ජීවිත වියමනේ..වියු රටා එකින් එක........

අකුරු ඇමිණූ සොඳුරු සිහිනය......




     බොහොම කාලෙකට පස්සෙ ඔන්න මකුළුට පුංචි ඉඩකඩක් ලැබුණා වියමන පැත්තෙ ඇවිත් යන්න..බොලේ..වියමනේ සිරාවටම මකුළු දැල් බැඳිලා නොවැ..ඉතින් ටිකක් අස්පස් කරලා දාලම වාඩි වුණා,මොනව හරි ලියන්නය කියලා.... යාළුවො ටික තරහ වෙලාදත් මංදා... මකුළු පැංචි ගොඩාක් කාලෙකින් මොකුත්ම ලිව්වෙ නැති එක ගැන..ඒ මදිවට අර මකුළුගෙයි වවුල්ස්ගෙයි ප්‍රේම පුරාවතත් තවම ඇනහිටිය තැනමනෙ.. 


     මකුළුට මේ දවස් වල හරියට වැඩ යාළුවනේ..සෙමිස්ටෙර් එන්ඩ් එක නිසා ප්‍රොජෙක්ට්ස් හදන්න,අසයිමන්ට්ස් භාර දෙන්න වගේ වැඩ ගොඩාරියක් ඔළුව උඩට කඩාපාත් වෙලා.ඒ මදිවට විභාගෙට පාඩම් කරන්නත් එපායෑ.ඔන්න ඔය ගිනි විජ්ජුම්බර නිසා තමා මකුළු පැංචිට මකුළු දැල වියන්නවත් වෙලාවක් නැති වුණේ...යාළුවො තරහ නෑ නේද පැංචි එක්කලා...


     ඉතින් අද පැංචිගෙ කම්පනාව අර ප්‍රේම පුරාවතේ ඉතිරි කොටස ලියන්නයි... මකුළු පැංචිගෙ සිතට අහම්බෙන් වගේ වවුල් කුමාරයා එබිකම් කරපු හැටියි.... හැමදේම වෙන්නෙ හොඳටද කියලා පැංචි දෙගිඩියාවෙන් හිටපු හැටියී යාළුවන්ට මතකයි නේද??අමතකනම් හරි කියවලා නැත්තම් හරි ගිහින් කියවලාම එන්නකො...


     ඉතින් ඔන්න කලින් දවසෙ කිව්වා වගේ පැංචි පැය විසිහතරක් යන්න කලින් තමන්ගෙ හිතේ තියෙන රහස වවුල් කුමාරයට හෙළි කරන්න හිතට ගට්ස් අරගත්තනෙ.. කියනවා වගේ කරන එකත් ලේසිනං කොච්චර දෙයක්ද නැද්ද මෙයාලා.... :D..ඒ නිසා ඉතින් පහු වෙනිදා දවල් වෙනකල්ම පැංචි කල්පනා කර කර හිටියෙ දැන් මේක කියාගන්නෙ මොන විදිහටද කියලයි... කොච්චර බරට කල්පනා කළාද කිව්වොත් එදා දවසෙ කෑවෙ, බිව්වෙ ,ආවෙ, ගියේ කොහෙද කියලවත් පැංචිට හාංකවින්සියක්වත් මතක නෑ ඕං.... ආහ්හ් කියන්න අමතක වුණානෙ...කලින් දවසෙ රෑ පැංචිට නින්ද ගියෙත් නෑ මේ භාරදූර තීරණේ හින්දා..


     ඔහොම අහස පොළොව ගැටලන්නා සේ කල්පනා කරලා අන්තිමේදි පැංචි තීරණය කළා මේක කටින් නම් කියන්න බෑ..ඒ හින්දා කෙටි පණිවිඩයක් විදිහට යවනවයි කියලා..ඔන්න ඉතින් වැඩිය සැර නොවෙන්න.බොහොම කෙටියෙන් සරලව පණිවිඩේ කොටන්න ගත්තයි කියමුකො.කොච්චර කෙටියෙන් කිව්වත් දිග වෙනවා..ඇයි හිතේ තියෙන දේ ගැන කියන්නත් ඕනෙ..යාළුකමට හානියක් නොවෙන්නත් ඕනෙ..තරහ නොවෙන විදිහට ලියන්නත් ඕනෙ..කීයක් හිතන්නද..හිකිස්...අන්තිමේ ඔන්න පැය ගාණක් ලියල ලියලා පණිවිඩේ ලියාගත්තයි කියමුකො..


