glass
(Average Size - 120-180ml)
     මීට අමතරව 'ෂෙරි' (sherry) කියන වයින් කුලයේම මත්පැන් පිළිගන්වන්නන්නෙ...සාමාන්‍ය වයින් වීදුරුවක තරම් දිගු නැති මධ්‍යම ප්‍රමානයට දිග නටුවක් තියෙන..ගැඹුරින් වැඩි වීදුරුවකටයි..
Brandy Glass




     ඊලඟට තමා බ්‍රැන්ඩි වීදුරුව... ඒකෙත් තියෙන්නෙ නටුවක පිහිටපු ගෝලාකාර බඳක්...ඒ වුණත් මේ වීදුරුවෙ නටුව ඉතාම කෙටියි...වීදුරුව අල්ලන්න වෙන්නෙත් වීදුරුවෙ නටුව වටේ ඇඟිලි යවන ගමන් බඳ වටේට අත්ලෙන් තද කරගන්න විදිහටයි.. 


Whisky Glass
     ඒ වගේම ''විස්කි '' කියන මත්පැන් වර්ගය බොන්න භාවිතා කරන්නෙ කොට මහත වීදුරුවක්..ඒ වගේම සමහරු ගමන් බිමන් යද්දි පොඩි කොටු හැඩැති බෝතලයකට විස්කි බොන එකත් සිරිතක්..(මතකනෙ ඔය නිතරම සාක්කුවෙ දාගෙන ඉන්නෙ... හිකිස්...)  


     හරි...ඊලඟට එන්නෙ..ෂැම්පේන් වීදුරුව..වීදුරුව ගැන කියන්න කලියෙන්ම කියන්න එපායෑ...ෂැම්පේන් බෝතලයක් කඩන හැටි ගැන..සාමාන්‍යයෙන් නම් සතුටක් සමරන්න තමයි ෂැම්පේන් බොන්නෙ..ඒක වෙරි වෙන්න බොන මත්පැන් ජාතියක් එහෙම නෙවෙයි..ඕං... 
Champagne Glass
     
ෂැම්පේන් බෝතලේ කඩන්න බෝතලේම සවි කරපු කොක්කක් වගේ එකක් එනවා...ඒක දැඩිව ඇදලා ඇරෙද්දිම බෝතලේ කටට ඇඟිල්ල තියන්න ඕනේ..එතකොට තමයි වැඩි ෂැම්පේන් ප්‍රමාණයක් ඉහිරෙන්නෙත් නැතුව ගොඩක් දුරකට පෙණ විසිරෙන විදිහට ලස්සනට කඩාගන්න පුළුවන් වෙන්නෙ.. 


     එහෙම කඩාගත්තු ෂැම්පේන් එක බොන්නෙ කනපිට හරවපු කේතුවක් වගේ බඳක් තියෙන දිග නටුවකුත් තියෙන පැහැදිලි වීදුරු වලින් හදාපු වීදුරුවකින්.. 


Vodka Glasses
     ඔන්න ඊලඟට කියන්න යන්නෙ වසීලීස්සගෙ රටේ අය බොහොම ආඩම්බර වෙන "වොඩ්කා'' ගැන..දන්නවනෙ රුසියාව වොඩ්කා වලට ප්‍රසිද්ධ බව....ඉතින් වොඩ්කා බොන්නෙත් විශේෂ වීදුරු වර්ගයකින්.අනික් මත් පැන් වර්ග වගේ නෙවෙයි..වොඩ්කා බොන්නෙ ටික ටික.. ඒ නිසාම ඒ සඳහා යොදාගන්නෙත් පුංචි පුංචි වීදුරු..මේවා හඳුන්වන්නෙ ''ශොට් ග්ලාසස්'' කියලයි..එක වරකට බොන්න සෙට් වෙන හැමෝගෙම වීදුරු පුරවලා..එක හුස්මට ශොට් එකම බොන එක තමා සිරිත.. 
Beer Mug


     නෑ නෑ..තවම ඉවර නෑ...තව මත්පැන් ජාති මොනතරම්ද..?? අහල ඇතිනෙ ''බියර්'' ගැන..ඔව් ඔව් අර සමහර අයියලා ඉස්කෝලේ බිග් මැච් වලටත් හංගගෙන ගෙනියපුවා තමයි...ඒවා අපේ අය බෝතල් පිටින් බිව්වට..ශිෂ්ට විදිහට බොනවනම් බොන්නෙ ''බියර් මග්" එකකින්... ඒක ඔය අපි තේ බොන මග් එකක් වාගෙම අඬුවක් තියෙන..ඊට වඩා ප්‍රමාණයෙන් ලොකු කෝප්පයක්..... 

