හ්ම්.. ඔන්න ආපහු ලියන්න වෙලාවක් ලැබුණා..ගොඩක් අය කියලත් තිබුණා ඉක්මනට කතාව දාන්නය කියලා.ඒත් ඉතින් එදිනෙදා වැඩත් තියෙන නිසා පරක්කු වුණාට පැංචිට සමාව දෙන්න හොඳේ..
හරි දැන් ඉතින් වැල්වටාරම් නැතුවම කතාව පටන් ගන්නම්කෝ..කට්ටියටම මතක ඇතිනෙ..මකුළු පැංචි පහුගිය පෝස්ට් එකෙන් මකුළු පැංචියෙකුගෙයි,වවුල් කුමාරයෙකුගෙයි කතාවක් කියන්න පටන් ගත්තා කියලා..අමතක අය නොකියවපු අය මෙතනින් ගිහින් කියෙව්වොත් තමා හොඳ..නැත්තම් අද කතාව අපබ්‍රංශ වගේ හිතුණොත් ඔන්න මකුළු නං නෑ ඕවට...හිකිස්ස්....
ඉතින් කට්ටියටම මතක ඇතිනෙ එදා කතාව ඉවර වෙනකොට මකුළු හිටියෙ සීරියස් ස්ටේටස් එකක කියලා.ඒ කියන්නෙ සිරාවටම ලව් ගහලයි හිටියෙ..(මේ වෙද්දි මකුළුගෙ හිතේ ඔය ආදරේ ඉපදිලා මාස 5-6ක් ගත වෙලයි තිබුණේ..) මකුළුයි වවුල්සුයි ඉගෙනගන්නෙ වසීලීස්සගෙ රටේ බවත් යාළුවන්ට මතකයි නේද???..
වසීලීස්සගෙ රටට වසන්තය උදාවෙන්නෙ මැයි මාසෙ විතර..ඒ නිසා මකුළු පැංචිලාට වසන්ත නිවාඩුව ලැබෙනවා ජූලි මාසෙ මුල දවස් වෙද්දි..ඊට පස්සෙ ආපහු යුනිවර්සිටි පටන් ගන්නෙ සැප්තැම්බර් මාසෙ පළවෙනිදා..මාස දෙකක්ම කට කපලා නිවාඩු ලැබෙන ඔය කාලෙදි තමයි වසීලීස්සගෙ රටේ ඉගෙනගන්න විදේශීය ශිෂ්‍ය ශිෂ්‍යාවො ගෙදර යන්නෙ.. ඉතින්ඔය ලව් සීන්,දුක් සීන් අස්සෙ වුණත් මකුළු පැංචිත් ආසාවෙන් බලාගෙන හිටියෙ ගෙදර යන්නෙ කවදද කියලයි...ලෝකේ පෙරලූනත් සැනසීමෙන් ඉන්න පුළුවන් එකම තැන home sweet home නෙ...
