ජීවිත වියමනේ..වියු රටා එකින් එක........

මා සිතට අහම්බෙන්..... ඔබ එබිකම් කළ අරුමය රහසින්....




     මකුළු පැංචිගෙ ජීවිතේ අම්මිටයි තාත්තිටයි පස්සෙ ඉන්න වැදගත්ම කෙනා තමයි වවුල් කුමාරයා.මතකනෙ පොඩිකමට වසීලීස්සා වුණු වෙලාවෙ තමයි මකුළු පැංචි එයාගෙ කුමාරයා මොන වගේ වෙන්න ඕනෙද කියලා මවාගත්තෙ කියලා..හික් හික්..අපි හැමෝම ජීවිතේ යම් යම් අවස්තාවන් වලදී ඔහොම මවාගැනීම් කරනවනෙ නැද්ද..?? ඒ වුණාට මකුළුට දැන් නම් ඒ රූපෙ හාංකවින්සියක්වත් මතක නෑ ඕං...



     ඒ නිසා වෙන්න ඇති මකුළු පැංචිට වවුල් පැංචෙක්ව කුමාරය කරගන්න හිතෙන්ට ඇත්තෙ.. වසීලීස්සා වෙලා මවාගත්තු කුමාරයාව අමතක වුණාට මොකද මකුළු පැංචිට වවුල් කුමාරයාව මුන ගැහුණෙත් වසීලීස්සගෙ රටේදිම තමයි.....මොකද පැංචි දැනට ජීවත් වෙන්නෙ වසීලීස්සගෙ රටේනෙ.පැංචි හිතාන උන්නෙ ගෙදරින් එද්දි අම්ම දීපු උපදෙස පිළිඅරන් පෙම් හබවල නොපැටලී ඉන්ටනං තමා..ඒත් ඉතින් හිත හීලෑ නෑනෙ.. හිකිස්..වසීලීස්සගෙ රටේදි මුනගැහුණු වවුල් පැංචෙක් ඔක්කොම කණපිට ගැහුවා නොවෑ..


     දැන් යාළුවො හිතනව ඇති..''බොලේ මකුළි රුස්සෙක්වත් සෙට් කරගෙනද කියල....'' නෑ නෑ...එයා රුසියානුවෙක් නෙවෙයි..හික් හික් හොඳ සිංහල ලේ තියෙන වවුලෙක්..හිකිස්..


     මකුළුයි වවුල් කුමාරයයි ''යාලු වෙන්ට'' කලියෙන් වසීලීස්සගෙ රටේදි මකුළුට හිටිය හොඳම යාලුවා තමයි වවුල් කුමාරයා.(ඒක හරිම හතරබීරි කතාවක්නෙ නැද්ද...හිකිස්..)..හරි හරි..යාලු වෙන්න කලියෙන් කිව්වෙ ආදරෙන් බැඳෙන්න කලියෙන් කියල සයිබරේ කොයි කවුරුත් දන්නව ඇතිනෙ නේද..?? වසීලිස්සගෙ රටේදි මකුළුගෙ ඕන කරදරේකදි මකුළු පැංචිට තනි නොතනියට,උදව්වට හිටියෙ වවුල් කුමාරයම තමයි ඉතින්..සාමාන්‍යයෙන් ගෑනු ළමයෙක්ගෙයි පිරිමි ළමයෙක්ගෙයි මිතුදමට මිතුරන්ගෙන් ලැබෙන ප්‍රතිචාරෙ කොහොමද කියලා මකුළු පැංචි අමුතුවෙන් කියන්න වුවමණා නෑනේ.... මකුළුටයි වවුල්ටයිත් ඒවගෙන් නං අඩුවක් තිබ්බෙ නෑ..කන් දෙකේ ඇඟිලි ගහගන්න තරමට විහිලු තහලුයි,බයිට් ගොඩාරියකුයි ලැබුණා මකුළු පැංචිටයි,වවුල් කුමාරයටයිත්...