     සාරංශයක් විදිහට ගත්තොත් මෙහෙමයි.. ''පැංචි මෙච්චර දවස් අර කොල්ලෙක් ගැන කිය කිය වාතයක් වුණේ..ඒ කොල්ලා වෙන කවුරුත් නෙවෙයි.මේ පණිවිඩය ලබන කෙනා''.(කෙළින් අල්ලන්න තියෙන නාහෙ ඔළුව වටේ අතදාලා අල්ලනවා කියන්නෙ මෙව්වටද මංදා... :ඪ් ))..ඔන්න ඉතින් පැංචි කියන්න ඕන ටික ඔහොම ලියලා බොහොම පරිස්සමට ඩාෆ්ට්ස් වල සේව් පාරක් එහෙම දාලා තිබ්බා ඔන්න...දැන් යාළුවො හිතනවා ඇති යකෝ මෙච්චර උඩ පැනලා ලියාගත්තෙ සේව් කොරලා තියාගන්නද කියලා.ඒත් බැරි වෙලා හරි මේ ලව් වෙඩිම නිසා යාළුකම ගැස්සිලා ගියොත්...!!! ඒ නිසා අන්තිම වතාවට වවුල්ස්ට කතා කරල ඊට පස්සෙම ඕක යවන එක ඇඟට ගුණයි කියලා හිතාන තමා මංචි sms එක සේව් කරලා තියාගත්තෙ..


     ඊට පස්සෙ කල් නෑරම පැංචි කළේ වවුල්ස්ට කෝල් කරපු එක..කොහෙද ඉතින්...ලෝකේ පෙරළුණත් වවුල්ස් නිදාගන්න එකනං අඩුවක් වෙන්න දෙන්නෙ නෑනේ..ඉතින් දවල් 11-12 වෙනකලුත් වවුල්ස් නිදි..අන්තිමේ සියපාරක් විතර කෝල් කරලා කරලා ඔන්න අමාරුවෙන් වවුල්ස්ගෙයි,මංචිගෙයි දු.ක. සංවාදෙ ඇරඹුණයි කියමුකො..වවුල්ස්නම් ඉන්නවා ඔන්න ඔහේ ගාණක් නැතුව..වෙනද වගේම කාපු බීපුවයි..ගහපු ගේම්ස් ගැනයි..හැබැයි ඉතින් කැරකිලා කැරකිලා ඔන්න නියම තැනට කතාව ආවා.. ඒ කියන්නෙ වවුල්ස්ම කතාව පටන් ගත්තා..මෙන්න මෙහෙම...


වවුල්ස් : මේ ඒකනෙවෙයි...


මංචි     : එහෙනං මොකද්ද..??


වවුල්ස් : දැන් අර වෙන්න තියෙන දෙයක්ය කියල හිතාගෙන කරන්න ගියපු එක කළාද..??


මංචි     : o.O මොකද්ද...????


වවුල්ස් : දන්නෙම නෑ..ඔයා බබා... :/


මංචි     : හරි හරී.......... :D ලොකු ටෝක්ස් දුන්නට බයයි අනේ.. හැබැයි මම මූලික පියවර ගත්තා...


වවුල්ස් : ඒ කියන්නෙ අදාළ පුද්ගලයට මේ ගැන කිව්වා...!!!


මංචි     : පිස්සුද අනේ......පුද්ගලයට කිව්වානං වැඩේ ඉවරයි වගේනේ..කියන්න ඕන දේ හැබැයි මම sms එකක ලිව්වා..දැන් යවන්න තමයි තියෙන්නෙ.. ^_^


වවුල්ස් : ශා එළනේ... ඉතින් ඕක යවන්නෙ නැද්ද..?? ලියල තියාගෙන ඉන්නෙ මලවන්නද?