ගෙදර යන්න ගුවන් ටිකට්පතේ දවස කන්ෆර්ම් කරගෙන ,සල්ලි බැඳලා,ටිකට් එක අතට ගන්නකල්ම ඔක්කොම වැඩ ටික කරලා දුන්නෙ වෙන කවුරුත් නෙවෙයි ඉතින් වවුල් කුමාරයම තමයි..හැබැයි මේ අතරදිම මකුළුට ටිකක් දුක හිතෙන සිද්ධියකුත් සිද්ධ වුණා.මොකද්ද දන්නවද..වවුල් කුමාරයා මකුළු පැංචිට කලින් ගෙදර යන්න දවස් දාගෙන..මකුළු පැංචි හිතන් හිටියෙ එකම දවසෙ ජොලියක් එහෙම දාගෙන යන්න පුලූවන් වෙයි කියලයි..බැලින්නම් වවුල්ස්ට මොකද්ද මන්දා කන්ෆරන්ස් එකකට යන්නම ඕන නිසාලු එහෙම දාගෙන තියෙන්නෙ.ඔන්න ඔහේ කමක් නෑ..මොකෝ බලෙන් එක්කං යන්නයෑ කියලා මකුළුත් මොකුත් නොකියම හිටියා.එයා ඒගැන කලින් නොකියපු එක තමා මකුළුට දුක...:((
ඉතින් කොහොම හරි විභාග කාරිය එහෙම ඔක්කොම ඉවර වෙලා පැංචිලා ගෙදර යන කාලෙත් ආවා..මුලින්ම ආවෙ වවුල් කුමාරයා ගෙදර යන දවස. එදානං පැංචිට මාර දුකයි..ඇත්තෙන්ම දුකටත් වඩා හරි පාළුයි..මොකද වවුල් කුමාරයා ගිහින් සතියකට පස්සෙ තමා පැංචි ලංකාවට යන්නෙ.සතියක්ම වවුල්ස් එක්ක කරන ටෙලිෆෝන් කතාබහ මිස් වෙනවනෙ.මකුළුට ෂුවර් ඒක දවසෙ ලොකු අඩුවක් වගේ දැනෙන බව අනිවාර්යයෙන්ම.
කොහොම හරි වවුල් කුමාරයා මොස්කව් යන්න පිටත් වුණා.. මකුළු පැංචිට හරිම පාළුයි..ඉතින් එයා එයාගෙ අනික් යාළුවො එක්ක එළියට ගිහින් පිස්සු නට නට ඒක මග හරවගන්න උත්සහ කළත් ඒ වැඩෙත් එච්චරම සාර්ථක වුණෙත් නෑ..ගෙදර යන්න පිටත් වෙද්දිත් මකුළු පැංචි වවුල්ස් මගින් මගටම කිව්වා ලංකාවට ගිය හැටියෙම එයාට sms එකක් එවන්නය කියලා.ඒත් පහුවෙනිදා වෙනකනුත් මකුළුට වවුල්ස්ගෙන් sms එකක් තියා missed call එකක්වත් ලැබුණෙ නෑ..මකුළුට දැන් පුදුම දුකයි..ඊටත් වඩා බයයිත් එක්ක..මොනව හරි කරදරයක් වෙලානම්...????
මෙන්න බොලේ මකුළු මෙහෙම දුක් වෙවී ඉන්නකොට ලංකාවෙන් කෝල් එකක් එනවා.. :)) බැලින්නම් වවුල්ස්... පැංචි හිතුවෙවත් නෑ වවුල්ස් ලංකාවට ගියාම එයාට කෝල් කරයි කියලනම්..වෙන රටවල් වලට වගේ නෙවෙයි වසීලිස්සගෙ රටට ලංකාවෙ ඉඳලා IDD calls හරිම ගණන්.. ඉතින් ඔන්න වවුල්ස් කෝල් කරලා හඬ වෙනස් කරලා අහනවා ''අඳුනන්න පුළුවන්ද....?? ''කියලා.. හික් හික්... එයා දන්නවයෑ මකුළු පැංචි තරම් වවුල් කුමාරයගෙ කටහඬ අඳුනන වෙන කෙනෙක් මේ ලෝකෙ නැති බව...
