ජීවිත වියමනේ..වියු රටා එකින් එක........

ඉගිලී එන්නෙමි.......මම නුඹෙ තුරුළට...


   


  උතුරන තනිකම..
හිම මත තනිකොට
පියඹමි පියඹමි
    උණුසුම් පියසට....
කොතරම් කඳුලැලි
නැඟුනත් නෙතඟට
සැනෙකින් පිසලන
   අදරැති සෙවණට...

හද ගැස්මක් සේ 
දුටු ආදරයට
හදවත දොරගුලු
   හැර දුන් වරදට...
විඳවන සිතුවිලි
වැරයෙන් ගුලිකොට
ඉගිලී එන්නෙමි
   මම නුඹෙ තුරුළට...

මගෙ මව්බිම මත
පියවර නඟනට
මගෙ හිත හඳුනන
    මිතුදම් පියසට....
නිතරම දඟ වැඩ
කළ මුත් හරියට
සමාව දෙනවද
     අම්මේ දෝණිට....




෴මංචි෴

32 comments:

  1. එන්න එන්න අක්කේ... ඉගිලීලා...!!! හි හි හි!!!

    ReplyDelete
  2. අම්මලා දරුවන්ට අසීමතව ආදරෙයි. ඒ නිසා සමාව නොදී ඉන්නේ නෑ. ඉක්මනටම ඉගිල්ලිලා එන්න අම්මෑ තුරුලට.අම්මා ආසාවෙන් බලාගෙන ඉන්නවා ඇති දූ පොඩ්ඩගේ මූනු පොඩිය බලන්න. :)

    ReplyDelete
    Replies
    1. හිකිස්..අම්ම ඇති කොස්සත් උස්සගෙන.. :D

      Delete
  3. එන්න එන්න .. මකුළු දැළ අත ඇරලා අම්මල බලාගෙන ඇත්තේ ...

    ReplyDelete
    Replies
    1. නෙට් නැති නිසා දැල රුසියාවෙ දාල තමා යන්ට උනෙ.. :D

      Delete
  4. දුවලා එන්න අක්කේ,,, :))

    ReplyDelete
  5. එන්න එන්න..... හාදුවක් දීලා ම භාර ගනීවි.......... :D :D

    ReplyDelete
  6. තමන්ගේ දරුවා මොනවා කලත් ගොඩාක් අම්මලා තමන්ගේ දරුවට නොසෑහෙන්න ආදරෙයි.. ඔයාගේ අම්මත් එහෙමයි නේද?

    ReplyDelete
    Replies
    1. ඔව් ශානී...හැම අම්මම ඒ වගේනේ... :))

      Delete
  7. //සමාව දෙනවද
    අම්මේ දෝණිට....//

    අන්න අම්ම ඉලපත ලෑස්ති කොරන් ඉන්නවලු...හෙහ්...හෙහ්...

    ReplyDelete
    Replies
    1. ඔව් ඔබා මාමේ..බයේ බෑ..අපේ අම්මි නං එහෙම ඉඳීද කියලත් සුවර් නෑ.. :D

      Delete
  8. සංවේදී පද පෙළක් එක්ක කොමෙන්ට් කරන්න බැරි තරම් දේවල් ගොඩක් හිතට අවා.. ම්ම්ම්ම්....

    ReplyDelete
  9. මකුළු පැන්චි ලන්කාවට එනව වගේ..... ඒත් මේ කාලෙ නිවාඩු නැහැනෙ ! winter vacation ද?

    ReplyDelete
    Replies
    1. ඔව් රුවන් අයියේ..වින්ටර් වැකේශන්.. :)

      Delete
  10. අනිවා දෙනවා, ඒ නැතත් වෙන කොහේ කියලා යන්නද අම්මා ලඟට ඇරෙන්න! ඊටත් වඩා සනීප තැනක් වෙන කොහෙන් හොයන්නද???????????

    ReplyDelete
  11. ගම රට බලා එනවා වගේ....හොදයි හොදයි.... අම්මා බලාගෙන ඇති...

    ReplyDelete
  12. මකුළු පැංචි ලස්සනට බ්ලොග් අක ලියනවා .....

    මගේ පලවෙනි බ්ලොග් අක
    http://sakkarayaa.blogspot.com/

    ReplyDelete
  13. ඉගිලුනත් තටු සලා රිසි සේ
    කැල වුනත් නො වුනත් අන්තිමේ
    හද වසා උතුරනා ආදරය
    මවකගේ කිසිදින අඩු නො වෙයි
    කියා මම අදහමි ........
    අත්දැකීමෙන්

    ReplyDelete
  14. lassanai manchi,.. oyage pahu giya post eka nam hugak watinawa.mewa ape demaupiyanta therum ganna puluwan nam api mona tharam wasanawanthada neda?

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සොඳුරු මිනිසෝ... :)))

      Delete

ඔයාලගෙන් ලැබෙන අදහස් මකුළු පැංචිට ඇත්තෙන්ම ලොකුම ලොකු ශක්තියක්...ඒ නිසා වෙලාවක් තියෙනව නම් හිතෙන දේ ලියලම යන්න හොදේ... :))..අදහස් දක්වන්න නැවතුනේ නැතත්..කියවන්න වියමනට ගොඩ වැදුණු ඔයාල හැමෝටමත්..ගොඩාක් ස්තූතියි.. :))

Related Posts Plugin for WordPress, Blogger...