     වවුල් කුමාරයා පැංචිට වඩා අවුරුදු 3ක් ලොකු පංතියකයි හිටියෙ.කවුරුත් දන්න බාසාවෙන් කිව්වොතින් ඒ කියන්නෙ එයා සීනියර් කියන එකනෙ.මකුළු පැංචි එක වසරට එද්දි වවුල් කුමාරයා 4 වසරෙ.ඒ නිසා මුල දවස් වල මහ ආඩම්බරයි.මකුළු දෙක වසරට පාස් වෙනකම්ම වවුල් කුමාරයව දන්නෙ නමින් විතරයි.දෙක වසරෙදි ඔන්න මකුළුට වවුල් කුමාරයගෙන් රික්වෙස්ට් එකක් ආවා එයාගෙ මූණු පොතේ යාළුවෙක් වෙන්ටය කියලා. මකුළු ඉතින් ඔන්න ඇරයුම බාර අරගෙන ඔන්ලයින් යද්දි මෙන්න වවුල් කුමාරයත් ඉන්නව ඔන්ලයින්... :D


     ආඩම්බර පාටට හිටියට මකුළු අහලා තිබ්බා වවුල් කුමාරයා ෆිට් වුණාම මාර හොඳයි කියලා.ඒ නිසාම මකුළුත් 'hi' පාරක් දාලා ටිකක් බය සැකත් ඇතුවම කතා කළයි කියමුකො..මෙන්න බොලේ ටික වෙලාවකින් දෙන්නම චැටර් බොක්ස් දෙකක් වගේ...කියවනවා කියවනවා...ඉවරයක්ම නෑ..හිකිස්..ඔන්න ඔහොම පටන් ගත්ත කියවිල්ල ඊට පස්සෙ ස්කයිප් එකටත් බෝ වෙලා චැට් එක ස්කයිප් වොයිස් කෝලින් බවටත් පරිවර්තනය වෙලා මාසගණනක්ම ගියාය කියමුකො.


     මේ කාලෙ ඇතුලත තමා දැනගත්තෙ දෙන්නටම දිවා රෑ වෙනසක් නැතුව කිසිම මහන්සියකින් තොරව වරු ගණන් කියව කියව ඉන්න එක ඒ හැටි ගේමක් නෑ කියන එක... අනික වවුල් කුමාරයා වැඩිපුරම (99% විතර) ඔන්ලයින් එන්නෙ මහ රෑට...1-2 විතර...හිකිස්...මකුළුත් ඉතින් ඇහැරගෙන එයා එක්ක කියව කියව ඉන්නවා පාන්දර ජාමයක් වෙනකල්ම..සමහර දාට නිදාගන්නෙත් නැතුව පහුවෙනිදා ලෙක්චර්ස් ගිහින් ලෙක්චර් එකේදි නිදිකිරා වැටෙනවා..හික් හික්.ඕක දැකපු මකුළු පැංචිගෙ රූමි තමයි වවුල් කුමාරයට මුලින්ම ''වවුලා'' කියලා නමක් දැම්මෙ... :D...මකුළුයි වවුල් කුමාරයයි මේ කාලේ වෙද්දි පුදුම හොඳ යාළුවො..(මකුළුටනම් හිතාගන්න බෑ කාලය මිනිස්සුන්ව මේ තරම් ලං කරන්නෙ කොහොමද කියලා)..