කොහොමින් හරි sms නොකරපු එකට පොඩි සද්දයක් දාන්නත් මකුළු අමතක කළේ නෑ..ඒත් මේකයි සිද්ධ වෙලා තියෙන්නෙ..ගොඩ කාලෙකින් පාවිච්චි නොකළ නිසා වවුල්ස්ගෙ ඩයලොග් සිම් එක ඩිඇක්ටිවේට් කරලා..ඒක ඇක්ටිව් කරගන්න දවසක්ම ගිහිල්ලා..ඉතින් කොහොමද ගොඩ බැස්ස ගමන් sms කරන්නෙ..(මකුළුණං කිව්වෙ ළඟ ඉන්න යාළුවගෙ ෆෝන් එකෙන්,ගෙදර කෙනෙක්ගෙ ෆෝන් එකකින් හරි මැසේජ් කරන්න තිබ්බනෙ කියලා... හැබැයි ඉතින් පැය 12කටත් වඩා දිග ගුවන් ගමනක යෙදිලා ගෙදර යද්දි ඕව කරන්න මතක් වෙන්නෙ නෑ කියලනං මකුළු පැංචි අත්දැකීමෙන්ම දන්නවා.... :D)
ඉතින් ඔන්න ගෙදර ගිහින් එක පාරක් නෙවෙයි 3 පාරක් විතරම වවුල්ස් මකුළුට කෝල් කළා.. (මකුළුට ඉතින් කට කනේ කියලා කියන්න ඕනෙත් නෑ නෙ අමුතුවෙන්..) ඔන්න ඉතින් මකුළුට ගෙදර යන්න දවසත් ඇවිත් මකුළුත් ගුවන් ගත් වුණයි කියමුකො..මකුළුගෙ ඩයලොග් සිම් එකනම් රුසියාවෙදිත් අපූරුවට වැඩ..ඒ නිසා ට්‍රාන්සිට් ඉන්දෙද්දිත් මකුළුණං වවුල්ස්ට sms කළා..(පැය දෙක-තුනකටවත් මේ මකුළුච්චිගෙන් ගැලවිල්ලක් නැති හැටි කියලා වවුල් කුමාරයට නං හිතෙන්නත් ඇති සමහර විට.. හික් හික්ස්..)
ඔන්න මකුළුත් ගෙදර ඇවිත් ගෙදර අයගෙ ආදර සැලකිලි මැද කලබල කාලෙ ඔක්කොම ඉවර කරගත්තා කියමුකො..හැබැයි ඊට පස්සෙ නම් ගෙදර අයගෙන් බැණුම් අහලා ඉවරයක් නෑ..මොකද අර වසිලීස්සගෙ රටේ පුරුද්දට ලංකාවෙදිත් මහ රෑ තිස්සෙ ඇහැරගෙන...දවල් තිස්සෙම නිදි... :D... මකුළු ගෙදර ආවහම මකුළුගෙ අම්මිත් නිදාගත්තෙ මකුළු පැංචිගෙ කාමරේමයි..
මතකනෙ මකුළුගෙ අම්මා මකුළුට දෙන්නෙ බොහොම සීමිත නිදහසක්ය කියලා කිව්වා..එකෝමත් එක කාලෙකදි.........ඒ නිසා වවුලත් එක්ක මල් කඩලා අම්මට අහුවුණොත් ඉවරයි.ඉතිං එහෙමයි කියලා වවුල් කුමාරයා එක්ක කතා නොකර ඉන්නත් බෑනෙ නේද..??ඉතින් අම්මට හොඳට නින්ද ගියහම මහ රෑ දෙගොඩ ජාමෙ තමා වවුල් කුමාරයයි ,මකුළුයි කතාව පටන් ගන්නෙ...ෆෝන් එකේ සල්ලි ඉවර වෙනකල්ම වෙලාවකට කතා කරනවා...හිකිස්..(හොඳ වෙලාවට මකුළු ඔය එළියට යන වෙලාවට කිට් කාඩ් තොගයක්ම ගෙනත් ස්ටෝර් කරගෙනයි ඉන්නෙ... :D ))
මකුළු පැංචිගෙ අම්මා රජයේ ආයතනය සේවය කරන පිනෙන් පස්සෙ ඉතින් මකුළු පැංචිට උපහාර පැකේජ් එකක් ලැබුණත්..ඒකෙන් ඇති වැඩක්යෑ...වවුල් පෙමකට ඒක හරියන්නෙ නෑ නෙ... :(
කොහොම කොහොම හරි ආර්ථික අපහසුතා මැද වුණත් දෙන්නත් එක්ක කතා කරාය කියමුකො..මහ රෑ ජාමෙ මැද්දෙ ඔහොම කතා කරකර ඉඳිද්දි අම්ම අවදි වුණොත් ඉතින් පැංචිට කණ පැලෙන්න බැණුම්. :D
අම්මා අහනවා....,''පිස්සුද ළමයෝ මේ මහ රෑ ජාමෙ කෝල් කර කර ඉන්නෙ....කාටද ඔය කෝල් කරන්නෙ....''...