Martini Glass
     ඊලඟට එන්නෙ "මාටිනී" කියම මත්පැන් වර්ගය... මේ පානය නම් මධ්‍යසාර සහා විවිධ පළතුරු යුෂත් මිශ්‍ර පානයක්.. මේක කාන්තාවන්ටත් පිළිගන්වන්න සුදුසුයිලූ.. ඒ වගේම පිළිගන්වන්නෙත් හරිම සිත්ගන්නා සුළු වීදුරුවකටයි..අනික් මත්පැන් සඳහා යොදාගන්න වීදුරු වගේ නෙවෙයි..මාටිනී වීදුරු විවිධ වර්ණ වලිනුත් සුලභයි..හීනී දිග නටුවත්..විශාල කටක් සහිත කෝණාකාර බඳත් සහිත මේ වීදුරුව ලේසියෙන්ම අඳුනගන්නත් පුලුවනි.. :) 
Magarita (Tequila) Glass

     අන්තිමටම කියන්න යන්නේ "ටකීලා" කියන මත්පැන් වර්ගය ගැන..මේ මත්පැන් වර්ගයත් පිලිගන්වන්නෙ අමුතුම හැඩයක් තියෙන ''මගරීටා ග්ලාස්'' කියන වීදුරුවකිනුයි... එහෙමත් නැත්නම් වොඩ්කා වීදුරුවකට වඩා මදක් විශාල ඝණකම් පතුලක් තියෙන වීදුරු වර්ගයකුත් මේ සඳහා යොදාගන්නවා... 
Tequila Glasses
     හ්ම්ම්....ඔන්න ඔහොම තමා පොතේ හැටියට බොන්න කැමති අයට..එක එක මත්පැන් වර්ග පානයේදී යොදාගන්න පුලුවන් වීදුරු ගැන විස්තරේ..ඔක්කොම වීදුරු සෙට් එකම බලාගන්න ආසනම් මෙතනින් ගියහම පුළුවනි... 
     දැන් ඉතින් වීදුරු ගැන කියාදුන්නය කියලා හිතනව එහෙම නෙවෙයි මංචි බේබද්දොන්ට ෆුල් සපෝට්ය කියලා.. ඕක කියාදුන්නෙ ඉතින් ඕවා බීලා ඉක්මනටම පරලොව යන එකේ මෙලොවදිවත් පිළිවෙලකට ඉන්නෙක වටින නිසයි...හිකිස්....

     ඇයි ඉතින්...ඔය මොන වීදුරුවෙන් උජාරුවට බිව්වත් ඉතින් යන්නෙ බඩටමනෙ..හානි වෙන්නෙත් අපටමනෙ..මොකෝ වීදුරුවකින් බිව්වය...පොල්කට්ටකින් බිව්වය කියලා අපේ ශෛල මත්පැන් වලට ප්‍රතිචාර දක්වන විදිහ වෙනස් කොරනවා කියලයෑ....  

    ඒ නිසා ඔය මොන ජාතිය වුණත් බොන්න හිතාගෙන ඉන්නවනම් ඉතින්...ඉක්මනටම පර ලෝකෙට වීසා ගන්න බලාගෙනම...ලස්සන වීදුරුවකට දාගෙන බොන්න හොඳේ..  
 



40 comments:

  1. මෙහේ නම් බොන්න ඕන එකා බොන්න වීදුරු හොය හොයා ඉන්නේ නෑ. ඔහේ ගහලා දානවා.

    අපි ඉතින් කරන්නේ කඩෙන් ගේන ප්ලාස්ටික් කෝප්ප වලට හලාගන්න එක.
    මරු පෝස්ට් එක. අර රෙඩ් වයින් වලට කොෆි කේක් කෑල්ලකුත් තිබ්බා නම් තමා මරු !!!