     අනේ..ඔන්න එතකොටම පෙරලුණානෙ බාල්දියක්... :((....හදිස්සියෙම මකුළු පැංචිගෙ ලැප්ටොප් එක එක්තැන් වෙන තැනට වැඩක් සිද්දවුණා...ඉතින් දැන් මූණු පොතුයි..ස්කයිපුයි..චැටුයි..කෝලුයි ඔක්කොම කැලේ.. මකුළුට නම් දැන් ඉතින් ඇඟෙන් ඇටයක් ගැලවුණා වගේ..මේක හරිගස්සගන්නකල් දවසෙන් බාගයක්ම ලොස්ට් වගේ..(වවුල්ස්ටත් එහෙමම දැනුණු බව පස්සෙ කාලෙක දැනගත්තලු..හිකිස්).මකුළු පැංචියි වවුල් කුමාරයයි ගේම අත අරින්න කැමති වුණේම නෑ.දෙන්නා එක්ක හොයාගත්තා අලුත් විදිහක්.මොකද්ද දන්නවද...?? දෙන්න එක්කම අන්තර්ජාලයෙන් මාරු වුණා දුරකතන ජාලයට...කාලයක් යද්දි වියදම වැඩි නිසා දෙන්නත් එක්ක අලුත් පැකේජ් එකක් තියෙන සිම් එකකුත් අරගත්තා.


     වසීලීස්සගෙ රටේ ඕනම දුරකතන ඇමතුමක් විනාඩි 30න් විසංධි වෙනවා..මකුළුටයි වවුල්ස්ටයි දැනෙනවා වගේ විනාඩි 30 තප්පර 30ක් කියලා හිතෙනවනන් කරන්න දෙයක් නෑ.ආපහු ආපහු ගන්නවා ඇරෙන්න... :(( හැබැයි මකුළුට වවුල්ස් අරන් දුන්න පැකේජ් එක මරේ මරු..ඒක මෙහෙමයි..පළවෙනි විනාඩියට රූබල් 1.60ක් කැපෙනවා.(රු.5ක් විතර)....ඊට පස්සෙ ඉතිරි විනාඩි 29 ම නොමිලේ....ඔන්න ඉතින් ආපහු දෙන්නගෙ කතා බහ පටන්ගත්තා..දැන් ඉස්සර පැයෙන් විතර ඉවර වුණු කතාව දැන් පැය 3-4ක්ම ඇදෙනවා..මකුළුටත් දැන් වවුල්ස්ට කියන්න බැරි දෙයක් නෑ...


     ඔන්න ඔහොම ඉන්න අතරෙදි තමයි මකුළුට දැනෙන්න පටන් ගත්තෙ එයා වවුල්ස්ට ආදරේ කරනවද කොහෙදෝ කියලා....!!! ඒත් ඉතින් හොඳම යාලුවය කියලා කිය කියා හිටපු මනුස්සයට කටක් ඇරලා ආදරෙයි කියන්ට පුළුවනෑ..එහෙම වුනොත් මකුළු පැංචිට වසීලීස්සගෙ රටේ ඉන්න එකම හොඳම යාලුවත් නැතිවෙන පොටක් පෑදෙයි කියල තමයි මකුළුට හිතුණෙ.ඒ නිසා මකුළු එයාගෙ හිතට ආපු ප්‍රේමණිය සිතුවිලි ශට් ඩවුන් කරගෙන ඉන්ට හිතාගත්තා අමාරුවෙන් හරි..හැබැයි ඉතින් දෙන්නා බොහොම කිට්ටුයිනෙ..වවුල්ට්ස් තේරිලා පැංචිගෙ මොකද්දෝ වෙනසක්..වවුල් මේ ගැන පස්සෙන් එලව එලව අහන්ට ගත්තෙ නැතෑ...(ෂුවර් එකටම එයා හිතන්න නැතුව ඇති ඕක අහන එකෙන් එයාගෙ ඔලුවටයි හෙණ ගෙඩියක් කඩාවැටෙන්න යන්නෙ කියලා..හිකිස්..)..ඉතින් වවුල්ස්ගෙන් ගැලවෙන්නම බැරි තැන මකුළුත් ඔන්න ඔහේ කමක් නෑ කියලා කියල දැම්මා අන්තිමේ... එයාගෙ හිතේ කෙනෙක් ගැන ආදරයක් ඉපදිලා කියලා...


