ජීවිත වියමනේ..වියු රටා එකින් එක........

රාහු ගිලින ඉරයි හඳයි......


     

     කට්ටියම පෙරේදා දවසම ආසවෙන් බලාගෙන හිටියනෙ කාලෙකට පස්සෙ පුර්ණ චන්ද්‍රගහණයක් දැකගන්න..මකුළු පැංචිටත් වසීලීස්සගෙ රටට ඒක අපූරුවට පෙනුණා.ඒත් පින්තූරයක් නං ගන්න බැරි වුණා..දුකේ බෑ..දවසම ලෙක්චර්සුයි ක්ලාසුයි නිසා ගෙදර හිටියෙ නැති මකුළු පැංචිට ඒ ගැන අහම්බෙන් වගේ දැනගන්න ලැබූණේ ගූගල් ඩූඩ්ල් එක හින්දයි..ඒ නිසා ගූගල් දෙයියන්ට මුලින්ම තුති..කොහොම වුණත් කලාතුරකින් දැකගන්න ලැබුණු චන්ද්‍රග්‍රහණය නිසා පැංචිට නිකමට වගේ ඒ ගැන යම් යම් තොරතුරු ටිකක් හොයලා කියවලා  බලන්න හිතුණා....එහෙම කියවද්දි හරිම අපූරු විස්තර වගයක් පැංචිගෙ දැනුම පොතට එකතු වුණා...ඉතින් ඒ වගේ රසවත් වැදගත් දේවල් තනියෙන් විඳිනවට වඩා බෙදාගන්න එක වටිනවනෙ...ඔන්න ඒ නිසා මකුළු පැංචි මේ වියමන වෙන්කරන්නෙ විවිධ රටවල් වල චන්ද්‍රග්‍රහණ සහ සූර්යග්‍රහණ හා බැඳුණු මිත්‍යාවන් සහ විශ්වාසයන් ගැනත් අමුතු අමුතු චාරිත්‍ර විධි ගැන විස්තරයකට...

     කට්ටියම කියවලා බලන්නකෝ...ඔයාලත් මේ තොරතුරු දැනගෙන හිටියද කියලා....


     හුඟාක් ඉස්සරම ඉස්සර කාලෙ ඉඳලම ලෝකෙ විවිධ රටවල් වල,විවිධ ජාතීන් ,ජන වර්ග අතර සූර්යග්‍රහණ සහ චන්ද්‍රග්‍රහණ ගැන අමුතු අමුතු විස්වාසයන් තිබිලා තියෙනවා.ඒ වගේම එයාල ඒවා මත පදනම් කරගෙන තම තමන්ගෙ ජීවිතේ වැදගත් අවස්ථා,යුධ කටයුතු ආදිය පවා මෙහෙයවලා තියෙනවා.මේ ගැන පැරණිම සටහන හමුවෙලා තියෙන්නෙ පැරණි ඊජිප්තු ශිෂ්ඨාචාරයෙන්..ඊජිප්තුවෙ හිටපු පාරාවෝ (pharaohs) ගැන යාළුවො අහලා ඇතිනෙ..ඔව් ඔව් අර පිරමීඩ වල වල දාල තිබුණෙ.. එයාල හිතාගෙන ඉඳලා තියෙන්නෙ ඒගොල්ලො සූර්යයාගෙ ලේ නෑයින් කියලා..ඉරට පොළවට එන්න බැරි නිසා සූර්යයාගේ නියෝජිතයෙක් වශයෙන් තමා පාරාවන්ව එවලා තියෙන්නෙ...ඉතින් මේ වගේ සූර්යග්‍රහණ සිදු වෙන දවසට පාරාවො රජතුමා එයාලගෙ ප්‍රධාන ඔරිසිස් දේවාලය වටේ නොකඩවාම ඇවිදිනවලු සූර්යග්‍රහණය ඉවර වෙනකල්ම..එහෙම කරන්නෙ ඉර හැමවෙලේම අහසේ භ්‍රමණය වීම අත්‍යවශ්‍ය බව ඔවුන් හිතන නිසාලු..සූර්යයා වෙනයම් කාර්යයක යෙදෙමින් භ්‍රමණය වීම අතපසු වෙනවානම් ඔහුගේ පෘතුවි නියෝජිතයා ඒ පරිභ්‍රමණ කෘත්‍යය ඉටු කළ යුතුය යන්න ඔවුන්ගේ විස්වාසයයි...

