ජීවිත වියමනේ..වියු රටා එකින් එක........

සුදු පාට ලෝකයක....නවතිමුද මොහොතකට.....






     මේ දවස් වල වසීලිස්සගෙ රටට ශීත සෘතුව හෙවත් සාමාන්‍ය භාවිත භාශාවෙන් කිව්වොත් වින්ටර් එක ලබලනෙ..සාමාන්‍යයෙන් වින්ටර් එක මැදක් වෙද්දි නම්  උශ්ණත්වය - 30ක් -35ක් හෝට ඊට වඩා වුණත් අඩු වෙනව වුණත් තවම පටන් ගත්ත කාලෙ නිසා වැඩියම සීතල නෑ.. පොඩි කාලෙ ඉඳලම හුරු වෙලා නිසා මේ රටවල් වල මිනිස්සුන්ට නම් ඒක ඒ තරම් ලොකු වෙනසක් නොවුණත් උපන් දා ඉඳලම හිරු එළියට උණුසුම් වෙවී...සදාහරිත පොලවක සැහැල්ලු ඇඳුම් පැළදුම් එක්ක ජීවත් වුණු මංචිලාට නම් ඒක ලොකු වෙනසක් බව අමුතුවෙන් කියන්න ඕනෙත් නෑනෙ නේද.. 


     අවංකවම මේ දවස් වල ඇඳෙන් නැගිටගන්නෙ බොහොම අමාරුවෙන්..   සීතල නිසා විතරක්ම නෙවෙයි..සාමාන්‍යයෙන් ශීත සෘතුව ලබද්දි දවල් කාලය කෙටි වෙන්නත් ගන්නවනෙ..ඒ කියන්නෙ හිරු එළිය තියෙන පැය ගනන අඩු වෙනවා..ඉක්මනට රෑ වෙලා ආපහු ඉර පායන්නත් පරක්කු වෙනවා..


     ඉතින් පන්ති යන්න ඇඳෙන් නැගිටින වෙලාව වෙද්දිත් යාන්තම් වත් ඉර එළියක් ගෑවිලාවත් නෑ අහසෙ.. වෙනදටනම් වින්ටර් එක ලබද්දි day light saving කියන ක්‍රමයට අනුව වෙලාව පැයකින් පස්සට දානවා.. එතකොට ටිකක් විතර වැඩ කිරිල්ල ශේප් වෙනවා..ඒත් කොරේ පිටට මරේ කිව්වත් වගේ.. මේ වින්ටර් එකේ ඉඳන් ක්‍රියාත්මක වෙන පරිදි වසීලීස්සගෙ රටේ මහරජතුමා ඒ පුරුද්ද අහෝසි කරලලු...   ඉතින් බැරි මරගාතෙ හරි පාන්දරම නැගිටගෙන පන්ති යන එකයි තියෙන්නෙ...  


     හැබැයි ඉතින් අමාරුවෙන් හරි නැගිටගෙන වොශ් එකක් දාගත්තට පස්සෙ සේප්..  


     මංචි මෙහෙම අඬ අඬ කංකෙඳිරිගෑවට අවුරුද්දෙ සෘතු අතරින් දෙවෙනියට ලස්සනම සෘතුව විදිහට මංචි පිලිගන්නෙ ශීත සෘතුව..(පළවෙනියට ලස්සන Autumn එක හොඳේ...)..අනික් අතට මංචිගෙ ජීවිතේට ගොඩාක් ලස්සනම,වටිනම දේවල් එකතු වුණෙත් සීතලම සීතල සිසිරයක් අතර මැදදි බවත් කොහොම අමතක කරන්නද.. 


     හරි හරි ඒ වැල්වටාරම් ඕන නෑ.. 


     ඉතින් එළියට යන්න කලින් බරට බරේ හිම කබා..මෆ්ලර්..මේස් ..බූට්ස් එහෙම තොගයක් ඇඳගෙන තමා එළියට බහින්න වෙන්නෙ..අදත් ඉතින් ඔහොම එළියට බහිද්දි මෙන්න බොලේ හිම වැටෙනවා....!!!!