     ඔන්න ඉතින් එදා ඉඳලා තමා සෙල්ලම....!!!


     හිතේ ආදරයක් ඉපදිලාය කිව්වට ඉතින් මකුළු වවුල්ස්ට කිව්වෙ නෑ නොවැ ඒ අවාසනාවන්ත කොලු ගැටයා එයාමය කියලා..ඒ වුණාට දවසින් දවස් ඕක ගැන කතා කරද්දි මකුළු පැංචි ටිකින් ටික වවුල් කුමාරයට විස්තර කියන්නත් පටන් ගත්තා තමන්ගෙ හිත ගත්තු කෙනාගෙ..ඒත් දැන් දෙන්නම මේ ගැන කතාකරන්නෙ වවුල්ස් ගැන නෙවෙයි වෙනම කෙනෙක් ගැන කතා කරන විදිහට..වවුල් කුමාරයත් ඉතින් යාලුවෙකුට උපදෙස් දෙනවා වගේ උපදෙස් දෙනවා මකුළුට..මකුළුට තියෙන ලොකුම බය තමා ඔය මගුල් කතාව හන්දා තමන්ට වටින කියන යාලුකම නැති වෙයිද කියන එක...


     ඔහොම යද්දි යද්දි සිද්ධ වුණු කියවුණු සමහර දේවල් වලින් මකුළුට නොහිතුනාමත් නෙවෙයි වවුල් කුමාරයට රහස දැනිලවත්ද කියලා...ඒත් එයාට තාම ගටක් නෑ මේක වවුල් පැංචට කියාගන්න.. අනික ඉතින් වවුල් කුමාරයගෙ ප්‍රතිචාර නිකම් නෙගටිව් වගේ කියල තමයි මකුළුට හිතුනෙ..ඔය අතරෙදි මකුළු ටික ටික සීරියස් වෙන්නත් පටන් ගත්තෙ ඉබේටම වගේ.වවුල්ස් පොඩ්ඩක් හිත රිදෙන දෙයක් කිව්වත් ඇඬෙනව,කෙල්ලෙක්ගෙ නමක් කිව්වත් ඉරිසියා හිතෙනවා..යාලුවො දන්නවා ඇතිනෙ ඉතින් ඔය කාලෙට එන අතුරු ආබාධ ගැන.. ^_^...


     කොහොමින් කොහොමින් හරි ඔහොම ඒකපාර්ශවිකව ආදරේ කර කර ඉන්න අතර මකුළු පැංචි හෙමින් සැරේ මුට්ටියක් එහෙම දාල බලන්නත් අමතක කළේ නෑ... ඔය කතා කර කර ඉන්න වෙලාවට පැංචි හෙමින් සැරේ මෙහෙම අහන්නෙ ඒ හින්දයි....


     ''හරි ඔයා මෙහෙම හිතන්න...ඔයත් මගේ හොඳම යාලුවෙක්නෙ..මම ආදරේ කරන කෙනා ඔයා වුණානම්..මම ඔයාට මගේ ආදරේ ගැන කිව්වොතින්,ඒත් ඔයා මට ආදරෙ නැත්නම්... ඊට පස්සෙ ඉඳල ඔයා මා එක්ක තරහ වෙනවද....'' ඔන්න ඔහොම....


     හැබැයි වවුල් කුමාරයත් කට වරද්දගන්නෙ නෑ..හිකිස්....