    ReplyDelete
  2. ඔය විදිහට වීදුරු හොයාගෙන බොන්න හිටියොත් කවදාවත් බොන්න වෙන්නේ නැහැ ඒක නිසා අපි නම් නිතරම බොන්නේ ඕනම කඩේක විකුනන්න තියෙන ප්ලාස්ටික් කෝප්ප වල තමයි. :-D

    ReplyDelete
  3. මෙහේ අය ඉතින් ඕන විදියකට ඔය ඕන එකක් බොනවනේ...හිකිස්‌..බොන විදිය අදාළ නැහැනේ මෙහේ අයට ;)

    ReplyDelete
  4. බීම පැත්තක තියලා වීදුරු ටික බොන්න හිතෙනවා.
    මාර ගති මන්චි.

    බීම ගැන කියවන්න ලැබුන වැදගත්ම පෝසට් එක මේකද කොහෙද...

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. ලස්සන ලිපියක්! :) මේ විශය ගැන සෑහෙන අධ්‍යනය කරල තියන බව පේනව! ;) :P

    ReplyDelete
  7. මොකද Tequila එක්ක ලුණුයි..දෙහියි දෙන්නෙ..........

    ReplyDelete
  8. නියමයි නෙ හලෝ....ලස්සන වීදුරු ටික.
    ලස්සනම හැබැයි මාටිනි වීදුරුව.
    වැදගත් ලිපියක්.වීදුරුවත් අදුරගෙන ඉන්න එක හොදයි නෙ.

    ReplyDelete
  9. @මධුරංග :
    ඒහෙනං ඉතින් ඔය වගේ ලස්සන වීදුරුවක බීලා බලන්නකො දවසක....වෙනසකටත් එක්ක...

    @ ම :
    ඉතින් බොන්න නොවෙන තරමටනෙ හොඳ,,,හිකිස්.. :D

    @ChammA :
    හිකිස්සේකනේ ඉතාම ඉහල මත්පැන් සාන්ද්‍රණ තියෙන එව්වත් ගැලුම් ගනං බීගෙන යකා නටන්නෙ නේදෑ... :P

    ReplyDelete
  10. @ගෝල්ඩ්fish :
    හපෝ වීදුරු නං බොන්න හිතන්නවත් එපා.. :D තැන්කූ මාලුවෝ..පෝස්ට් එක ආසාවෙන් කියෙව්වට.. මාලුවොත් බීලා වෙරි වෙනවැයි??

    @තනි අලියා :
    ඔව් ඔව්..මම හුඟක් ''නිරීක්ශනයට'' හුරු වුණු කෙනෙක්නෙ..ඒ නිසා ඕවා හොඳට දන්නවා.. :D

    @හරී :
    එහෙම ලුණුයි,සිට්‍රස් සහිත ද්‍රාවනයකුයි එක්ක ටකීලා බොන්නේ ඒකේ තියෙන කට කාරවන ගතිය නොදැනෙන්නලු..අනික නිකම්ම නෙවෙයි ඒකටත් කලාවක් තියේ...මෙන්න මෙතනින් ගියොත් බලාගත්තැහැකි..

    ReplyDelete
  11. @නිසුපා :
    ආහ්...මේ සහෝදරියෙකුත් ඇවිත් ඉන්නේ... :D වීදුරු සෙට් එකම දැක්කම ආස හිතෙනවනම් තමයි.. :D

    ReplyDelete
  12. මම නම් ඉතිං ඔය බීම වල් ගැන වැඩිය දන්නෙ නෑ ;-) මම "දැකල තියෙන්නෙ" ටකිල බොන්නෙ ගොඩක් වෙලාවට ශොට් ග්ලාසස් වලම තමා.

    ReplyDelete
  13. කෝ සඳරු ලා රා බොන එක දාලා නැහැනෙ...

    ReplyDelete
  14. ආ මං ගානෙත් එකක්...

    රා...

    ශ්‍රී ලංකාව කියන රටේ ඉපැරණිම දේශීය පානයක්..මේක බොන්න ගන්නේ හොඳින් ශුද්ධ කරාපු තරමක් පැතලි හිල් නැති පඅත්තේ..(පිරිමි) පොල් කටුවක්... මෙයටත් ඔය කිව්ව ටකීලාද කොහේද එව්වට වගේ ලුණු කැටයක් සහ ගම්මිරිස් ඇටයක් ලබා දෙනවා...