     හිකිස්..දැන් කට්ටියම මට හිනා වෙනව ඇති නේද...  අවුරුදු තුනක් වසීලීස්සගෙ රටේ ඉඳලත් හිම වැටෙනව දැක්කම ගොඩයට මැජික් වගේද කියල... ආහ්හ්හ්...මට විතරක් නෙවෙයි..ඔයාලට වුණත් එහෙම හිතේවී..ඔයාලත් වින්ටර් එකට මම වගේම ආසනම්..  


     අනික තවම වින්ටර් එක පටන් ගත්ත ගමන් නිසා හරි හමන් විදිහකට හිම වැටෙන්නෙ කලාතුරකිනුයි..ගොඩක් වෙලාවට රෑ පුරාම හිම වැටිලා උදේට දිය වෙලා ගිහින්.එක්කො මිනිස්සු ඒව උඩ ඇවිදලා මඩ පාට වෙලා..ඉතින් අලුතින්ම හිම වැටෙද්දි හරිම ආස හිතෙනවා..මංචි මුලින්ම හිම දැක්ක දවසෙ දැනුනු හැඟීම නම් වචන වලින් විස්තර කරන්න බෑ යාලුවනේ..   හරියට හයිකු කවියක් වගේ... අපි අපිම තේරුම් ගන්නව මිසක නියම අරුතක් දෙන්න අමාරුයි..එදා ඇති වෙනකල් හිමේ නට නට ඉඳලා...අන්තිමට හිම පොඩ්ඩක් දිව ගාලා බලන්නත් මංචි අමතක කලේ නෑ.. හදිසියෙ හරි හිම සීනී වගේ පැණි රස වුණොත් එහෙමෙ නේද..???...හිකිස්....  


     මංචිටනම් හිම වැටෙද්දි දැනෙන්නෙ අමුතුම හැඟීමක්..හරියට මුලු ලෝකෙම සාමකාමී වෙලා වගේ..හිම පියලි ඇවිත් මූනෙ වදිද්දි ඇස් දෙක පියාගෙන ඉන්න මංචි හරිම ආසයි.....වෙලාවකට කාමරේ ජනෙල් පඩිය උඩට වෙලා හිම වැටෙන දිහා බලාගෙන ඉන්න මංචි හරි කැමතියි..  


     ඉස්සරනම් හිත එක එක පාරවල් දිගේ ඇදිලා ගියත්..දැන්නම් හිම කියන වචනෙ ඇහුවත් මතක් වෙන්නෙ එකම එක මතක ගොන්නක් විතරයි...ඒ ගැන හිතනකොටත් මංචිට බයක් දැනෙනෙනවා...දවසක ඒ මතකයන් මතකයන් විතරක්ම වුනොත් මංචිට සීතල හිම දිහා බලද්දිත් හදවතින් පිච්චෙන්න සිද්ධ වේවිද කියලත්...හ්ම්ම්ම්  


     අයියෝ...ආයෙත් ට්‍රැක් පැන්නනෙ ඉතින්...හිකිස්...


     දකින දකින හැම පැත්තකම සුදුම සුදු පාටට වැහිල තියෙනව දකින්න කොච්චර ආස වුණත්....ඒව උඩ ඇවිදිද්දි..බූට් සපත්තුවලට හිම කැටිති පෑගෙද්දි ඇහෙන කිරි කිරි සද්දෙට නං මම පොඩ්ඩක්වත් ආස නෑ...   හරියට ''අනේ අපිව පාගන්න එපා...''කියල එයාල අඬනව වගෙයි ඒ සද්දෙ..පව් නේද......