     එයා පටන්ගන්නෙම මෙහෙම කියාගෙන...''එක එක්කෙනා හිතන විදිහ වෙනස්නෙ...ඉතින් ඒ කෙනා මම වගේ කෙනෙක් නම් එයා ඔයා එක්ක කවදාවත් තරහ වෙන එකක් නෑ...මොකද එයා තේරුම් ගනීවිනෙ ඔයා ඉන්න තත්වෙ..හරියට මේ මම වගේ...'' (කොහොමද උත්තරේ)


     හැබැයි අර ආදරෙයි කැස්සයි හංගන්න බෑ කියනවා වගේ...මකුළුට තේරුණා වවුල්සුත් එයාගෙ ලව් එක කවුද කියලා දන්න වග..දැන් දැන් මේක අපි දෙන්නටම අර පිහි කරකව කරකව කරන ඉන්ද්‍රජාල සෙල්ලමක් වගේ වෙලයි තිබුනෙ...වවුල්ස් අහපුවාම මම ආදරේ කරන කෙනා කොහෙද ඉන්නෙ කියලා මකුළු පැංචි ඒකට උත්තර දෙන්න ටිකක් පැකිළෙන බව වවුල් කුමාරයට දැනිලා තිබුණා.ඒ වගේම වවුල් කුමාරයා කියන සමහර දේවල් වලින් මකුළු ආදරේ තමන්ට බව එයා දන්න වග මකුළුටත් තේරුණා... හැබැයි දුක තමා.... මොකද වවුල් කුමාරයා මොන වෙලාවකවත් එයාගෙ පැත්තට හැරෙන්න තියෙන මාර්ගය මකුළුට පෙන්නලා දුන්නෙ නෑ..නිතරම එයා ඉඟි දුන්නෙ...තමන්ගෙ හිතේ මකුළු වෙනුවෙන් යාලුකමකට වඩා වැඩි දෙයක් නැහැ කියලයි.....


     දැන් දැන් මකුළුට මේක තවදුරටත් දරාගෙන ඉන්න අමාරු වීගෙන එමිනුයි තිබුණෙ...තීරණයක් ගන්න කාලෙ දැන් හරි බව එයාගෙ පුංචි මොලේ මකුළුට සැරෙන් සැරේ තරවටු කරන්න පටන් ගත්තෙත් ඒ නිසයි...වවුල් කුමාරයත් නිතරම කිව්වෙ..''අරයා'' කැමතිද නැද්ද කියලා දැනගන්න වුණත්..එයා ගැන තවදුරටත් හිතනවද කියන එක ගැන තීරණය කරන්න වුණත්,මකුළු තමන්ගෙ හැඟීම ගැන ඒ පුද්ගලයට කියලා තියෙන්න ඕනෙනෙ කියලයි...(එයා බබා...එයා දන්නෙම නෑ..මකුළු පැංචි ආදරේ කාටද කියල... :/ ) 


     ඔන්න ඔය අතරෙදි මකුළුලාට වසන්ත නිවාඩුවත් ලං වෙමිනුයි තිබුණෙ.............. හැබැයි නිවාඩුවෙදි වුණු දේවල් කියන්න නම් දැන් වෙලා මදි..මකුළු පැංචිට හොඳටම නිදිමතත් එක්ක...ඒ නිසා ඉතින් කතාවෙ ඉතිරිය ඊලඟ කොටසින් හොඳේ..........


යන්න කලින් මකුළු පැංචි බොහොම ආස කරන සිංදුවක් මෙහෙම ලියලා යන්නම්.... ෴






සඳ පහන් රැයේ....මේ....
සඳ පහන් රැයේ..


උණුහුමක් හොයාගෙන...
හොයාගෙන හොයාගෙන ඇවිල්ලා
සැතපෙන්න..............
සොඳුරු පෙම් සිහිනයේ...
අනේ මම රාත්‍රිය වුණානම්..


මුව උඩින් පාත් වී හිදීවී
සිනා මල් මල් මිටක් වී පිපේවී...
අනේ මම රාත්‍රිය වුණා නම්....


ලඟ ලඟම මා එතැයි සිතාලා
බිඳක්වත් දෑස හැර බැලීනම්...
ඇබින්දක් ඔය මුහුණ සිඹින්නට
අනේ මට ඔබව හිමි වුණානම්...


