ජීවිත වියමනේ..වියු රටා එකින් එක........

සයුරේ රළ සේ...අහසේ තරු සේ............

     
     මකුළු පැංචි ලේසියෙන් හොඳම යාළුවො හදාගන්නෙ නැති බව එකෝමත් එක කාලෙකදි කිව්වනෙ..ඉතින් එයාට ඉස්කෝලෙ යන කාලෙ හිටියෙ හොඳම යාළුවො 3 දෙනයි.වින්ධ්‍යා,ප්‍රතිභා,ළහිරු තමයි ඔය තුන්දෙනා.ළහිරු කියන්නෙ කොල්ලෙක් එහෙම නෙවෙයි,කෙල්ලෙක්ම තමා.


     මකුළු පැංචිගෙ ''හොඳම හොඳම යාළුවා'' වින්ධ්‍යා.අනික් දෙන්නා හොඳම යාළුවො.අපි හතර දෙනා ඉතින් ඉස්කෝලෙ රිංගපු නැති අස්සක් මුල්ලක් නෑ.ඕන තරම් ගුරුවරුන්ගෙන් බැණුම් අහලා ඇති...එක එක බාහිර වැඩ වලට පීරියඩ්ස් කට් කරලා.ප්‍රතිභා ඇරෙන්න අනික් තුන් දෙනාම සෞන්දර්ය විෂය විදිහට කළේ චිත්‍ර..මේ තුන් දෙනා ඉතින් ඉස්කෝලෙ නම ගිය ආටෝ තුන්දෙනෙක්.ප්‍රතිභා හොඳ නැට්ටුක්කාරියක්.ඒත් මකුළුයි,වින්ධ්‍යයි,ළහිරුයි ඔය චිත්‍ර අඳින වැඩකට සෙට් වුණාම ප්‍රතිභත් එතන කැරකි කැරකි ඉන්නව නොවැරදීම.



     අපි හතර දෙනා එකතු වුණේ නවය පන්තියෙදි.එදා ඉඳන් උසස් පෙළ කරන්න කියලා වෙන ඉස්කෝලෙකට යනකල්ම මකුළු පැංචිට දුකට සැපට හිටපු හොඳම යාළුවො ටික ඉතින් මේ තුන් දෙනා තමයි.හැබැයි මකුළු පැංචි ඉස්කෝලෙන් ගියාට පස්සෙ අනික් තුන්දෙනත් ඈත් වුණා.තරහ වෙලා එහෙම නෙවෙයි ඔන්න.උසස් පෙළට වෙන වෙන විෂයයන් තෝර ගත්තු නිසා.වින්ධ්‍යා කලා විෂයයනුත්,ළහිරු විද්‍යා විෂයයනුත් තෝරගනිද්දි ප්‍රතී තෝරගෙන තිබුණෙ වාණිජ්‍ය විෂය ධාරාව.


     කොහොම වුණත් හොඳම යාළුවො වුණාට ,මකුළු පැංචියි..අනික් තුන් දෙනයි එකිනෙකාට වෙනස් චරිත හතරක්..ඒ නිසා වෙන්න ඇති අපි හතර දෙනා හොඳට ගැළපුණේ.මකුළු පැංචි තමා ඒ දවස් වල ගැන්ග් එකේ හිටපු කේන්තිකාරි.පොඩ්ඩ වරදින්න බෑ,අසාධාරණේ ඉවසන්න බෑ,එයා වහා ඇවිලෙනවා.වින්ධ්‍යා තමා හුරතලී,...ඒයා ඉස්කෝලෙ යනකාලෙ හරිම හුරතල් පාටයි.(දැනුත් ඉතින් එහෙම තමා).කොයිවෙලාවෙ අඬනවද කියල හිතාගන්නවත් බෑ.ළහිරු..එයානම් හරිම නිහඬ චරිතයක්.හැබැයි පැය ගාණක් දිග අඳෝනාවක් වුණත් එයාට අහගෙන ඉන්න පුළුවන් හරිම උනන්දුවෙන්.ඒ නිසා හැම පැමිණිල්ලක්ම අපි කියන්නෙ එයාටයි.ප්‍රතිභා නම් හරිම රණ්ඩු කෙක්කක්..කොහේ හරි ගිහින් රණ්ඩුවක් දාගෙන ආවම අපි තමා ඒවා විසඳන්න ඕනෙ...ඔන්න ඔහොමයි මකුළු පැංචිගෙ යාළුවො හතර දෙනා ගැන කෙටියෙන්ම කිව්වොත්....