     ඒ වගේම පුරාතන රෝමයේත් මේ වගේම සූර්යග්‍රහණ හා චන්ද්‍රග්‍රහණ හා බැඳුණු චාරිත්‍ර කිහිපයක් තිබිලා තියෙනවාලු..චන්ද්‍රග්‍රහණයකදි සඳවත පිශාචයන් විසින් ගිලගන්නා බව විස්වාස කරන ඔවුන්..කෑ ගසමින් ශබ්ධ කරමින් එම පිශාචයින් පළවාහරින්නට උත්සහ ගන්නවාලු..ඒ වගේම ශිෂ්ඨාචාරගතවී බොහොම කාලක් යනතුරු චීන ජාතිකයින් හිතාගෙන ඉඳලා තියෙන්නෙ චන්ද්‍රග්‍රහණ හෝ සූර්යග්‍රහණ ඇති වෙන්නෙ හිරු හෝ සඳු බල්ලෙකු,කොටියෙකු වැනි කැලෑ සතෙකු විසින් සපාකෑම නිසාය කියලයි.....ඒ නිසා ඔවුන් සීනු හඬවමින් ඒ සතාව පළවා හරින්නට උත්සහ කරනවාලු.. ඒ වගේම සූර්යග්‍රහණ සහ චන්ද්‍රග්‍රහණ නපුරු නිමිත්තක් බව හිතන ඔවුන් එවැනි දින වලදී උපවාසගත වෙමින් ඉන් එළඹෙන නපුරු ප්‍රථීපල මගහැරීමට උත්සහ ගන්නවාලු...

     ජපානයේ ශින්තෝ නමැති ජන කොට්ඨාශයත් සූර්යග්‍රහණ දිනයන්හිදී අමුතුම චාරිත්‍රයක් අනුගමනය කරන බවයි දැනගන්නට ලැබුණේ.. එනම් සූර්යග්‍රහණ දිනයන් වලදී සිදුවන ආලෝකයේ අඩු වීම අවම කරනු පිණිස ඔවුන් දිලිසෙනසුළු ආලෝකයක් දෙන පාෂාණයක් සහිත මාලයක් හෙවත් යන්ත්‍රයක් ලපටි ක්ලොරියා නම් ගසක අතුපතර එල්වනවාලු..ඇතැම් වෙලාවට යන්ත්‍රයක් වෙනුවට ආදේශකයක් වශයෙන් ආලෝකයේ අඩුව පුරවන්නට ගිනිගොඩවල් ගසන අවස්ථාත් තියෙනවාලු.

     ඒ වගේම එස්කිමෝවරුත් මෙවැනි සුවිශේෂි දින වලදි විශේෂ සිරිතක් අනුගමනය කරමින් තමන් එදිනෙදා භාවිතා කරන භාජන,වලං ආදිය යටිකුරු කර තබනවාලු.සූර්යග්‍රහණ සහ චන්ද්‍රග්‍රහණ දියන්හිදී..ඉරත් සඳත් කෙටි කාලයකට අසනීප වන බවත් එවිට නිකුත් වල කිරණ තමන් භාවිතා කරන බඳුන් වලට වැටුනහොත් තමන්ද අසනිප විය හැකි බව ඔවුන්ගේ විස්වාසයයි..අද පවා එස්කිමෝ ගෘහණියන් මෙම චාරිත්‍රය ඉටු කරන බව සැලයි... :D.. එමෙන්ම අප්‍රිකාවෙ බටහිර ඉවුරු වල වෙසෙන ජනතාවගේ විස්වාසයනම්... හිරු නිරන්තරයෙන්ම සඳ ලූහුබඳිමින් සිටින බවත්,හිරු විසින් සඳ අල්ලාගැනීම නිසා චන්ද්‍රග්‍රහණ ඇතිවන බවත්ය.එකල්හී ඉරෙන් සඳ ගලවා ගැනීමේ අටියෙන් ඔවුන් වීදි බැස.. ''එයාට පාඩුවේ ඉන්න දීලා පලයන් යන්න'' කියමින් කෑ ගසනවාලු..