ගිලන් වී ඔබ ඔබ හිඳින වෙලාවේ
ආදරයෙන් ලං වෙලා හිඳීවී
උරහිසේ හිස හොවා හඬන විට
හාදු වැස්සක් වෙලා වැටේවී...


සඳ පහන් රැයේ...මේ.........
සඳ පහන් රැයේ...
සදා කල් ලඟින් හිඳින්නම්...


මං නුඹව මලක් සේ රකින්නම්..
අනේ මං මලක් සේ රැඳෙන්නම්...
ඔය හිතේ මට ඉඩක් තියේ නම්...


ආදරයෙන් ලං වෙලා හිඳිමී
හාදු වැස්සක් වෙලා වැටේවී...... ෴

31 comments:

  1. ඔන්න ඔහොමය් මකුළුවො දැල් වියන්නෙ වවුලො වගේ ලොකු සත්තු අල්ලන්න...හෙහ්..හෙහ්..හෙහ්...

    ReplyDelete
  2. දෙන්නම උගුරට හොරා බෙහෙත් කාගෙන තමයි ඉඳල තියෙන්නෙ නේද? නියම කෘමි + ක්ෂීරපායි ප්‍රේම වෘත්තාන්තයක්! අපි වගේ ඇමීබාවන්ට හිතාගන්නවත් බෑ...

    ReplyDelete
  3. වවුල්ලුයි මකුළුවොයි,... ඒකත් නරක නෑ...

    ReplyDelete
  4. හහ් හහ් හා.... මේන් සුභ පැතුම්!!!

    ReplyDelete
  5. හොහ් හො.............
    හීයක් වැදිලා පශාරු වෙන්නම....

    ශුභ පැතුම්. :D

    ReplyDelete
  6. o_O හුටා ඔය කාලෙට කෙල්ලොන්ට ඔයවගේ ලෙඩ හැදෙනවද... මලා එහෙනං කෙල්ලෙක්ට ලව් කිරීමේ අදහස දැන්ම හිතෙන් අයින් කරගන්න වෙයි... මගේ කට ඉතින් පාඩුවේ ඉන්න කැමති නෑ නෙ...

    වවුලට සුභපැතුම්.... හා මකුලිච්චිටත් සුභපැතුම්.... හි හි... බුකි එන්නකෝ කන් දෙකේ ඇඟිලි ගහගන්න තරමට විහිලු තහලුයි,බයිට් ගොඩාරියකුයි මකුළු පැංචිට බුකියෙනුත් ලැබෙන්න තියනවා....

    ReplyDelete
  7. මකුලිච්චිත් අල්ලන්නේ පොඩි පොඩි සත්තු නෙවේ නේද?? හික්ස්...

    ReplyDelete
  8. ලංකාවෙත් අරවගෙ විනාඩි 30න් 30ට කට් උනා නම් හොදයි :D

    සාමාන්‍යෙන් වව්ලෝ කන්නේ ඔය වගේ පොඩි පොඩි කෲමින්වනේ, හැබැයි මට පේන හැටියට දැන් ඒකේ අනිත් පැත්ත වගේ

    මොනව උනත් සුබ පැතුම් !!!

    ප.ලි, අනිත් කොටසත් ඉක්මනට දාන්න මේ වෙනකොට මමත් ඉන්නේ ඔය වගේම වැට උඩ කේස් එකක :D

    ReplyDelete
  9. @Observer :
    හනේ මම හරිම අහිංසක මකුළු පැංචියෙක්..දැල වියන්නෙ මට ජීවත් වෙන්ටයි... :(((

    ReplyDelete
  10. @hare :-):
    ඇමීබාවෙක්ට වුණත් බැරියෑ ඔය දිලීරයක් එක්ක හරි සෙට් වෙන්න...හිකිස්.. අපරාදෙ කියන්නෙ උගුරට හොරා කෑවට ඒ බෙහෙත් වැඩිය තිත්ත නෑ මෙයා.... :D

    ReplyDelete
  11. @සාතන් :
    ඒකනෙ...අපි දෙන්නා හොඳ...ට ගැලපෙනව නේද???