     අද උදේ එළියට බැස්සමත් මංචිට හරිම සතුටු හිතුනා..ඒ ඉතින් හිම වැටෙන්න පටන් අරං තිබුණු නිසාය කියල දන්නවනෙ.....මුලු ලෝකෙම අලුත් වෙලා වගේ දැනුනා..   ඒත් ඉතින් දුක තමා..පංති යන ගමන් හිමේ සෙල්ලම් කර කර ඉන්න බෑ නේ...ඒ වුණත් පුලුවන් තරම් වෙලා අරගෙන අලුත් හිමේ ඇඳුණු අලුත් අලුත් රටා එහෙමත් බල බල යන්න අමතක කළේ නෑ.. එතකොට තමා මංචි මේ අවුරුදු 3ටම නොදැකපු විදිහට තුනී හිම තලාව උඩ පරවියන්ගෙ අඩි සටහන් තියෙනව දැක්කෙ...ඔය පින්තූරෙ තියෙන්නෙ...දැක්ක නේද...?? බලන්න ලස්සනයි නේද කියල..... 


     ආහ්හ් කියන්න අමතක වුණානෙ..සාමාන්‍යයෙන් කොච්චර හිම වැටුනත් වින්ටර් එකේ මුල් කාලෙදි ගස් වල අතු රිකිළි වල රැඳෙන්න තරම් සියුම් විදිහට හිම පතනයක් වෙන්නෙ කලාතුරකින්..අද අන්න ඒ විදිහට හිම වැටිල තිබුණු එකත් විශේෂත්වයක්...කොළ හැලිල නිරුවත් වෙලා හිටපු අතු රිකිළි වට කරගෙන..හරිම තුනීයට සියුම් සේද රෙදි එළල වගේ තමයි...එහෙම යාන්තම් වැටුනු හිම පටලය මංචිටනම් පෙනුනෙ...


     හිකිස්..ඉතින් ඔහොම උඩ බිම බල බල හීන දැක දැක ගිහින් පංතියට යාගන්න පරක්කුත් වුණා ඕං...   ඒත් ඉතින් හිතට හරිම සැහැල්ලුවක් දැනුනා ඇත්තටම...


     වින්ටර් එකේ මැදක් වෙද්දි එක දිගට හිම වැටිලා මුලු ලෝකෙම හිමෙන් වැහිලා යනවා වගේ වුණාම නම් හරිම ලස්සනයි..මංචිගෙ කාමරේ තියෙන්නෙ හොස්ටල් එකේ 7 වෙනි තට්ටුවෙ නිසා...කාමරේ ජනේලෙන් එබුනහම පේන්නෙ හරිම ලස්සන හිම යායක්..ඔය පහල තියෙන්නෙ පහුගිය වින්ටර් එකේ කාමරේ ජනෙල් පඩිය උඩ ඉඳගෙන ඉද්දි ගත්ත පින්තූර.....
හොස්ටල් එක ඉස්සරහ තියෙන ඇපල් ගහ

ගස් උඩ වැටුණු හිම සේලය... :)


ඈතින් පේන හිම යාය





     ආහ්හ්... ඒ වගේම නියම ෆන් වැඩේ තමා හිම බෝල වලින් ගහගන්න එක..මංචියි එයාගෙ පිස්සු යාලුවොඉ නම්...හුස්ම හිර වෙන තරම් සීතල අල්ලනකල්ම හිම වලින් ගහගෙන තියෙනවා...හෙහ් හෙහ්...මතක් වෙද්දිත් හිනා වෙලා මැරෙනවා...   ඒ වගේම හිම මිනිහෙක් හදන එකත් නියම වැඩක්...හරිම ලේසියි වගේ පෙනුනට අලිම අලි හිම ගොඩක් බෝලයක් කරන්න ගියාම හොඳ පන යන බව දන්නෙ හදපු එකාම තමා...


     අවාසනාවට වගේ මංචිලා හදපු හිම මිනිහගෙ පින්තූරයක් නම් නෑ...වෙන කවුදෝ කට්ටියක් හොස්ටල් එක ගාව හදල තිබ්බ හිම මිනිහෙක්ගෙ පින්තූරයක් තමා ඔය තියෙන්නෙ හොදේ...