    අනේ අර "ම" සහ "රංග" වගේ මොකුත් නොදන්න බබාලත් මේවා බලලා බොන්න පුරුදු වෙයිද මංදා...

    ReplyDelete
  15. පේනවද මේ බේබද්දො මදිවට බේබද්දියොත් ඇවිත් :D

    ReplyDelete
  16. මට නිකන් වෙරි වෙරි වගේ. අපිට නම් ඕවා වැඩි හරියක් දැක ගන්න තියෙන්නෙ ෆිල්ම් වලින්ම විතරයි. කොක්ටේල් ග්ලාස් ගැනත් ලියන්න.

    ReplyDelete
  17. මමනම් අමද්‍යප... නමුත් කියෙව්වා.. දැනගැනීම පිණිස...

    ReplyDelete
  18. ඔය ප්‍රධාන එව්ව විතරක් වෙන්න ඇතිනේ. තව නොදන්න එක එක එව්ව බොන්න නා නා ප්‍රකාර වීදුරු ඇති. අපිට නම් කෝක ගහන්නත් කියාපු භාණ්ඩෙ තමයි ප්ලාස්ටික් කප් එක. උත්තම පුරුෂයන්ට නම් ඒක ඕනත් නෑ. වෙන වෙන එව්වයෙ ගාවන්නෙ නැතිව කෙලින්ම බෝතලෙන් කටට!

    ReplyDelete
  19. @රංග - මගේ ලෝකය :
    අනේ ඔව්...රංග අයියනම් කටේ කිරි සුවඳවත් ගියේ නැති පොඩි එකානේ නේද තාම..ඔව් ටකීලා බොන වීදුරුත් ශොට් ග්ලාසස් වගේම තමයි...ඒත් ඊට වඩා ටිකක් ලොකුයි.. :D

    @මාරයාගේ හෝරාව :
    අම්මේ....මාරයියටත් අපරාදෙ කියන්නෙ මධ්‍යසාර බිංදුවක් හරි හැලුනු බ්ලොග් පෝස්ට් එකක්වත් වරදින්නෙ නෑ නේදෑ.. :D..මට පේන්නේ ලංකාව කියන රටේ දේශීය නිපැයුම ගැනත් පෝස්ට් එකක් ලියන්න වෙයි වගේ.. හිකිස්...

    @..ChAnDiKa.. :
    අනේ ඔන්න මම නං ඔය වීදුරු ඇඩ් දානව මිසක් අනං මනම් බොන ඒවට නම් නෑ.. :D

    ReplyDelete
  20. @පිණිබිඳු... :
    ඔයාගෙ පෝස්ට් එක කියවලා..වෙරි වෙලා තමා මටත් වෙරිමරගාතෙම මේ පෝස්ට් එක ලියන්න අදහස පහල වුණේ.. කොක්ටේල් ග්ලාසසුස් ගොඩක් වෙලාවට මාර්ටිනී වීදුරු වගේම තමා දන්න තරමින් නම්...ඇත්තෙන්ම මාටිනී කියන්නෙත් කොක්ටේල් ජාතියක්ම තමයි.. :D

    @Dinesh :
    මමත් අමධ්‍යප තමා...ඒත් ලිව්වා...කට්ටියගේ දැනුම පොතට.. :D

    @hare :-):
    අනිවා..අනික මේ වීදුරු බෙදිල්ල රටින් රටටත් වෙනස් වෙනවත් ඇති..හැබැයි ඉතින් ලංකාවෙ අයියලා ටිකනං මෙට්ටෙක තියන්නම බෑ...:D කොහොම කිව්වත්...එක්කො ප්ලාස්ටික් කෝප්පෙන්,නැත්තං පොල්කට්ටෙන,එහෙමත් නැත්තං බෝතලෙන්ම..හිකිස්.. :P

    ReplyDelete
  21. මෙහෙමනේ නංගි..මං දැන් මේ මගේ ලැප්ටොප් එකට පොඩි ගැජමැටික්ස් එකක් හයි කොරලා තියෙන්නේ...ඒකට දීලා උපදෙස් තියෙන්නේ මට අදාල වෙන දේවල් විතරක් තෝරලා දෙන්ට කියලා..කොහොම හරි මේකත් එහෙම ඒ ගැජමැටික්ස් එකෙන් තෝරපු එකක්... එහෙම නැතිව මං මේ අලක්කු හින්දා ආවා නෙවෙයි ඕං...

