ජීවිත වියමනේ..වියු රටා එකින් එක........

රිසි අතක දුවන්නට......




ඉඳ හිටක හිත තෙමන
පිනි තුහින අහුරු මිස
නුඹෙ හිතින් මවෙත වට
   මෝසමක් නොවුණු කොට...

වියළි හිත් බිම මතට
මගෙම කඳුලැලි උනන
නොනවතින උල්පතක්
   නැගෙනු ඇති දිනෙක හෙට...

හිත් බිඳුම් දැනෙන්නට
තව ඉඩක් නොවනු ඇත
කාරියක් නැත නුඹට
   යළි ඉතින් තැවෙන්නට...

'වළාකුල් සුපෙම්වත'
නොරිසි නම් මගේ හිත
බැමි ලිහා හරිමි නුඹ
   රිසි අතක දුවන්නට....




෴මංචි෴



13 comments:

  1. ඔව් ඉතිං රිසි නැත්තං බෝතලේක දාල තියාගන්නයැ! :(

    ReplyDelete
  2. නොහැකිනම් රැදෙන්න නුඹේ හිත අද්දරම
    බැමි ලිහා හැර යන්න ඉඩදී ඔහුට
    හැකිද නංගියේ හදාගන්න නුඹට නුඹේ හිත
    ඒ ආදරේ වටින නිසා නුබට මහමෙරක් තරමට...

    ReplyDelete
  3. හම්.....කවුරුවත් තමන් ලඟ බලෙන් තියාගන්න එපා.....එයාලා හරි ඉක්මණට අපිව දාලා යනවා....

    ReplyDelete
  4. මටත් අහන්න තියෙන්නෙ දිනේශ් මල්ලි අහලා තියෙන එකම තමා නංගි.කියන්න ලේසි වුනාට කරන්න ගියාම හරිම අමාරු බව මං හොදටම දන්නවා.
    හැබැයි එයාට යන්න දීලා එයා ආපහු ආවොත් ඔයා දිනුම්.

    ReplyDelete
  5. මේවා නිර්මාණ විතරද නැතිනම්....?
    henryblogwalker the Dude

    ReplyDelete
  6. මාර ප්‍රශ්නයක් මන්චි ඔයා කියන්නේ.. බැඳීමක් අතාරින එක අමාරු වෙන්නේ අපි ඒ බැඳීමට බැඳිලා හිටිය ප්‍රමාණයේ අඩු වැඩිය උඩ..

    ReplyDelete
  7. දුක හිතෙනවා මංචි. අන්තිම පේලි 2 කියවත්දි දැනෙන්නෙ හිතේ පුරෝගෙන ආදරෙන් රැකගත්ත දෙයක් බලෙන්ම ඈතට යන්න හදත්දි හිත හදාගෙන හිතෙන් නිදහස් කරන්න අසීරුවෙන් උත්සාහ කරනවා වගේ හැඟීමක්. අපෙන් ඈත් වෙලා ගියත් කවදාහරි ආපහු ඒ ගැන දුක හිතෙනවා. ඒක එහෙමයි මම හිතන්නෙ.

    ReplyDelete
  8. ලස්සනයි මංචි...

    ReplyDelete
  9. @තනි අලියා :
    ඒක නේන්නම්.. හිකිස්.. :D බූතයෙක් එක්ක යාලු වුනානං ඒකවත් කරන්ඩ තිබ්බා... කොහෙද ඉතින්.. :P

    @Dinesh :
    හදාගන්න වත් හිතක් ඉතුරු වේවිද මන්දා අයියණ්ඩී... :((

    @සිතුවිලි නිහඬයි :
    අනේ බල කිරීමක් නෑ සිනී....මංචි කවදාවත් අහිමි දේවල් බලෙන් එයා ලඟ ගැටගහලා තියාගත්ත කෙනෙක් නෙවෙයි... :(( ඉස්සරහටත් ඒක එහෙමම වෙයි...

    ReplyDelete
  10. @නිසුපා :
    එයාට ආපහු එන්න ඕන වුනත්..එතකොට ආයෙ එන්න බැරි තරම් පරක්කු වැඩි වෙයිද මන්දා අක්කේ..ජීවිතේ ඒ වගේ අවස්තා දෙවතාවක් දෙයි කියලා හිතන්න අමාරුයි නේද..?

    @Dude :
    නිර්මාණ සහ මනෝ විකාර ඩ්යුඩ්.. :D

    @ක්සැන්ඩර් | Xander :
    හ්ම්ම්ම්....ඒත් බැඳිම වැඩි වෙන්න වෙන්න අපි ආත්මාර්ථයෙන් ඈත් වෙනවනෙ ක්සෑන්ඩර්..රිතින් බලෙන් තියාගන්න හිතෙන්නෙත් නෑ..ඒත් යන්න දීලා ඒක ඉවසගන්නත් බෑ... :(

    ReplyDelete
  11. @හංසි :
    හ්ම්ම්ම්.....යන්න කලින්ම මෙච්චර දුකනම්..ගියාම දුක කොහොම වෙයිද මංදා...

    @prasanna86k :
    තැන්කූ ගෝල්ඩ්ෆිස්... :)

    ReplyDelete
  12. බලෙන් මොකට තියා ගන්නවද ......

    ReplyDelete

ඔයාලගෙන් ලැබෙන අදහස් මකුළු පැංචිට ඇත්තෙන්ම ලොකුම ලොකු ශක්තියක්...ඒ නිසා වෙලාවක් තියෙනව නම් හිතෙන දේ ලියලම යන්න හොදේ... :))..අදහස් දක්වන්න නැවතුනේ නැතත්..කියවන්න වියමනට ගොඩ වැදුණු ඔයාල හැමෝටමත්..ගොඩාක් ස්තූතියි.. :))

Related Posts Plugin for WordPress, Blogger...