''අම්මා දන්නෙ නෑ අම්මෙ...මේ මගේ එහේ යාළුවෙක්...කම්මැලි නිසා කෝල් කළේ...''
''අනේ මංදන්නෑ...මොකට මේ ළමයව රුසියාවෙ යැව්වද කියලා...එහෙ ඉන්නෙත් මහ පිස්සු ළමයිද කොහෙද..ඔන්න ඕක වහලා තියලා නිදාගන්නවා...ඒ ගෙදර මිනිස්සුත් බනිනවා ඇති...මහ රෑ තිස්සෙ නටන නාඩගං දැකලා...''
ඔන්න ඔහොම තමා අපේ අම්මා...ඔහොම බැනලා බැනලා ආපහු අම්මට නින්ද ගියාම ෂේප් එකේ ආපහු කතාකරනවා ඉතින් මකුළු පැංචිනං...
ඉතින් ඔහොම කතාකර කර ඉන්දෙද්දි වවුල්ස්ගෙ (කසින්) නගාගෙ මගුල් ගෙදරත් ඒ දවස් වලටම වැටුණා නොවැ..ඉතින් දැන් වවුල්ට හරියට වැඩ.මොකද කසින් නගා නිකම් වවුල් කුමාරයගෙම නගා වගේ තමා.ඉතින් ඔක්කොම වැඩ කටයුතුවලට වවුල්ස් තමා මාට්ටු වෙන්නෙ.එහෙ දුවනවා මෙහෙ දුවනවා ඉවරයක් නෑ.ඔය අතරෙ වෙඩින් එකේ දවසත් ආවය කියමුකො..එදානං මකුළු පැංචිව මතකවත් තිබුණෙ නෑ වවුල් කුමාරයට..වෙඩින් එක ඉවර වෙලා දවසකටත් පස්සෙ තමා ආපහු වවුලුයි මකුළුයි දිග කතාවකට සෙට් වුණේ... එහෙමසෙට් වෙලා බැලින්නම්... නරක ආරංචියක්..!! (මකුළුට විතරයි නරක ආරංචිය..වවුල්ස්ට නං සිකුරා හතේ... :/ )
මේකයි වෙලා තියෙන්නෙ..ඔය වෙඩින් මගුලක් අස්සෙ කසින්ලා නෙපියුස්ලා ඔක්කොම සෙට් වෙලා කථාවෙලා වවුල් කුමාරයටත් දැන් කල වයස හරි යාගෙන එන නිසා,තාම එයාට කෙල්ලෙකුත් නැති එකේ..එයාට කාව හරි සෙට් කරමුය කියලා.ඉතින් එතනින් එක කසින් කෙනෙක් එයාගෙ යාළුවෙක්ව මෙයාට සෙට් කරලා දෙන්න යනවලු...
දැනටම ඔන්න ඒ ගෑනු ළමයා වවුල්ස් එක්ක sms කරන්නත් පටන් අරන්ලු..ඉතින් වවුල් කුමාරයත් පැංචිට මේ ළමයා ගැන හෝ ගාලා විස්තර කියනවා.ඒ මදිවට එයා sms කරන ඒවත් කියනවා..ඉතින් බලාපල්ලකො....මෙලෝ මකුලියෙකුට අහන් ඉන්න පුළුවන්ද තමන් ආදරේ කරන කෙනා වෙන කෙනෙක්ට sms යනව හැටියි එයාගෙන් රිප්ලයි එනකම් බලාගෙන ඉන්න හැටීයි...