මංචි     : ඉතින් යවන්න කලින් හරි වැරදි එහෙම බලල එපැයි යවන්න.. අකුරක් වැරදුණත් වැඩේ වරදින්න පුළුවන්නෙ... :D


වවුල්ස් : ආහ්..එහෙමද... එහෙනං එවන්න බලන්න හරි වැරදි බලලා දෙන්න... ;) මම ස්පෙළින්ග් මිස්ටේක්ස් එහෙම හරිගස්සල දෙන්නං..


මංචි     : ඔයාට...???? අනේ බෑ ලැජ්ජයි... ^_^


වවුල්ස් : එවන්න එවන්න..බොරු ඇඩ් නොදා...ඔයාගෙයි මගෙයි ලැජ්ජාව... :P


     (දැන් ඉතින් මංචිට හිතුණෙ මේක තමා හොඳම චාන්ස් එක කියලා... now or never... කියලා හිතාගෙන මංචිත් ඉතින් ඕක ඔන්න ඔහෙ යවනවා කියලම හිතාගත්තය කියමුකො..හිතාගත්තා වගේ නෙවෙයි දැන් මංචිට නිකම් උණ ගැනීගෙන එනව වගේ..ඉස් මුදුනයි යටි පතුළුයි සීතල වෙලා අර කිරි හාමි වගේ මැරෙන්නවත් යනවද මංදා..හිකිස්..ඉතින් ඔහොම හිත හිත මංචිත් කතාව කන්ටිනියු කරනවලු)


මංචි : හරි එහෙනම් එවන්නද...හැබැයි හරියටම හරි වැරදි බලල එවන්න ඕනෙ..ඕකේ?? ඒ වගේම මේ කෝල් එක ඉවර වෙනකල් මැසේජ් එක බලන්නත් බෑ...ප්‍රොමිස්???


වවුල්ස් : හරි හරි..ප්‍රොමිස්...කෝ ඉක්මනට එවන්න...කෝ කෝ...එව්වද???


     (ඔන්න ඉතින් මංචිත් හරිම අමාරුවෙන් ඩ්‍රාෆ්ට්ස් වලට ගිහින්.... ඇස් දෙක පියාගෙන එකපාරටම සෙන්ඩ් බට්න් එක ක්ලික් කරගත්තා.ඩිලිවරි රිපොට් එක එන්නත් කලින්මයි මංචිට හිතුණෙ..'අනේ ඒ sms එක ආපහු ගෙන්නගන්න ඇත්නම් කියලයි'..ඒත් දැන් ඉතින් ආයෙ මොකුත් ආපස්සට ගන්න බෑනෙ..කටින් පිට වුණු වචනයක් විතරක් නෙවෙයි,ෆෝන් එකෙන් පිට වුණු sms එකකුත් ආපහු ගෙන්නගන්න බෑ නේද කියලා මංචිට තේරුණේ ඔන්න එදා තමයි...)....


     පොරොන්දු කරගත්තට මොකද මංචිට බයේ බෑ..කෝල් එක අස්සෙම වවුල්ස් sms එක කියවයිද කියලා..වවුල් කුමාරයත් 'කියවනවා ඔන්න' කිය කියා මකුළු පැංචිව බයිට් කරන එකමයි වැඩේ..එ අතරෙ වවුල්ස් කියපි....


     ''හරි මම මේකේ ස්පෙළින්ග්ස් චෙක් කරලා බලන්නම්...දැන් ඉතින් ඔයා මේක යවන්න ඕනෙ කෙනාගෙ නම්බර් එකත් එවන්න..ඔයාගෙ නම දාල මම සෙන්ඩ් කරන්නම්..'' කියලා...


