ජීවිත වියමනේ..වියු රටා එකින් එක........

නුඹ තුටින් නම්..............





සිනාවක් එක
   පතා ආවෙමි...
සිනා යායක්
  නුඹෙන් හමු වුණි..
සොඳුරු නුඹ හිත
    ලඟම සදහට....
සිනාසෙන්නට
  පෙරුම් පිරුවෙමි..


අනේ එනමුදු
නුඹේ සෙවනෙහි
විදින්නට මිස
නොවන්නට නිමි
එකම හසරැළි
   පියල්ලක්වත්...
මවෙත හිමි නැති
   බවම දුටුයෙමි...


නුඹට නොදැනෙන
  විලස වැලපෙමි..
කඳුලු නදියක්
   නෙතින් වැගිරුනි...
   බිඳුනු හදවත...
සමග ඒ ගඟ
පසට යට කොට
   ඉතින් නික්මෙමි...


මගේ කඳුලැලි
  සිසිල ලබමින්..
තවත් විකසිත
  නුඹේ හසරැළි..
නුඹට නොපෙනෙන
විලස විඳිමින්
මහද දැවි දැවි
   වුවද...සැනසෙමි...



෴මංචි෴





22 comments:

  1. මට මේ කවි ටිකෙන්ම හිතාගන්න පුලුවන් මංචි නංගි කොච්චර දුකකින්ද ඉන්නේ කියලා. දුක් වෙන්න එපා. හැමදේම හොඳින් විසදෙයි !!!!

    ReplyDelete
  2. දුකයි... ලස්සනයි..

    ReplyDelete
  3. ඒ ගමන මොකද වෙන්න යන්නෙ?
    henryblogwalker the Dude

    ReplyDelete
  4. ඒ පාර මොකද මේ. දුක හිතෙන කවි ටිකක්නෙ.

    ReplyDelete
  5. නුඹ පැතුව ඒ හසරැලි
    ඒවි දිනක මේ කඳුළු අතරින්ම
    එතෙක් සැනසෙන්න නොසිතා ඒ ගැන
    මගේ නංගියේ ආදරයෙන් නුඹ...

    ReplyDelete
  6. @මධුරංග :
    හිතේ දුක ඔක්කොම වචනෙන් කියාගන්න පුලුවන් වුණානම්... :'(((..ඒ තරම් පිච්චෙන වචන මේ ලෝකෙ තිබුණනම්....හ්ම්ම්ම්...

    @මාතලන් :
    හ්ම්ම්ම්....ස්තූතියි..

    @Dude :
    මමත් තවම ඒ ප්‍රශ්නෙට උත්තර හොයනවා Dude... :((

    ReplyDelete
  7. මම දන්න විදියට නම් මංචි කියන්නෙ ඕනම දේකට ඔරොත්තු දෙන කෙල්ලක් ......

    සැලෙන්න එපා නංගියා ......

    නියමෙට ගලපලා තියනවා පදවැල් ටික .......

    ReplyDelete
  8. මකුළු පැංචිට දුක හිතිලා.. දුක් වෙන්න එපා මංචි.. සමහරවිට.. ඔය පේන දේ එහෙම්මම නොවෙන්නත් පුළුවන්.

    ReplyDelete
  9. "මගේ කඳුලැලි
    සිසිල ලබමින්..
    තවත් විකසිත
    නුඹේ හසරැළි..
    නුඹට නොපෙනෙන
    විලස විඳිමින්
    මහද දැවි දැවි
    වුවද...සැනසෙමි..."

    ගොඩක් ලස්සනට ලියලා තියනවා මංචි.. මම මේ කොටසට ගොඩක්ම ආසයි.. දුක සතුට හැමදාම වෙනස් වෙවී අපිත් එක්ක තියනවා.

    ReplyDelete
  10. @නිසුපා :
    හ්ම්ම්..මනේ මංදා...සමහර දේවල් මොනතරම් කිට්ටු වුණත් අයිති කරගන්න උරුම නැහැනෙ..