ඒත් ඉතින් මක්කරන්නද...මං ඉතින් එයාගෙ ''හොඳම යාළුවනෙ''..අර කතාවටත් කියන්නෙ...කුම්බලා මාළු කෑවානං විඳවාපං බළලෝ කියලා...ඉතින් මකුළිත් මෝඩයා සේ අහගෙන ඉන්නවා..ඒ මදිවට කියන කතා වලට උපදෙසුත් දෙනවා... (මකුළු පැංචි ඉතින් යාළුවෙක් විදිහට නම් මාරම හොඳ යාළුවෙක්...කවදාවත් යාළුවෙක්ව නොමග නම් යවන්නෙ නෑ ඕං... :D)
අනේ ඉතින් ඔහොම දුක සේ දවස් තුන හතරක් ගෙවෙද්දි මකුළුටනම් හිතුණෙ එයාගෙ ආදරේ එයාට අහිමි වුණාම තමයි කියලයි.. :(( ඒත්ඉතින් වවුල්ස්ට වත් හොඳක් වෙනවනම් කමක් නෑනෙ කියලා හිත හදාගන්න හිතුවයි කියමුකො...බැලින්නම් ඒ වැඩෙත් කණපිට ගොහින්නොවැ..ඒ ගෑනු ළමයට හිතගත්ත වෙන කෙනෙක් ඉන්නවය කියන්නෙ...වවුල්ටත් ඒ හැටි අප්සෙට් එකකුත් නැති එකේ..අපි දෙන්නම තීරණය කළා අන්තිමේ එයා ගැන කතා නොකරම ඉමු කියලා.ඔන්න ඉතින් ආපහු මකුළුයි වවුල්සුයි සුපුරුදු ට්‍රැක් එකටම වැටිලා ,දෙන්නත් එක්කම මාරුවෙන් මාරුවට කෝල් කිරිල්ලනම් නොකඩවාම දිගටම කරගෙන ගියා...
ඒ වුණත් පහුගිය දවස් වල සිද්ධ වුණු දේවල් නිසා මකුළු පැංචිගෙ හිත නම් හරිම කලබල වෙලයි තිබුණෙ..දැන් නම් වෙන දෙයක් වෙන්න කියලා තීරණයක් ගන්න එක තමයි වැදගත්ම දේ කියලා හිත හිතා හිටියට..කරුමෙ කියන්නෙ....මකුළු පැංචිට එයාගෙ හිතේ තියෙන දේ වචන කරගන්න උවමනා කරන ගට නං තාමත් හොයාගන්න බැරි වුණානෙ... ඔන්න ඔය කාලෙම තමා පැංචි ගමේ යන්නෙ ලොකු අම්මත් එක්ක....
ලොකු අම්මගෙන් ගෙදරදි අම්මගෙන් වගේ බර බරේ නැති නිසා මකුළුටත් ඉතින් ඉබ්බා දියේ දැම්මා වාගේ තමා..දැන් වෙනදටත් වඩා වවුල්ස් එක්ක කතාකර කර ඉන්නත් පුළුවනි...ඒ නිසාම කථාවත් විවිධ අලුත් මාතෘකා වලටත් ඇදීගෙන යනවා.....ඉතින් ඔන්න ඔය වගේ නිදහසේ කතා කර කර හිටපු එක දෛවෝපගත දවසක..මකුළුටයි,වවුල්ස්ටයි කතාකරන්න හොඳ මාතෘකාවක් ලැබුණෙ නැතැයි...මොකද්ද දන්නවද...