     මලකෙළියයි ජූලි හතයිනෙ ඉතින්..මදැයි අමාරුවෙන් වවුලෙක්ට ආදරේ ප්‍රකාශ කළා.. :O


     දැන් මකුළුට තවත් ගැටලුවක්.. එක්කො පැංචි වවුල්ස්ගෙම නම්බර් එක එයාටම යවන්න ඕනේ..එහෙම නැත්තම් තමන්ගෙ හිතේ ඉන්නෙ එයාමයි,ඒ නිසා ඒ මැසේජ් එක තමන් යැව්වෙ අදාළ කෙනාටමයි කියලා කෙටි පණිවිඩයක් යවන්න ඕනෙ... ඔය දෙකෙන් කෝක වුණත් කරන්න ඉතින් ලේසි නෑ නේ... :(


     ඉතින් ඒ පැත්තෙ කාලගුණේ එහෙමත් බලාගන්න එක්කලා මකුළු වවුල් කුමාරයට කෝල් එකක් දුන්නයි කියමුකො..වවුල්ස් වැඩි කතාබහක් නෑ..මකුළුටත් වෙනද වගේ කියවන්න කිසි දෙයක් කටට එන්නෙත් නෑ...ඉතින් මංචි ඔන්නොහේ ඕන දෙයක් කියල වවුල්ස් කිව්වා..මොනවහරි කියන්නකො කියලා... :D


     හික් හික්..මෙන්න බොලේ වවුල්ස් ගත් කටටම කියනවා..''මං මොනව කියන්නද..ඔයානෙ දැන් කියන්න ඕනෙ'' කියලා...ඒකෙ තිබ්බෙ නිකම් අර..හරි දැන් පාපොච්චාරණය කරානං ඔක්කොම..කිව්වා වගේ ස්වරයක්.ඒ කියන්නෙ ඉතින් ඒ පැත්තෙ කාලගුණේ නරකයි කියන එකනෙ..වවුල්සුත් දන්නවා sms එක වෙන කාටවත් නෙවෙයි එයාටම එවපු එකක් බව..


     ඔය අතරෙ තමයි මකුළුගෙයි වවුල්ස්ගෙයි දෙන්නගෙම යාළුවෙක් මකුළුට කෝල් කළේ..ඒ අස්සෙ එයාගෙන් මළ වදේ කෝල් කොන්ෆරන්ස් දාන්නම කියලා..(මේ රැවුල ගිනි අරන් ඉද්දි එයත් එනවා සුරුට්ටු පත්තු කරන්න.. ) 


     මොනවා කරන්නද ගැලවෙන්නම බැරි තැන මංචි ආපහු කෝල් එක අරන් තුන් දෙනාවම කොන්ෆරන්ස් දැම්මයි කියමුකො...මෙන්න බොලේ වවුල්ස් එයත් එක්ක හෝ ගාලා කතාව..මෙච්චර වෙලා වචන දහයක් කතාකළේ නෑ..මංචිට දැන් දුකේ බෑ..ඒ මදිවට ඉරිසියයිත් එක්ක..(යාළුවා කෙල්ලෙක් කියල කියන්න බැරි වුණානෙ)..කොහොම කොහොම හරි ඒ දෙන්නගෙ කතාව ඉවර වුණු මංචි කෝල් එක ඉවර කළේ තිබ්බ දුකටමයි.. :((


     කොහොම වුණත් මංචිට එක දෙයක් නම් තේරුණා.ඒ තමයි වවුල්ස් මංචිම ඉදිරිපත් වෙලා මේ කතාව පටන්ගන්නකම් බුරුලක් නම් කොහොමටවත් නොදෙන බව..ඒ නිසා මංචි හිතාගත්තා පහුවෙනිදම වවුල්ස්ට කෝල් කරල කෙළින්ම මේ ගැන කතාකරනවය කියලා.දැන් ඉතින් අමාරුම වැඩේ කරගත්ත එකේ..කතා කරන එක මහ දෙයකුත් නෙවෙයිනෙ නේද.. අනික මොන දේ වුණත් වවුල්ස් මංචිගෙ හොඳම යාළුවා..ඒ යාළුකම නැති කරගන්න එකනම් මංචිට කීයටවත් ඉවසන්න පුළුවන් දෙයක් නෙවෙයි...


ඒ නිසා තමයි මංචි හිතාගත්තෙ මේ ගැන කෙළින්ම වවුල් කුමාරයා එක්කලා කතා කරගන්න.... :)))
එහෙම කතාකරලා මොකද වුණේ..ඔන්න ඒ ගැන කියන්නෙ නම් ඊළඟ කොටසින්ලු.... 