     එහෙමනම් ඔන්න ඕව තමා මංචිට හිමත් එක්ක තියෙන අත්දැකීම් වලින් කොටසක්...තව හිම ගොඩාරියක් වැටුනහම තව හිම පෝස්ට් එකක් දාන්නම්කෝ......හරි එහෙනම් මංචි උණුම උණු නෙස්කැෆේ එකක් හදාගෙන එනකල්   ඔයාල වෙවුල වෙවුල වසීලීස්සගෙ රටේ සීත සෘතුව සීතමම සීතල ගැන හීනයක් බලන්න හොඳේ........
   



37 comments:

  1. අක්කට ලස්සන අත්දැකීම් ගොඩක් ලබාගන්න පින තියනව නේ! :)

    මේකත් බලන්න! :)
    http://www.youtube.com/watch?v=-2jYz6Bg128&feature=related

    ReplyDelete
  2. අනේ හරි ලස්සනයි සීඊඊඊඊතල ඇති නේ.අර හිම වලින් සෙල්ලම් කරන්නත් පුලුවන්.

    ReplyDelete
  3. අපොයි ඉතින් වින්ටර් එකේ ලස්සන වගේම තමයි කන්න වෙන කට්ටත් , වැරදිලා හරි රූම් එකේ හීටර් එක කැඩුනොත් අබ සරණයි

    ඉඩක් ලැබුන වෙලාවක අලුතින් පටන් ගත්ත මගේ මකර ගුහාව පැත්තෙත් ඇවිල්ල, අඩුපාඩු ඇතොත් පෙන්නලා දීල යන්න කියල මම ආදරයෙන් ආරාධනා කරනවා

    ReplyDelete
  4. මමත් හදල බලන්න ඕන මේ වගේ බෝනිකුක්කෙක්

    ඉඩක් ලැබුන වෙලාවක අලුතින් පටන් ගත්ත මගේ මකර ගුහාව පැත්තෙත් ඇවිල්ල, අඩුපාඩු ඇතොත් පෙන්නලා දීල යන්න කියල මම ආදරයෙන් ආරාධනා කරනවා

    ReplyDelete
  5. අපිට කතානියා තියෙන සීතල මදි නිසා මං මේ පාර නත්තලට මිලානෝ යන්න ඉන්නේ.. එහෙත් ඔය වගේ -30ක් විතර වෙනවා සමහර වෙලවට..

    ReplyDelete
  6. මංචි, මාත් හෙන ආසාවෙන් ඉන්නේ හිම පොළවක කකුල තියන්න. බලමු කවදහරි හිම චුට්ටක් දැක ගන්න...

    ReplyDelete
  7. මාත් හරිම ආසයි හිම ගොඩේ දුවන්න. කකුල් එරි එරී දුවනකොට මාර සනීපයක් තියෙයි නෙහ් !!

    මම නම් ඔය කාලෙට එහේ හිටියා නම් හොදටම පොරවගෙන නිදාගනී. කන වෙලාවට ඕන් නම් චුට්ටක් ඇහැරෙයි.

    ReplyDelete
  8. පින්තූර ටික දැකලා අතීතයට ගියා මොහොතකට....... මම හරිනම් මංචිලා ඉන්නෙ කෘක්ස් යුනිවර්සිටි එකේ 5ත් හොස්ටල් වල !

    ReplyDelete
  9. අපි ඉන්න පැත්තට දරුණුම වින්ටර් එකක රෑට තමා - 4 හෝ 5 ට බහින්නේ, හිම දකින්න කි.මී. 400 ක් විතර දුර යන්න ඕනෙ.

    [උඩම තියෙන බංකුවෙ පින්තුරෙ දැක්කම, මන් ලියපු පරණ ඇත්ත කතාවක් මතක් වුනා]

    ReplyDelete
  10. @තනි අලියා :
    ඒකනම් එහෙම තමයි මල්ලියෝ...:)

    @නදී :
    තවම ගොඩාක් සීතලත් නෑ නදී...පස්සෙනම් සීතල වෙයි ගොඩාක්...