''හැමදේම සිද්දවෙන්නෙ ඒවා සිද්ධ වෙන්න තියෙන නිසාය කියන එක..''කොටින්ම කරන්න දෙයක් හදිස්සියෙම අපිම වෙනස් කළත් එහෙම වෙන්නෙත් ඒන සිද්ධ නොවෙන්න තියෙන නිසා..ඔන්න ඔය වගේ..(දැන් කට්ටිය හිතනවද දන්නෑ..මකුළු පැංචිටටයි වවුල් කුමාරයටයි ටිකක් විතර පිස්සුද කොහෙද කියලා..හිකිස්.,.... ඒත් ඉතින් පැය ගණන් මල් කඩලා පුරුදු අය දන්නවත් ඇති..පහු වෙද්දි කතාකරන්න තියෙන්නෙ ඔය වගේ පිස්සු හැදෙන ටොපික් ගැන තමාය කියලා..ලොල්)
හරි ඉතින් ඔහොම කතාකරද්දි ඔතනට මකුළුගෙ ආල හිත ගැනත් කතාවක් ඇදිලා ආවෙ නැතෑ..(වවුල්ස් ඒක හිතාමතාම ඇදලා ගත්තද කියලත් පැංචිටනං සැකයි..හිකිස්)...ඔන්න මගක් යද්දි වවුල්ස් කියපි....දැන් බලන්න මකුළු...''ඔයාට පුළුවන් ලේසියෙන්ම ඕක එයාට කියලා දාන්න..වෙන්න තියෙන දෙයක්ය කියලා හිතලා... එතකොට එයා තරහ වෙනවද නැද්ද කියන එකත් වෙන්න තියෙන හැටියටම වෙයිනෙ....'' කියලා.... :D
අනේ මංදා...ඒ කතාව මහ පිස්සු කතාවක් වගේ සමහරුන්ට නම් පේනවා ඇති..ඒත් මකුළුට නං ඒ වෙලාවෙ ඒකෙන් ආවෙ මාරම ගටක්..ඇත්තෙන්ම ඒ වෙලාවෙම මකුළු තීරණය කළා,තව පැය විසිහතරක් යන්න කලින් එයාගෙ හදවතේ හොල්මන් කරන මේ කතාව නැවතීමක් හෝ කොමාවක් ළඟට ගේනවා ගේනවාමයි කියලා....
හැබැයි ඉතින් යාළුවනේ...ඒ හිතාගත්ත දේ පැංචි කළාද නැද්ද කියලානං කියන්න වෙන්නෙ ඊළඟ දවසෙ තමයි....එතකම් මේ පෝස්ට් එකමේ ඉවර වෙන්න තියෙන හැටියටම තමා ඉවර වුණේ කියලා හිතලා තරහ නොවී හිත හදාගන්න හොඳේ....හිකිස්.. :D
හා..හා..හොඳය් දැන් මකුලිච්චිත් මෙගා සීරීස් එකක් පටන් ගන්න වගේ....
ReplyDeleteඒ වවුලටත් බඩු බනිස් වගේ...
ReplyDeleteඅනේ අහිංසක වවුලා.... පවු දෙයියනේ....
ReplyDeleteහිකිස්,,, වවුලා ලොකු වුනත් මේ පැටලෙන්න යන මකුළු දැලෙන් නම් ගැලවෙන්න ලැබෙන එකක් නෑ වගේ නේ...
ReplyDeleteඅසරණ වවුල තාම යහතින් ඉන්නවද පැංචො.. ;)
ReplyDeleteහිත හදා ගන්න තමයි බැරි. ඉක්මනට ඒ කතාවත් ලියන්න. අපෝ වවුල් කුමරයානම්........... මෙච්චර හොද මකුළු පැංචියක් ඉන්නැද්දි වෙන එවුන්ට එස් එම් එස් කරන්නේ ????
ReplyDeleteකොහොමද මේ කතාවට ඔයා කොමාවක් දැම්මේ ? මට නම් හිතෙන්නේ ඔයාට තියෙන්නේ වරහනක් දාලා වහලා තියන්නම කියලා.