(පුළුවන් තරම් ඉක්මනට දාන්නම්...ඔන්න යාළුවො තරහගන්න එපා මේ වැඩ ගොඩ අස්සෙ පැංචිට වියමනට ගොඩවෙන්න පමා වුනොතින් හොඳේ???? )





24 comments:

  1. හ්ම්ම්ම්ම් . . . දාන්නකෝ තව කොටසක් . :)

    ReplyDelete
  2. ඔන්න මමනම් කොහොමත් මකුළු පැංචි එක්ක තරහයි.. මොකද අර වවුල් රාජයා ගැන දැනගන්න කොච්චර කල් අපිට බලන් ඉන්න වෙලාද??

    ReplyDelete
  3. @සුශාන් ප්‍රියනාත් රත්නායක :
    ඉක්මනටම දාන්නම්කො... :D

    @Dinesh :
    ඉවසන්න දරුවා....!!!ඔහොම කිව්වට මං දන්නවනෙ දිනේශ් අයියා මංචිත් එක්ක තරහ වෙන්නෙ නැතිබව.. :)) (වවුල් රාජයා....හිකිස් :D )

    ReplyDelete
  4. වැඩ අස්සෙම ඔන්න මන්තරකාරිත් ඇවිත් කියෙව්වා... ඉක්මනට ඉතිරියත් දාන්න...

    ReplyDelete
  5. @මන්තරකාරි :
    ස්තූතියි මන්තරකාරී අපේ දිහාත් ඇවිත් ගියාට.. :)) ආපහු එන්න කියලා ආදරෙන් ඇරයුම් කරනවා.. :)

    ReplyDelete
  6. ඉතිං ඊට පස්සේ?

    ReplyDelete
  7. ඔය අහුවෙන්නේ මකුලුච්චිගෙ හොර ලව්... හි හි.. අර අසරණ වවුලට ඉන්නම දෙන්නෑ නෙ...

    ReplyDelete
  8. ඉක්මනටම ඉතුරු ටිකත් ලියන්න. නියමෙටම ගලාගෙන යන ආදර කතාවක්. ලස්සනයි.

    මටත් ඔහොම අත්දැකීම් තියෙනවා. වැරදිලා මිස් කෝල් එකක් දීපු නම්බර් එකකට මාත් මිස් කෝල් ගහලා ඊට පස්සේ දවසක එස් එම් එස් යවලා. ටිකෙන් ටික කෝලුත් කරලා. දිගටම ගියා සීන් එක. කොහොමහරි කෙල්ල කැමතියි කියලා කියද්දි මම ඒ කෙල්ලව දැකලවත් තිබුනේ නෑ.

    මාත් ඔය නිකන් හා කියලා දැම්මා. පස්සේ දවසක ගිහින් හම්බ උනා. ඇත්තටම කෙල්ල හරි හොදයි. ඒ ආදරේ කොච්චර දුර ගියාද කියලා කිව්වොත් ඒ සම්බන්දේ ගෙවල් වලිනුත් දැනගෙන ගෙවල් වලිනුත් කැමැත්ත දීලා තිබුනා.

    කොහොමද කෙල්ල්ව නමපු හැටි !!!!

    ReplyDelete
  9. අයියෝ....තද වෙනවනෙ අප්ප...මන් හිතුවා අද නම් ඔක්කොම දැන ගන්න හම්බෙයි කියලා කොහෙද ඉතින් ඊළග කොටස බලන්නලු :/

    ReplyDelete
  10. ඊලග කොටස එනකන් අපි අවේටින්ග් හොදේ..ඉක්මනින් දාන්න..අර අසරන වවුල්ස් ව අමාරුවෙ දාන හැටි දැනගන්න අපිත් ආසයි :)))

    ReplyDelete
  11. @පූසා :
    ඊට පස්සෙ ඉතින් මතුසම්බන්ධයිලු... :D

    @කිඩෝ :
    වවුලගෙ හොඳ අසරණ.... :P...හොර ලව් වෙන්නෙ කොහොමද කිඩෝ...