    @මකර ගුහාවේ ගින්නා :
    අපෝ හීටර් කැඩෙන එක නම් භයානක හීනයක් වගේ... :D

    ReplyDelete
  11. @මකර ගුහාවේ ගින්නා :
    අයියෝ..ඔය බෝනික්කෙක් නෙවෙයි...හිම මිනිහෙක්.... :O

    @Dinesh :
    අයියෝ...ඔයාලට පිස්සුද අනේ...අපි මේ සීතල නොවේවා කියල පතනවා..ඔයාලා සීතල හොයාගෙන යනව..හිකිස්... :P

    @prasanna86k :
    අනිවා යන්න ගෝල්ඩ්ෆිස් අයියේ...ඒකනම් විඳගන්නම වටින අත්දැකීමක් ඇත්තෙන්ම... :))

    ReplyDelete
  12. @මධුරංග :
    ඔව් ඔව්...සපත්තු නොදාම දුවන්න තියෙනවනම් තමා වැඩියෙන්ම ෆන්...අපෝ ඔයානම් අලිම අලි කම්මැලි වලහෙක්..නැත්තම් මෙච්චර ලස්සනට හිම වැටෙද්දි නිදාගන්න හිතේවියෑ,,, :?

    @රුවන් තුෂාර :
    මටනම් අදහගන්නත් බෑ...ඒ කියන්නෙ ඔයත් මගේ උනිවර්සිටි එකේ ඉගෙන ගතපු කෙනෙක්ද.දැහෙම නැත්ත්නම් අඩුම ගානෙ ඔයා නිතරම අපේ හොස්ටල් එකට ආව ගිය කෙනෙක් හරි වෙන්නම ඕනේ...නැතුව මමනම් හිතන්නෙ නෑ..මේ දාල තියෙන හිමෙන් වැහුණු පිතූර දිහා බලලා ෆොටෝ එක ගතපු කෙනා හිටපු තැන හොයාගන්න එක ලේසි වැඩක් වෙයි කියලනම්....මම ඔයාව දන්නවද දන්නෙත් නෑ නේද..?? :D

    @Observer :
    අයියො..ඔබා මාමලගෙ දිහාට පොඩ්ඩ්ක් වත් ස්නෝ කරන්නෙ නැද්ද..අපරාදෙ ඒකනම්...මේ පෝස්ට් එක මම කලිනුත් කියෙව්වා ඔබා මාමෙ..හැබැයි ආපහු වතාවක් කියවලා ආයෙමත් හිනා වෙලාම ආවා... :D

    ReplyDelete
  13. මට ආසයි හිම කන්න...දැකලත් නෑ..කාලත් නෑ නේ...

    ReplyDelete
  14. මම ඔයාහෙ යුනිවර්සිටි එකේ ඉගෙන ගත්ත කෙනෙක්නම් නෙමෙයි. ඒත් මම නිතරම ඔතනට ආව ගියා.... ඒ දැනට අවුරුදු 4-5 කට කලින්. මම හිතන්නෙ එතකොට ඔයා කෘක්ස්වල නැතුව ඇති.

    ReplyDelete
  15. මොකද අප්පා ..දැන් පොස්ට් අඩු ....?
    ලියන්න කම්මැලීද ..?

    ReplyDelete
  16. @ඔබ නොදු‍ටු ලොවක්..... :
    මමත් සීනි වගේ රහ වෙයි කියල කෑවට හැබැයි..නිකම්ම කටේ දිය වෙලා ගියා විතරයි අනේ...ඔයාට ශුවර් නැත්නම් මං කියන එක කාලම බලන්නලකෝ... :D

    @රුවන් තුෂාර :
    එහෙමනම් අයියා පොලිටෙක් එකේ හිටපි ස්ටුඩන්ට් කෙනෙක් වත්ද..?? අකමැත්තක් නැත්නම් මකුළු පැංචිට මූනූ පොතේ රික්වෙස්ට් එකක් දාන්නකෝ...මං දන්න කෙනෙක්ද කියල බලන්න.. :D