    @..ChAnDiKa.. :
    ස්තූතියි යාළු..... :)

    @ThoppiYa : පශාරු වුණාදත් කියනවා තොප්පියෝ.... හදවත නිකම් පණ අදිනව වගේ... :D

    ReplyDelete
  12. @කිඩෝ :
    කෙල්ලන්ට විතරක් නෙවෙයි කිඩෝ..කොල්ලන්ටත් ඉතින් ලව්සික් එක හැදෙනවා..හැබැහි පහු පහු වෙද්දි ඕවා හරියනවා.කට නං ඉතින් මහන්නයි වෙන්නෙ...

    සුබ පැතුම් වලට තැන්කූ වේවා සහෝ...අපෝ මූණු පොතෙන් හම්බවුණු තෑගි මදැයි... හිකිස්.. :D

    ReplyDelete
  13. @රවින් :
    අනිවා.... මම ඉතින් මොඩර්න් මකුළුච්චියෙක්නෙ.... ;)

    ReplyDelete
  14. @DarKneT | ඉෂාර :
    ඒ මොකද ඒ කට් වුණානම් හොඳයි කියන්නෙ?? වුණාම තමා තේරෙන්නෙ තියෙන මළ වදේ... o.O
    සුබ පැතුමට තුති යාලු... අපොයි..ඔයත් එහෙම වැටක් උඩ හිටගෙනද ඉන්නෙ... :O

    ReplyDelete
  15. හෙහේ... කිව්වත් වගේ මට මරු දිලීරයක් තමයි සෙට් වෙලා තියෙන්නේ... :D

    ReplyDelete
  16. හි හි.....ඒකත් ජය සිරි මංගලම් කිව්වලු....සංතෝසයි අක්කේ....

    ReplyDelete
  17. මකුළුවො දැල් වියන්නේ රෑටමද??

    ReplyDelete
  18. kohoma hari makulu dalen wawlekwama alluwa ehenam..hodai hodai..:D

    ReplyDelete
  19. ඒක මාර ලව් එකක් තමයි.. මකුළුටත් දැන් එන්නේ මරු අදහස්නේ..

    ReplyDelete
  20. @ hare :-) :
    හපෝයි... :O ඔය දිලීරෙ කිව්වෙ ගෑනු ළමයටද...?? පව් අනේ....

    ReplyDelete
  21. @ශාන් :
    හෙහ් හෙහ්...තාම ජයසිරි මංගලම් වුණේ නෑනෙ... :))) තැන්කූ මල්ලියෝ...

    ReplyDelete
  22. @තාරක Dilsh@n :
    ඔව් ඉතින් දැන් එහෙම තමා... රෝමෙට ගියාම රෝමන් කාරයෙක් වගේ ඉන්ට ඕනෙලුනෙ...ඉතින් වවුල් කුමාරයෙක් හොයාගත්තම මකුළිට දැල් වියන්න වෙන්නෙත් රෑටම තමා... හිකිස්... :D

    ReplyDelete
  23. @දිලීප :
    අනිවා....එහෙම නැතුව බෑනෙ... :D

    ReplyDelete
  24. @Dinesh :
    මකුළුට කවදත් ආවෙනං මරු මරු අදහස් තමා...ඒත් දැන් ඒවා ටික ටික ප්‍රේමණිය වේගෙන එනවද කොහෙදෝ... :)))

    ReplyDelete
  25. මටත් මේ පැත්තට එන්න අවසරයි :) මේ මකුණු දැල් වලට සුපර් මාරියෝ වගේ අය නම් අහු වෙන්නේ නෑ... :D :D ජෝක් එකක් හොදේ...

    මල් හී සැ‍රේ වැදිල තියනව අන්ක් පැත්තෙන්ම එලියට එන්න නේද..