    @Dinesh :
    අනේ මංදා අයියේ..ඔයා දන්නවනෙ මගේ හිතුවක්කාර හිත ගැන.. :((

    @තනි අලියා :
    :'(((((((

    ReplyDelete
  11. @Dush :
    ආදරය දුකක්...:(((

    @පන්සල් හංදිය :
    තනියම ජීවත් වෙන්කම් තිබුණු ශක්තිය...හදවතේ හිමිකම අන්සතු වුණහම දියවෙලා ගිහින්ද මංදා අයියේ... :(( මටත් හරිම පුදුමයි..

    @ක්සැන්ඩර් | Xander :
    අනේ එහෙම වුණොත් ඊට වඩා කිසිම දෙයක් මම මගේ ජීවිතෙන් ඉල්ලන්නෙ නැහැ.. :((

    ReplyDelete
  12. @හංසි :
    ඒත් සමහර දේවල්...අපේ හිතේආවුලුවන ගින්න කවදාවත් නිවෙන්නෙ නැහැ.. :((

    ReplyDelete
  13. මේ ඇයි මංචි අක්කා....අනේ දුක් වෙන්න එපා
    හැමදේම හොඳින් සිද්ද් වෙයි......

    ReplyDelete
  14. මන්චියෝ මං ඒක එහෙම කිව්වා කියල එත් උබේ කතාවට ඒක එහෙම වෙන්න හොද නෑ

    ReplyDelete
  15. අනේ මංචි අක්කේ, දුක් වෙන්න එපා. හැම දේම හොඳින් විසඳේවි..

    ReplyDelete
  16. අයියෝ මේ හිත්ට දුක දැනෙනා වෙලාවක ලියපු එකක්ද?
    මරු කවි සිතිවිල්ල මංචි අක්කී..

    ReplyDelete
  17. පමා උනත් වැඩිම ආදරේ නියම වෙලාවට,නියම තැනදී,තමන් ලෑස්තිවෙලා ඉන්නකොටලු ....

    ReplyDelete
  18. ඕන් බලහල්ලකො ඉතින් ... මම මෙ අර ඉස්සෙල්ල ''සිනා පිපිනා මෙ වස්න්තය... '' පොස්ට් එක කියවල ෆුල් හැපි එකෙ හවසට ගිහින් බියර් එකක් ගහන්න කියලා ගියෙ... දැන් මෙ පොස්ට් එක දැක්කම තනියම ගල් බාගයක් ගහන්න හිතෙනව බන් මංචියො ... ඔකනෙ බැලි ඉතින් ... හිනා වෙලා හිටින් මංචියෙ ... හැම දෙම මංචි ගෙ හිතෙ හැටියට හරි විදියටම විසදෙවි.

    ReplyDelete
  19. @සිතුවිලි නිහඬයි :
    දුක වුණේ නෑ සිනියෝ...දුක හිතුණා... :((

    @Dush :
    වෙන්න තියෙන දෙයක් නම් කොහොමත් වෙනවනෙ දුශ්..

    @ප්‍රාර්ථනා :
    මගෙත් එකම ප්‍රාර්ථනාව ඒක තමා නගෝ... :(( ඒත්....

    ReplyDelete
  20. @ගලයා :
    ස්තූතියි ගලයෝ

    @Tharinduhw122 :
    වැඩිම ආදරේ නියම වෙලාවට,නියම තැනදී ලැබුණත්,,,සමහර වෙලාවට අපේ ඇස් ඉදිරිපිටදිම ඒක අපට අහිමි වෙන්නත් පුලුවන් යාළු... :( ඒ දේ වෙද්දිත් තමන්ට කරන්න කිසිම දෙයක් නැති වුණොත්..??

    @සිරි කොලුවා :
    හැමදේම වෙනස් වෙන්න වැඩි වෙලාවක් යන්නෙ නෑ සිරි අයියේ.. :((

    @

    ReplyDelete

ඔයාලගෙන් ලැබෙන අදහස් මකුළු පැංචිට ඇත්තෙන්ම ලොකුම ලොකු ශක්තියක්...ඒ නිසා වෙලාවක් තියෙනව නම් හිතෙන දේ ලියලම යන්න හොදේ... :))..අදහස් දක්වන්න නැවතුනේ නැතත්..කියවන්න වියමනට ගොඩ වැදුණු ඔයාල හැමෝටමත්..ගොඩාක් ස්තූතියි.. :))

Related Posts Plugin for WordPress, Blogger...