     බිහාර් සහ අසාම් ප්‍රාන්ත වාසීන්ගේ විශ්වාසයට අනුව චන්ද්‍රග්‍රහණයකින් පෙරනිමිති වන්නේ ඔවුන්ගේ සතුරෙකුගේ ඉතා ආසන්න පරාජයක් සහ සතුරාගේ බලකොටුව කරග්‍රහයෙන් අත්පත් ගැනීමට හැකිවීමක්ය.. එමෙන්ම මධ්‍ය ප්‍රදේශයේ වෙසෙන ජනතාව හිතන්නේ ඉර සහ සඳ ''ධන්කෝ'' නම් රාක්ශසයෙකුගෙන් ණය ගෙන ඇති බවත් අදාල කාලය තුළ ණය මුදල ගෙවාගැනිමට නොහැකිවීමෙන් හිරු සහ සඳු ඔහු විසින් සිරකරගෙන ඇති බවත්ය.. එහෙයින් ඔවුහු තමන් භාවිතා කරන බඩුභාහිරාදිය සහ අවි ආයුද නිවසින් පිට තැනක තබන අතර හිරු සඳු ඒවා උපයෝගී කරගෙන ණය මුදල ගෙවා යළි පායා එන බව විස්වාස කරති.

     කෙසේ වුවද මෙම විශ්වාසයන් සහ චාරිත්‍ර විදි වල යම් යම් විද්‍යාත්මක පදනම්ද නොමැතිවාම නෙවෙයි..දැන් බලන්න අර එස්කිමෝ වරුන්ගෙ චාරිත්‍රය..අද විද්‍යාඥයින් විසිනුත් සොයාගෙන තියෙනවානෙ ඔය වගේ චන්ද්‍රග්‍රහණ,සූර්යග්‍රහණ වලදි විවිධ අහිතකර කිරණ නිකුත් වෙනවාය කියලා.ඒ වගේම ඉන්දියාවෙ ඇතැම් ප්‍රදේශවලනම් මිනිස්සු ඔය වගේ දවස් වලට දොර ජනෙල් ඔක්කොම වහගෙන ඇතුලට වෙලා ඉන්නවලු.එයත් ඇත්තෙන්ම අහිතකර කිරණ වලින් බේරෙන්න උදව්වක්නෙ.ඒ වගේම සූර්යග්‍රහණයක් වෙලාවකදි ඒ දිහා පියවි ඇහෙන් කෙලින්ම බැලුවොත් එයින් ඇහැට යම් හානියක් වෙන්න ලොකු ඉඩක් තියෙනවා.එහෙම එකේ එවැනි සිදුවීම් දිහා සැලකිළිමත් බවක්,බියක් ඇති කිරීමේ අරමුණෙන් ඔය වගේ චාරිත්‍ර බිහි වුණා වෙන්නත් පුළුවනි...

     ඉතින් යාලුවනේ...ඔයාලත් මේ ලිපියෙන් රසබර යමක් දැගත්තානම් මකුළු පැංචිට ඊට වඩා සතුටක් නෑ...මේ වගේ සූර්යග්‍රහණ...චන්ද්‍රග්‍රහණ එක්කලා බැදුණු මේ වගේ කතා ඔයාලත් දන්නවනම්...ඔය පහලින් සදහන් කරලා යන්නකෝ... :))) වැඩේ කියන්නෙ ලංකාවෙ උදවිය ඔය වගේ චාරිත්‍ර කරන වග හාංකවීන්සියක්වත් මටනම් අහන්න ලැබිලා නැති එකයි...ඔයාලා අහලා තියෙනවද???? 