    හොදයි හොදයි...

    මගේ ලෝකෙ පැත්තටත් එන්නකො වෙලාවක..

    ReplyDelete
  26. ආ ලංකාවෙත් මොබිටෙල් වල හරියටම විනාඩි 30න් කට් වෙනවා.. ඉතිරියත් ඉක්මනට ලියන්න.... :)

    ReplyDelete
  27. @සුපර් මාරියෝ :
    තැන්කූ තැන්කූ මේ පැත්තෙ ආවට... මකුළු දැළට අහු නොවුනටනම් කමක් නෑ..වියමන ගැන මොනව හරි කියලා යන්න හොඳේ?? මල් හීසරේ ගැනනං කතා කරලා වැඩක් නෑ.. හදවත හිල් වෙලම ගියානෙ.. :)(ඔන්න ඔයාගෙ ලෝකේ පැත්තෙ අද දවාලේ ඇවිත් ගියා.. :D )

    ReplyDelete
  28. @Yohan Kanishka | යොහාන් කණිෂ්ක :
    ආනේ අපේ ලේන මල්ලිත් මේ පැත්තෙ ඇවිත් තියෙන්නෙ,,නියමයි...තැන්කූ හොඳේ ආවට.. මොබිටෙල් වලත් එහෙම කට් වෙනවද..? අලුතෙන් දාපු ඔප්ශන් එකක්ද..?? :O
    ඉක්මනට ඉතිරියත් දාන්නම්.. :))

    ReplyDelete
  29. මම ගොඩක් පමාවෙලා කමෙන්ට් කරන්න.

    වසිලිස්සගේ රටේ කියලා නෑ. ආදරේ කරන්න. ඊලග කතාවත් ඉක්මනටම ලියන්න. ලස්සනට ලියලා තියෙනවා. කොටින්ම මේක අන්තර්ජාලය හරහා ලියවෙච්චි ආදර කතාවක්. මුලින්ම කතාව පටන් ගත්තෙත් අන්තර්ජාලයෙන් (මූනු පොතෙන්) අන්තිමට ආදරය කතාවට ලියන්නෙත් අන්තර්ජාලයේ (බ්ලොග් වල).

    යාලුවොත් ලස්සන නමක් නේ කුමාරයාට දාලා තියෙන්නේ.

    ඔන්න එහෙනම් මකුලු පැංචිටයි මකුලු පැංචාටයි සුබ පතනවා !!!!!

    ReplyDelete
  30. @මධුරංග :
    හෙහ් හෙහ්..පමා වෙලා හරි ආපු එක කොච්චර දෙයක්ද??....ඊලඟ කොටස මේ ලියන ගමන්.. :)) කිව්වත් වගේ මකුළුගෙයි වවුල්ස්ගෙයි ආදරේ අන්තර්ජාලයෙන් වෙන්කරන්නම බැරිවෙන හැඩයි ඉදිරියෙදිත්.. :))

    සුබ පැතුමට බොහොම ස්තූතියි යාළු... (මකුළු පැංච නෙවෙයි අනේ...එයා වවුල් පැංචෙක්.. :D )

    ReplyDelete
  31. අනේ අනේ....පුංචි මකුලි දැලක් වියලා අර ලොකු වවුල් පැංචා අල්ලගේනනේ.......ඉතින් ඊට පස්සේ............

    ReplyDelete

ඔයාලගෙන් ලැබෙන අදහස් මකුළු පැංචිට ඇත්තෙන්ම ලොකුම ලොකු ශක්තියක්...ඒ නිසා වෙලාවක් තියෙනව නම් හිතෙන දේ ලියලම යන්න හොදේ... :))..අදහස් දක්වන්න නැවතුනේ නැතත්..කියවන්න වියමනට ගොඩ වැදුණු ඔයාල හැමෝටමත්..ගොඩාක් ස්තූතියි.. :))

Related Posts Plugin for WordPress, Blogger...