    ReplyDelete
  12. @මධුරංග :
    ආහ් ඔය දැක්කනෙ..මෙයාලගෙ තමා ඔක්කොම ගැට.. :P
    එහෙනම් දැන් දෙන්න වෙඩිං එකට ලෑස්ති වෙනව ඇති නේද??? :D

    @කඩේ හාමිනේ :
    එහෙම ලේසියෙන් ඉවර වෙනවද ටීමොන් මේ වගේ වවුල්-මකුළු ප්‍රේම කතා.. :D තරහ ගන්න එපා යාළු ඉක්මනටම ඉතිරියත් දාන්නම්.. :)

    @චාටර් කොල්ලා :
    ඉක්මනින් දාන්නම් කොල්ලා... :D වෙලාව මදි නිසා තමා පරක්කු වෙන්නෙ...

    ReplyDelete
  13. බලමු අක්කාගේ ප්‍රේමෙට මොකෝ වෙන්නේ කියලා....හික්ස්.....

    ReplyDelete
  14. අනේ ඔයත් එක්ක බෑ නේ.. ඉක්මනට මේකේ අනිත් ටික දාන්න.. අපිව පිස්සු හද්දන්නේ නැතුව.. හික්ස්ස්ස්

    ReplyDelete
  15. කියන්න දෙයක් නෑ.. වවුල්ස් දැන්මම දැලේ පැටලිලා.. පව් අප්පා... හී හී...

    ReplyDelete
  16. @මකුළුවා..... :
    බලමු බලමු... හිකිස්...

    @රවින් :
    අයියෝ...ඔච්චර සීරියස් ගන්න එපා... ඉවසගෙන ඉන්න

    @ප්‍රාර්ථනා :
    වවුල්ස්ගෙ කපටිකම් ඔයා දන්නෙ නෑ සවලියෝ... හි හී

    ReplyDelete
  17. හික්ස් මට හොදටම හිනා මේ ටික කියවලා...
    ඉතිං දැන් එතකොට මෙහෙමද උනේ ඈ ?? :-D

    ReplyDelete
  18. @ මකුළුවා
    අක්කගේ ප්‍රේමෙට මක් වෙන්නද ?? අක්කා දැන් ගොඩ ගිහිංලුනේ

    ReplyDelete
  19. ගොඩ නොගියා නම් ඉතිං මෙහෙම ලියන්නේ නෑ කියලා හිතලා තමයි මම එහෙම කිව්වේ හොදද ලමයිනේ??
    අපි බලමු ඊළඟ කොටසින් මගේ අනුමානෙට මොකද වෙලා තියන්නේ කියලා..

    ReplyDelete
  20. @nimanthi :
    ඔව්නෙ අක්කෙ..ඔන්න ඔහොම තමා වුනේ... බලමුකො බලමුකො...අක්කා ගොඩ ගියාද නැද්ද කියලා..හිකිස්.. :D

    ReplyDelete
  21. හි හි..නියමෙට යන කතාව...ඊලග එකත් ඉක්මනටම දාන්න..

    ReplyDelete
  22. අදනේ මේ පැත්තට එන්න පුලුවන් උනේ.. ඉන්නකෝ ඊලග එකත් කියවලා එන්නම්..

    ReplyDelete
  23. @ChammA :
    තැන්කු..තැන්කූ....ඊලඟ එකත් දැම්මා ඕං...

    @Yohan :
    අපෝ..ලේනා දැන් ලොකු මිනිහෙක් වෙලානෙ...අපිව මතකත් නෑ..
    :(( එහෙනං ඉතින් ඉක්මනට කියවලා එන්ඩ.. :D

    ReplyDelete
  24. අපෙන් මුකුත් අහගන්නේ නැතුව අනිත් ටිකත් ඉක්මනටම දානවනම් හොඳයි...
    :P

    ReplyDelete

ඔයාලගෙන් ලැබෙන අදහස් මකුළු පැංචිට ඇත්තෙන්ම ලොකුම ලොකු ශක්තියක්...ඒ නිසා වෙලාවක් තියෙනව නම් හිතෙන දේ ලියලම යන්න හොදේ... :))..අදහස් දක්වන්න නැවතුනේ නැතත්..කියවන්න වියමනට ගොඩ වැදුණු ඔයාල හැමෝටමත්..ගොඩාක් ස්තූතියි.. :))

Related Posts Plugin for WordPress, Blogger...