    ReplyDelete
  22. BUUUUUURRRRRRRRRRRR...PP!!
    henryblogwalker the Dude

    ReplyDelete
  23. @මාරයාගේ හෝරාව:
    හිකිස්...ගැජමැටික් එකත් මාරයියා වගේමද කොහෙදෝ...වෙරි වෙන එව්වමයි හොයන්නෙ.. :D

    @Dude :
    :D.... Oopzz

    ReplyDelete
  24. මට නං ඔය මොනා බොන්නත් වෙන්කරපු “ආසෝක“ වීදුරැවක් තිබුනා... මරු පොස්ට් එක...

    ReplyDelete
  25. ෂා මරු පෝස්ට් එක...එතකොට මංචි ගල්, පොල්, රා, මුල්ල පටස් එහෙම බොන්නේ මොනාගේ දාලද?

    ReplyDelete
  26. අඩේ මාර වැදගත් පෝස්ටුවක් මංචියො... මම නම් ඔය බීම ජාති වලට කැමතිම නෑ... ඔය වගේ කෝප්ප වල වතුර බොන්න බැරි නිසා පොඩ්ඩක් ගන්නව ;)

    @පිණිබිඳු: ඔන්න ලැබෙන්න තියෙන වයිට් වයින් එකට වීදුරු දැම්මම පිළිවෙලකට සෙට් කොරගන්...

    ReplyDelete
  27. ඉතිං බලන්ටකො අපේ රටෙත් ඔය වගේ හොඳ සිරිත් බාවිතා වෙනවනෙව. දැං ගල් අරක්කු බෝතලයක් ගත්තම තනියෙං බොන කොට බෝතලේ මූඩිය හෙම නැත්තං මුලු බෝතලේම ආදි වශයෙනුත් යාලුවන් සමග එක් වී පානය කොරන විට අහුමුලු වලින් හොයාගත්තු කෝප්ප හෝ එවැනි බදුනකුත් භාවිතා කරනවා. ඒකෙං මාරම ආශ්වාදයක් ලැබෙනවත්ලු. :P

    ReplyDelete
  28. ඔය ශොට්ස් වලට නම් මම මාර ආසයි, බොන්න එහෙම නෙවෙයි ඕං ඒක ගන්න වීදුරුවට, බොන විදියට එහෙම.. හී හී...

    ReplyDelete
  29. @බස්සා :
    ආහ්..බස්සොත් දැන් වැටෙන්න බොන හැඩයි.. :D

    @සයුරි :
    ඒවා බොන්නෙ පරිසර හිතකාමී බඳුන් වලින් නොවැ අක්කෙ.. :D අට මාරයියා මෙන්ශන් කොරලා තිබ්බෙ ඒ ගැනනෙ.. :P

    @ආහ්හ්හ්..හොව් අනේ අර කඩුව අතේ තියෙන නිසා යුද්ධ කරනවා වගේ වෙන්ටෑ... :P

    ReplyDelete
  30. @Prabhath Darshana :
    ඔව් ඔව්...ගොඩක් අය ගල් අරක්කු මූඩියෙන් බීලා මූඩි පාගගෙන හොඳ හොඳ අඩව් අල්ලන්නෙ ඔය නැද්ද.. හිකිස්..''ලූ'' කාරයෙන් ලිව්වෙ ඔය 'ආශ්වාදය' ප්‍රභාත් සහෝදරයට දැනිලාම නැති නිසා වෙන්නැති නේද..??

    @ප්‍රාර්ථනා :
    ඔව් ඔව්...ශොට් ග්ලාසස් වලින් බොනකොට එක හුස්මට බොන්න ඕනේ ඔක්කොම ටික.. :D

    ReplyDelete
  31. කොකා කෝලා බොන වීදුරු ගැනත් දැම්ම නම් තමයි ඉතින් අපට හොඳ... හික්ස්ස්.. මේවා ඉතින් කවදා පාවිච්ච් කොරන්නද අපි...