අඩේ මාරයා අයියත් බ්ලොග් එකට ඇවිදිල්ලා තියෙන්නේ. නියමයි නේ.
මාර ස්ටෝරියක් නේ.හරියට සුජීව ප්‍රසන්න ආරච්චිගේ නවකතාවක කොටසක් වගේ.
ReplyDeleteමුල් වතාවට මේ පැත්තට ආවේ ! කතා සාගරයක් ! ජය වේවා , ඉදිරියටත් ලියාගෙන යන්න !
ReplyDeleteඉතිං ඊට පස්සේ?
ReplyDeleteඅනේ හොඳම හරියෙදි ඉතින් කතාව නවත්තනව නෙ
ReplyDeleteයුගයේ අබිලික් ලව් ස්ටෝරි එකක වේවිද?
ReplyDeleteමම නම් අදමයි මේ පැත්තෙ ආවෙ දැනටමත් දැලේ පැටළිලා.. කතාවෙ ඉතුරු ටිකත් ඉක්මනටම කියන්න
ReplyDeleteමාත් ඔන්න අද තමා මේ පැත්තෙ ආවෙ...වවුල්ස් නම් පැටලෙයි වගේ මකුලු දැලේ :)ඊලග එකත් බලමුකෝ :)
ReplyDeleteකැමති නම් අපේ පැත්තෙත් එන්ඩ
http://chaterkolla.blogspot.com/
වවුලා නම් දැන් උපරිම පැටලිලා වගේ.. ඊලඟ පෝස්ට් එකෙන් හෙලවෙන්නවත් බැරි වේව්.. :D ඉතිරියත් ඉක්මනට ලියන්නෝ... :)
ReplyDelete@Observer :
ReplyDeleteහපෝ නෑ..ඔබ්සර්වර් මහත්තයෝ...තව කොටසකින් දෙකකින් කතාව ඉවරෙටම ඉවරයි... (මට ඔය මෙගා ටෙලි අල්ලන්නෙ නෑනෙ...මේකත් මේ ලියන්න කම්මැලී වගේ.. :D )
@මාරයියා :
නෑ නෑ...තාම එහෙම වුණේ නං නෑ....
@ගෝල්ඩ්fish :
මෙයාටනං වවුල්ස් ගැන හරි දුකයි වගේ...එතකොට මං පව් නෑ... :(((
@ප්‍රාර්ථනා :
ReplyDeleteආහ්හ්..වවුලට නරක් වෙලා තියෙයි...මේ දැළේ පැටළුනොත් ඕං....හිකිස්...
@සාතන් :
අපොයි ඔව්... එයානං බොහොම හොඳින්..(මං හොඳින්ද කියලා එකෙක්වත් අහන්නෙ නැති හැටි... :P)
@මධුරංග :
ReplyDeleteඅනේ ඔන්න ඔහේ ඉවසන්න අනේ...අන්න බලන්න අපේ මධුරංග අයියට
තමා ඒක තේරුණේ...ඒකනෙ බලන්නකො...වරහනක් දාන්න මං නම් මනාපයි..ඒත් ඉතින් කෝ මේ වවුලා නැමති නැ වගේනේ... :((
ඔව් ඔව් අපේ මාරයියත් මේ පැත්තෙ ආපු එකට පැංචිට නං බෝම සතුටුයි... :))
@පාල :
හප්පා..එච්චර ලොකුවට ලියන්න හිතාගෙන නෑ අනේ..හිකිස් ( ඔය මට සීතල කැපිල්ලක්ද මංදා දැම්මෙ...බොළද කතා ලියනවයි කියලා :O )
@රොකියා | Udara :
අනේ කොච්චර දෙයක්ද රොකියාත් වියමන පැත්තෙ ආපු එක..තැන්කූ තැන්කූ....තව කතා මග එනෝ...
@පූසා :
ReplyDeleteඉවසන්න පූසෝ..ඉවසන්න...