    @මගේ කවි :
    කම්මැලි කමක් නම් නෑ යාලු...ඒ වුණත් කාල වෙලාවයි හිතේ නිදහසයි අඩුයි මේ දවස් වල...කලබලේට ලියලා කියවන්න හිතෙන්නෙ නැත්නම් වැඩකුත් නෑනෙ නේද..?? :)

    ReplyDelete
  17. ඔයාගේ පෝස්ට් එක කියෙව්වහම මටත් ඔය පැත්තට ඇවිත් යන්න හිතුනා.. ඇත්තටම මමත් ඔයාල විඳින සුන්දරත්වය සිතින් විඳ ගත්තා.. මමත් ආසයි හිමේ සෙල්ලම් කරන්න... බලමුකෝ චාන්ස් එකක් හම්බ උනොත්.. :))

    ReplyDelete
  18. අනේ අපිටත් හිම ඕනා..... ආසයි මටත් හිම උඩ ඇවිදලා.. හිම බෝල වලින් ගහගෙන.. හිම මිනිස්සු හදන්න.. :) මකුළු පැංචිගේ වියමන පැත්තේ ඔන්න ආව හුඟ කාලෙකින් :) ඒ ව‍ගේම මෙන්න මේකත් හදන්න :P "මට පාඩ වෙලා"

    ReplyDelete
  19. මේක කියවලා මටත් හීතල අල්ලලා වගේ.

    ReplyDelete
  20. අනේ අපිටත් හිම ටිකක් මේල් කොරන්ඩකෝ....

    ReplyDelete
  21. අම්මෝ...මටනම් සීතල සන්නිය හැදෙයි ඔහේ ආවොත්.මට සිරීපාදෙ යනකොටත් ඇගිලි අනික් පැත්ත ගහනවා.

    ReplyDelete
  22. @උදයංග ලක්මාල් :
    චාන්ස් එකක් නොලැබුණොත්තෙකක් හදාගෙන හරි එන්න කොහොම හරි.. :))

    @Yohan Kanishka | යොහාන් කණිෂ්ක :
    එහෙනම් ඉගිල්ලිලා හරි එන්න තමා තියෙන්නෙ.. :D
    හපොයි...මෙච්චර කියවලා පෝස්ට් කරලත් වැරදිලානෙ..ඔන්න හරි ගැස්සුවා.. :))

    @පිණිබිඳු... :
    හෙහෙ...එහෙනම් ඉතින් මෙහෙ ආවොත් මොනව වෙයිද දන්නෑ..පිණිබිඳු අයිස් කැටයක් වේවිද මන්දා... :)

    ReplyDelete
  23. @මකුළුවා.....
    මේල් එඩ්‍රස් එක එවන්ඩකො...ඇටෑච් කරලවත් එවන්න බලන්නම්.. :D

    @නිසුපා :
    එහෙම වෙන්නෙ නෑ...කොහොමින් හරි ලංකාවෙදි තියෙන ආද්‍රතාව ඇඩි සීතලයි..මෙහෙ හිම නිසා ඇති වෙන වියලි සීතලයි දෙක වෙනස්... :)) අනික සුදුසු විදිහට ඇඳගෙන ග්ලවුස් දැම්මමහම ගානක් නෑ අක්කේ.. :)

    ReplyDelete
  24. ඔයා මූණු පොතේ රික්වෙස්ට් දාන්න කිව්වට ඒක ඔයාගෙ ඇත්ත (real profile) ප්‍රොෆයිල් එක නෙමෙයිනෙ. අදුනගත්තෙ නැතුවට කමක් නෑ. ඔයාගෙ හොද පාඨකයෙක් කියල හිතාගන්නකො දැනට :)