    ReplyDelete
  32. මංචි අපිට පොතේ හැටියට වැරදි කරන්න උගන්නනවා වගේ... කොහොම උනත් වැදගත් තොරතුරු ටිකක්.

    ReplyDelete
  33. @රවින් :
    මෙතනින් ගියොත් කොලා කෝලා වීදුරුවක් බලාගන්ට පුලුවනි.. :))

    @Red Riding Hood :
    තැන්කූ රෙඩ්... :D

    @හංසි :
    අනේ නෑ හංසියෝ...මං මේ ඉක්මනට පරලොව යන්න ඉන්න අයට මෙලොවදිවත් ටිකක් පිලිවෙලක් වෙන්ඩ උගන්නවවා.. හිකිස්.. :D

    ReplyDelete
  34. ශාහ් . . නියම පෝස්ට් එකක් නගේ . .

    ReplyDelete
  35. @දුකා :
    ආහ්හ්..දුකා අයියලටත් මේවා වැදගත් වේවි බාගෙවෙලාවට නේද... :D බොහොම ස්තූතියි අයියේ.. :)

    ReplyDelete
  36. මෙ මංචියො ලංකවට එන් නැද්ද ලගදි ... අලේ මංචියෙ ඉල්ලන ගනක් දෙන්නම් මට හොද වොඩ්කා බොතලයක් ගෙනත් දියන් හොදෙ ..... :D :D :D මටයි ගොල්ඩ් පිශ් අයියටයි සෙට් වෙලා ගසන්න පුලුවන් එතකොට ... වීදුරු නම් ගෙන්න කරදර වෙන්න එපා මංචියො අපි පොල් කට්ටක් සුද්ද කරලා ගන්නම් ... :D මට ඉක්මනට අර කිව්ව ලොකෙට වීසා ගහ ගන්න ඔනෙ මංචියො ... අහු උනොත් Blue, Black, gold, Red, Lable බොතල් ටිකක් ගෙනවටත් වරදක් නැ .. හික්zz .. :D

    ReplyDelete
  37. අප්පද බොල මාර විග්‍රහයක්නෙ .....
    පිස්සු හැදිලා ආයිත් හැදෙනවා ....
    එල නංගියා .....

    ReplyDelete
  38. @සිරි කොලුවා :
    හපෝ මම ඔය බොන ඒවට අනුබල දෙන්නෙ නෑ නේ...මං මේ කිව්වෙ වීදුරු ගැනනෙ...ඔන්න ඕනම නං වීදුරු සෙට් එකක් ගෙනත් දෙන්නං..ඔයාටයි ගෝල් ෆිස්ටයි දෙන්නටම ඇති වෙන්ඩ.. හිකිස්.. :D

    @පන්සල් හංදිය :
    තැන්ක්ස් අයියේ... :D එහෙම තමා අපි විග්‍රහයක් කලොත්..

    ReplyDelete
  39. ලංකාවේ නම් ඉතින් පොල් කට්ටෙන් පටන් අරගෙන තව තව භාජන දක්වාම මේක ව්‍යාප්ත වෙනවා. මොකක් වත් නැත්නම් බූලියකට හලාගෙන හරි බොන්න ලාංකිකයන් දක්ෂයි.

    කොහොම නමුත් හොඳ අවබෝධයක් හම්බුණා වීදුරු ගැන. මේ සැර ජාති පාවිච්චියක් නැතිවුණත් දැනගෙන ඉන්න එක වටිනවනේ :))

    ReplyDelete

ඔයාලගෙන් ලැබෙන අදහස් මකුළු පැංචිට ඇත්තෙන්ම ලොකුම ලොකු ශක්තියක්...ඒ නිසා වෙලාවක් තියෙනව නම් හිතෙන දේ ලියලම යන්න හොදේ... :))..අදහස් දක්වන්න නැවතුනේ නැතත්..කියවන්න වියමනට ගොඩ වැදුණු ඔයාල හැමෝටමත්..ගොඩාක් ස්තූතියි.. :))

Related Posts Plugin for WordPress, Blogger...