@කඩේ හාමිනේ :
එහෙම තමා ටීමෝ...ඔය ෆිල්ම් එකක් වුණත් බලන්නකො...උච්ඡතම අවස්ථාවෙදිනෙ ඉන්ටවල් දෙන්නෙ..හිකිස්.. :D
@රත්ගමයා :
පොඩ්ඩක් අබ්ලික් නං තමා... හැබැයි අවුලකුත් නෑ රත්ගමයෝ.. :)))
@හංසි :
ReplyDeleteහංසිවත් මකුළු පැංචිගෙ වියමනට ආදරෙන් පිලිගන්නවා..මකුළු දැළේ පැටලුනාට තුති...ඉක්මනට ලියන්නම් හංසියෝ.. :))
@චාටර් කොල්ලා :
චාටර් කොල්ලෝ ඔයාවත් සාදරයෙන් පිළිගනිමි.. වවුලා කෙසේ වෙතත් මකුළු නං දැන් හොඳටම පැටලිලයි ඉන්නෙ..ඊලඟ කොටසත් බලන්න එන්නකෝ... (ඉඩ ලැබුණම ඒ පැත්තෙත් මකුළු පැංචි එනවමයි ඕං..) :D
@ලේනා :
ඊලඟ පෝස්ට් එකෙන් හෙල්ලෙන්න බැරි වෙන්නෙ වවුල්ස්ටද මකුළිටද කියලා බලමුකො.. :))) ඉක්මනට ලියන්නම් ලේනෝ...
පව් අනේ වව්ල් කුමාරයා.. මෙහෙව් මකුලුවෙක්ට නේ අහු වුනේ. :-P
ReplyDeleteමකුලුච්චි වවුලට වැඩක් දෙන්න වගේ යන්නේ පව් අසරණ වවුලා කොහොම හිටපු වවුලෙක්ද පෙර කරුමෙකටද කොහෙ පත මකුලු දැලක පැටලිලානෙ... හි හි...
ReplyDelete@රවීන් :
ReplyDeleteමෙහෙව් අහිංසක මකුළියෙක්ට අහු වුණ නිසා හොඳට ගියා..දිවි මකුළියෙක්ට එහෙම අහුවුණා නං වවුල්ස් දැන් ලොවෙත් නෑ.. :P
@කිඩෝ :
ඇයි බොලව්නේ...මුංට මකුළිට වෙච්චි හදිය ගැන ගානක්වත් නැති හැටි... ඔක්කොම දුක් වෙන්නෙ වවුලා ගැනනෙ... ර්ර්ර්ර්ර්ර්ර්.... :(
අනේ පවු අර අහිංසක වවුලා.. මම පැත්තේ එන්න ටිකක් පරක්කු වෙනවා කියලා මකුළු මුකුත් හිතන්න එපා.. අනිත් ටකොටසත් ඉක්මනින් දාන්න..
ReplyDeleteපවු..!
ReplyDeleteahinsaka wawula duk widinawada manda??paw wada karanna epa makuliye..lol
ReplyDeletemala kadanakotanam itin kiyawala kiyawala anithamata eka thanaka hirawenawa ethakota kiyanne
mama: tell something will you?
eya : i have nothing to tell u tell something..
:D :D :D :D
අයියෝ...තවත් කොටසක් එනකම් ඉන්න ඕනද...මට නම් පෙන්නේ වවුල් පැංචාත් කපටි නෑ ටික වෙන්නම.....
ReplyDelete:)))
ReplyDeleteමාර කතාව..මගේ හොඳම යාලුවෙක්ටත් ඔය වගේම දෙයක් උනා...ඒත් එයාට නම් එයාගේ ආදරේ ලැබුනෙ නෑ..
මකුළු පැන්චි අක්කද නන්ගිද දන්නේ නෑ...තරහ වෙන්නෙප මකුලු පැන්චි කිව්වට හොඳේ??
:D