    ReplyDelete
  25. @රුවන් තුෂාර :
    මගේ අනන්‍යතාවය බ්ලොග් අඩවියේ හෙළි කරන්න මම තවමත් තීරණය කරල නැහැනේ..ඉතින් කොමෙන්ටුවක මගේ Real Facebook Profile එකේ ලින්ක් එක දෙන්න විදිහක් නෑ..මකුළු පැංචිගෙන් මාව ඇඩ් කරන්න කිව්වෙ නම් ඒ හරහා ඇත්ත නම් ගම් වලින් කතාකරන්න හිතාගෙනයි..ඒත් ඉතින් ඔයා හිතනවනම් ඒක අවශ්‍ය නැහැයි කියලා.... As you wish... :D

    එහෙනම් වියමන හැඩ කරන මිතුරු රටා ගොන්නට සාදරයෙන් පිළිගන්නවා.. :))

    ReplyDelete
  26. ෂා.. ෂෝක් පින්තුර ටික.. මටනම් කියාපු ගමන් ආස හිතෙන මාතෘකාවක් අද තියෙන්නේ. පුංචි කාලේ හිම ගැන කියවද්දී කතන්දර අහද්දී හිතාගත්තු එක හීනයක් තමා කවද හරි හිම උඩ ඇවිදිනවා කියන එක. එත් තවම මට ඒ දේ කරගන්න බැරි උනා. ඔය නම් ඒ හිමේ නේ ඉන්නේ. එත් මම මගේ අනික් හීනේ හැබෑ කරගනිමින් සහ කරගෙන ඉන්නවා. ඒ තම අරාබි කතා කරන්න වගේම ලියන්න ඉගනගන්න එක. ඇලඩින් ගේ කතා කියවද්දී 1001 රැයක් කියවද්දී මට අරාබිය ගැන මැවුනේ අමුතුම චිත්‍රයක්. ඉතිං ඔය අරාබි ලියන කතාකරන එක මං හීන්සීරුවේ ට්‍රයි එක දෙන වැඩක් මේ දවස් වල. හැබෑ කරගත්ත හීනේ තමා කාන්තාරේ වැලි කඳු වල ඇවිදින එක. දැන් ඒකනං ඉතිං ඕනේ පදම්.. අහ්.. පොඩ්ඩෙන් නං අමතක වෙනවා.. ලස්සන පින්තුර ටික.. මංචි ඔයාට හොඳ ඇහැක් තියනවනේ. ඒ එක්කම මට හිතෙන්නේ හොඳ ඩී.එස්.එල්.ආර්.එකකුත්....

    ReplyDelete
  27. @ක්සැන්ඩර් | Xander :
    මටනං හිම වැටෙන රටකට යන්න පුදුමාකාර ආසාවක් ඇති වුණේ ලෝරා ඉන්ගල්ස් ලියපු විදර්ශන ප්‍රකාශණයක් වශයෙන් ගංගා නිරෝශනී සුදුවැලිකන්ද විසින් පරිවර්ථනය කරපු ලිට්ල් හවුස් පොත් මාලාවෙ ''සීතලෙන් සීත වුණු සීතසමය'' කියන පොත කියෙව්වමයි..කොටිනම කිව්වොත් ඒක හිමෙන් වැහුණු පොතක්.. හිම අත්දැකීම විඳගන්න ලැබුණත්...කණගාටුවෙන් වුණත් කියන්න ඕනා ඒ පොතේ එන විදිහෙ හිම කුණාටුවකට නම් මූණ දෙන්න වුණේ නෑ....

    මංචිගෙ වාසනාවට (මංචිගෙ අම්මිට පින් සිද්ධ වෙන්න)කාන්තාර බිමක ඇවිදලා පිරමීඩ සහ ඊජිප්තු සංස්කෘතිය දැක බලාගන්නත් වාසනාව ලැබුණා... :))හැබැයි අරාබි කතා කරන්න ඉගෙන ගන්නනම් බැරි වුණා.. :D

    තැන්කූ තැන්කූ..මගේ ඇහැ ගැන කරපු වර්ණනාවට.. මංචිට නං තියෙන්නෙ බොහොම සාමාන්‍ය කැමරාවක්..හොද ප්‍රොෆෙශනල් කැමරාවක් ගන්න පෙරුම් පුරාගෙන උන්නට තාම බැරි වුණානෙ ඒ ආසාව ඉටු කරගන්න...රස්සාවක් කරන කාලෙකවත් බලමුකො..නේදෑ.. :))