     හරි යන ගමන් මේකත් ආපහු බලාගෙනම යන්නකෝ... :)))




18 comments:

  1. අම්මෝ මකුළු පැංචිත් දන්න දේවල්. ගොඩක් වටින කියන ලිපියක්. මම නොදන්න ගොඩක් කරුණු මේ ලිපියෙන් දැන ගත්තා.

    මට මතකයි ටිං ටිං කතාවෙත් ඔහොම සූර්යග්‍රහණයකින් ටිං ටිංගේ පන බේරගන්න පුලුවන් වෙනවා කියන එක.

    මටත් මේ චන්ද්‍රග්‍රහණය බලන්න උනේ නෑ. පොසොන් පෝය නේ. දන්සල් වැඳලා වැඳලා මහන්සියට නිදා ගත්තා. :)

    අද දැකලා නැති උනාට මීට කලින් නම් දැකලා තියෙනවා.

    ReplyDelete
  2. මකුළු පැංචි මාර දේවල්නෙ දන්නෙ...

    මොන චන්ද්‍රග්‍රහණද?... 12 වෙනකන් බලන් ඉඳල මොකුත් පේන්න නැති නිසා නිදාගත්ත... චන්ද්‍රග්‍රහණෙට වඩා ටොපියක් සෙට් වෙනවනෙ වැඩට යන්න පරක්කු වුනොත්...

    ReplyDelete
  3. ලස්සනයි අනේ ඔයාගේ කතා ටික....

    ReplyDelete
  4. ෂැහ් කතන්දර පොතක් බැළුවා වගේ...
    මෙයත් මේ වසිලිස්සගේ රටේ ඉඳලම දැන් ඒ වගේ කතා හුගක් දන්නවද කොහේද..

    ReplyDelete
  5. @මධුරංග :
    ප්‍රීතීයි ප්‍රීතියි.... මමත් ඕවා කලින් දැනං හිටියෙ නෑ,මමත් ඕවා හොයන්න ගත්තෙ චන්ද්‍රග්‍රහණෙ දැක්කට පස්සෙ තමයි.අපරාදේ දැක්කෙ නැත්තෙ.කලින් දැකලා තියෙනවනම් කමකුත් නෑ හැබැයි. :D

    @සාතන් :
    මෙහෙටනම් ඕක පේන්න ගත්තෙ 12ට විතර.මං හිතන්නෙ ලංකාවට පෙනිලා නැත්තෙ වලාකුළු හින්දා... :(

    @ගෝල්ඩ්fish :
    තැන්කූ මාළු යාලු.. :D

    @මාරයාගේ හෝරාව :
    වසීලීස්සගෙ රටේ කතන්දර ටිකකුත් ලඟදිම ලියන්න ඕනෙ... :D

    ReplyDelete
  6. මංචී මේක නම් අගනෙයි.. ඔන්න මමත් මගේ දැනුම පොතට එකතු කර ගත්තා :) ලංකාවේ අය නම් ඔය මොකුත් කරන්නෙ නෑ.. උපරිම ට්‍රයි කරන්නේ ඒක කොහොම හරි බලන්න :D

    ReplyDelete
  7. අපේ දොස්තර නෝනා ඒ පාර තාරකා විද්‍යාව ඉගෙන ගන්නද හදන්නේ??

    ReplyDelete
  8. අඩේ මකුලි අක්කා තැන්කූ මේ පෝස්ට් එක දැම්මට මේකෙ සමහර ඒවා මම දන්නේ අදයි....