     හැබැයි මකුළු පැංචිට ජීවිතේ ලැබුණු වටිනම තැගි වලින් ඉහළින්ම තියෙන තෑගි හතරක් තමා මේ පිස්සු යාළුවො හතර දෙනාගෙ යාලුකම්....ඒ නිසානේ එයාල නැතුව මකුළු පැංචිට මේ තරම් පාළු දැනෙන්නෙත්... 





9 comments:

  1. හ්ම් යාළුවෝ තමා වටිනාම වස්තුව...

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. යාළුවො නැති ජීවිතය ස්ස්ක්ෂියක් නැති මරණයක් කියනවනේ

    ReplyDelete
  4. @prasanna86k: ජීවිතේ හැම පිස්සු වැඩකදිම ලඟින් ඉන්නෙ එයාලනෙ ඉතින්


    @All in one: ඔව් නැත්තම් මරලා දාල තිබ්බත් කවුරුත් දන්නෙත් නෑ නෙ...හිකිස්

    ReplyDelete
  5. ඔය 4 දෙනා එකතු වෙල කරපු ව්ක්‍රම (මගඩි වැඩ) ගැනත් ටික ටික කිව්වනම්

    ReplyDelete
  6. අනිවා..ඉක්මනටම ලියන්නම්කෝ.....ඔන්න ඇවිදින් කියවන්න ඕනේ.....

    ReplyDelete
  7. හොද යාලුවෝ සෙට් එකක් නේ මකුලුට ඉදලා තියෙන්නේ. යාලුවෝ ඉන්න එක හොදයි. අපේ දුක සතුට ඒ අයට් එක්ක බෙදා ගන්න පුලුවන් නේ.

    මකුලු කලේ මොන විෂය ධාරාවද කියලා කිව්වේ නෑනේ !!!!

    ReplyDelete
  8. මකුලිගේ කතාව වගේම තමා මාත්..
    හොදම යාලුවෙ දෙන්නයි උන්න
    චිත්‍ර ඇන්දේ
    පිරියඩ් 8 න් 4 ක් කට් උන් නැත්නම්.. නිකං කහනවා කහනවා වගේ :D :D
    නිකං උන්නැ.. වෙන වෙන මගුල් කලා :D
    මගුල් කිවෙ ඉස්කොලේ සුභසාධනේ උදෙසා.. මිඩියා යුනිට් එකේ වගේ :D

    ReplyDelete
  9. @මධුරංග :
    අනිවා..මගේ යාළුවො නැත්තම් අද මං ලොවෙත් නෑ....හික් හික්.... මකුළු පැංචිත් කළේ ''විද්‍යා විෂයයන්''..ඒත් අම්මලා බලෙන්ම වෙන ප්‍රසිද්ධ පාසලකට දැම්මනෙ...

    @Bunny :
    එහෙනම් බනියටත් තේරෙනවා ඇති නේද අපි ගත්ත ෆන් එක.....ඒ දවස් වල පීරියඩ් එකක් දෙකක් දවසට කට් නොවුනොත් නිකම් ඉස්කෝලෙ ගියෙත් නෑ වගේ...හැබැයි කට් අපි කරන්නෙත් ඉස්කෝලෙ වෙනුවෙන්ම තමයි,බැනර් අඳින්න,කොඩි ඩිසයින් කරන්න....ඒත් අනික් ටීචර්ස්ලට තද වෙනවා එයාලගෙ පීරියඩ් එක කට් කළාම...ඉතින් බැනිම් අහන්ව...හික් හික්..

    ReplyDelete

ඔයාලගෙන් ලැබෙන අදහස් මකුළු පැංචිට ඇත්තෙන්ම ලොකුම ලොකු ශක්තියක්...ඒ නිසා වෙලාවක් තියෙනව නම් හිතෙන දේ ලියලම යන්න හොදේ... :))..අදහස් දක්වන්න නැවතුනේ නැතත්..කියවන්න වියමනට ගොඩ වැදුණු ඔයාල හැමෝටමත්..ගොඩාක් ස්තූතියි.. :))

Related Posts Plugin for WordPress, Blogger...