    ReplyDelete
  28. මකුළු පැංචි නැන්දේ ,
    අපිට නම් මේ මුල්ම වින්ටර් එක ...හරි ෂෝක් ...නැන්ද කියනවා වගේ අපිත් ඉස්කෝලෙ යන්න එළියට බැහැපු ගමන් පළාතම සුදු පාට වෙලා ...හරිම ලස්සනයි , සීතලයි....මේ කතාව අපි දෙන්න එක දිගට කියවගෙන ගියා හරි ලස්සනයි
    මෙන්න අපි දෙන්නට ඔය වගේ දවසක වුනු දේ

    https://www.facebook.com/photo.php?fbid=332593640087694&set=a.254281284585597.79563.100000111832925&type=1&theater

    ReplyDelete
  29. නැන්දිගෙ පෝස්ට් එක කියවන්න ආවට ඔය දෙන්නට ගොඩක් ස්තූතියි හොඳේ...පින්තූරෙ ඉන්න දිනිතිගෙයි මිලිතිගෙයි ලොකු වුණු ඇස් දෙකෙන්ම පේනවා ඔයාලට ඒ මුල්ම වින්ටර් දවස කොච්චර ආස හිතෙන දවසක් වෙලාද කියලා.. :))

    ReplyDelete
  30. අපේ ගෙදර කුස්සියේ හිම තිබුන ඉස්සර. තාත්ත ලදී හිම නොබැදෙන ශීතකරණයක් ගෙනවනේ දැන් එකත් නැහැ .මං ඉන්න ටටට හිම වැටෙන්නේ නැහැ නේ

    ReplyDelete
  31. @අසරණයා :
    අයියෝ..තත්තා වැඩේ කාලනෙ...:D ඒක නෙවෙයි..අසරණයා ඉන්න රට මොකද්ද..? :D

    @මාධව - மாதவ - Madhawa :
    හෙහ් හෙහ් හෙ.... :D

    ReplyDelete
  32. වසීලිස්සාවයි ගෝර්කි සීයාවයි හම්බුණොත් ඉඩ ලැබුණු ගමන් බලන්න එන බව කියන්න.

    ReplyDelete
    Replies
    1. හරි නෙරංජි හමු වුණු ගමන් කියන්නම්කො.. :D

      Delete
  33. අනේ ෂෝක් ෆොටෝ ටික, මමත් -22 ඉඳලා තියනවා, කොච්චර සීත කාලෙට සීතල එපා උනත් රස්නෙ කාලේ එනකොට හිතෙනවා සීතල කාලේ කොච්චර හොඳද කියලා .......

    ආයිත් යන්න ඇත්නම් කියලා හිතුනා ......

    ReplyDelete
    Replies
    1. අනේ ඔව් අප්පා..මටත් සීතල නං ඉවසතෑකි..ඒත් රස්නෙ තමා දරාගන්ටම බැරි.. :(((

      Delete
  34. Harrah's New Orleans Casino & Hotel - Mapyro
    Find Harrah's New Orleans 강원도 출장안마 Casino & 안양 출장샵 Hotel 군포 출장마사지 location in New Orleans, LA, revenue, industry 순천 출장샵 and 청주 출장마사지

    ReplyDelete

ඔයාලගෙන් ලැබෙන අදහස් මකුළු පැංචිට ඇත්තෙන්ම ලොකුම ලොකු ශක්තියක්...ඒ නිසා වෙලාවක් තියෙනව නම් හිතෙන දේ ලියලම යන්න හොදේ... :))..අදහස් දක්වන්න නැවතුනේ නැතත්..කියවන්න වියමනට ගොඩ වැදුණු ඔයාල හැමෝටමත්..ගොඩාක් ස්තූතියි.. :))

Related Posts Plugin for WordPress, Blogger...