    ReplyDelete
  9. මංචි දන්න දේවල්,,,ඇයි අපේ රටේ කාන්තාවෝ සූර්යක්ග්‍රහනයට අපූරු වැඩක් කරලා තිබුනේ...කාන්තාවෝ ලස්සන වෙන්න වද කහ කාලා තිබුනේ,,,,ඕකට අපූරු ගිතයකුත් තියනවා නේ..1970 ගනන් වලදී උන පූර්ණ සූර්යක්ග්‍රහනයකදී ඕක වෙලා තියන්නේ

    ReplyDelete
  10. @ඉතාලි ඩිලාන් :
    ඔය සිංදුව තමයි ජිප්සීස්ලා කියන "බිව්වා නේද වදකහ සුදිය.... "කියලා කියන්නේ.

    නංගිත් වදකහ බිව්වද දන්නේ නෑ. :)

    ReplyDelete
  11. අම්මේ...මකුළු අක්කේ ගොඩක් දේවල් දැනගත්තා....

    ReplyDelete
  12. මකුළු පැංචියේ....මට ෆලෝවර්ස් වෙන්න තැනක් නැතෙයි ... මකුළු දැලේ කොනක් දෙන්න බැරිය මටත්....

    ReplyDelete
  13. @yohan :
    නියමයි ලේනෝ...හිකිස්..ලංකාවෙ අය නම් ඉතින් බලන්න එපා කියන දේවල්මනෙ කරන්නෙ..බෝම්බයක් පිපිරුණත් ඒක ලඟටම යන්නනෙ කැමැත්ත... :p

    @Dinesh :
    ඔව් දිනේශ් අයියේ..ඇයි නරකද... ?? ;)

    @කිඩෝ:
    ආහ්හ් ඔව්..මමත් කලින් මේ ගොඩාක් ඒව දැනගෙන හිටියෙ නෑ... දැන් ඉතින් ඔයාලත් දන්නවනෙ..

    ReplyDelete
  14. @ItalyDilan :
    ඩිලාන් අයියේ මම ඔය සිද්දිය දැනන් හිටියෙ නෑ නේ,,,මම ඒත් හැමදාම හිතනවා ඔය සින්දුව ඇහෙද්දි..ඕකෙ තේරුම මොකද්ද කියලා..ලොල්

    @මධුරංග :
    අපෝ මාවනං ඔය වද කහ සීන් වලින් ලස්සන කරන්න හම්බෙන්නෙ නෑ...මොකද මං කැතම කැතයි :D

    @සිතුවිලි නිහඬයි :
    ඒක තමා මගෙත් බලාපොරොත්තුව නගෝ.. :D

    ReplyDelete
  15. @සොඳුරු සිත:
    වත් අක්කේ..අනේ ඔයත් වියමනට ගොඩවුණු එක කොච්චර දෙයක්ද...:))) පැංචිගෙ විස්තර වලට යටින් ''වියමනේ හැඩම රටා'' කියල තියෙන්නෙ ෆලෝවර්ස් බො‍ක්ස් එක තමයි...සමහර වෙලාවට ඒක පේන්නෙ නැතුව ඇති බ්ලොග්‍ර් වල අවුලක් නිසා.. :((

    ReplyDelete
  16. චන්ද්‍රගහණය ගැන ගොඩක් නොදන්න දේවල් දන ගත්තා...බොහොම ස්තුති..!

    ReplyDelete
  17. මොන චන්ද්‍රග්‍රහණ බලිල්ලක්ද අපි දුන්නනේ දන්සලක්..:ප විස්තර ටික නම් ගොඩක් වැදගත් ....
    මගේබ්ලොග් එකත් බලන්ට එන්ඩෝ...

    ReplyDelete

ඔයාලගෙන් ලැබෙන අදහස් මකුළු පැංචිට ඇත්තෙන්ම ලොකුම ලොකු ශක්තියක්...ඒ නිසා වෙලාවක් තියෙනව නම් හිතෙන දේ ලියලම යන්න හොදේ... :))..අදහස් දක්වන්න නැවතුනේ නැතත්..කියවන්න වියමනට ගොඩ වැදුණු ඔයාල හැමෝටමත්..ගොඩාක් ස්තූතියි.. :))

Related Posts Plugin for WordPress, Blogger...