ජීවිත වියමනේ..වියු රටා එකින් එක........

අතුරුදන් වූ සුභ පැතුම්.......!!






     කාලෙකින් වියමන පැත්තෙ ගොඩ වුනේ...මේ දවස් වල මංචිගෙ හිතට හරි නෑ..ඒකට හේතුව වවුල් කුමාරයා තව හරියටම සතියකින් වසීලීස්සගෙ රට අතහැරලා ලංකාවට යන එක.. :(( ඉතින් මංචිට කොච්චර දුකද කියලා යාලුවන්ට කියන්න ඕනේ නෑ නේ අමුතුවෙන්..මේක ඉතින් අර වෙනදට නිවාඩුවට ගිහින් එනවා වගේ නෙවෙයි...එයාගෙ උපාධියත් අරන් වෛද්‍යවරයෙක් විදිහට තමයි එයා මේ සැරේ ලංකාවට යන්නෙ..


     ඉතින් එයාගෙ ඉගෙනීම සාර්ථකව නිමකරගෙන එයාගෙ සිහිනයට එයා ලං වුණු එකට මංචිට හරිම ආඩම්බර වුණත් හිත නම් දුකින් පිරිලා.. වෙනදා වගේ හැමදාම දකින්න,හමුවෙන්න ,ජීවිතේ හැමදේම බෙදාගන්න ඉතින් තව අවුරුදු තුනකට මෙහා පුළුවන් වෙන්නෙ නෑ.. :(( ඔව් ඔව්..ඔන්ලයින් එයි තමයි....ඒත් ලඟ ඉන්නවා වගේ නෑ නේ.... :'(


     ඉතින් මේ හැම දේකම දුක ටිකකට තුනී වෙන්නත් එක්ක මංචිගෙයි වවුල්ස්ගෙයි කතාවෙ අතුරු කතාවක්  තමයි අද ලියන්න යන්නේ... :)

     මේ ගැන පහුගිය පෝස්ට් එකෙන් පොඩි ඉඟියක් දුන්නා මතකද මන්දා... 


     ඔන්න දැන් කියන්න යන්නේ මංචි වවුල්ස්ගෙ උපන් දිනේට කාර්ඩ් එකක් යවපු හැටි... :D


     කලිනුත් කියලා තියෙනවා වගේ වවුල්ස්ගෙ උපන්දිනේ යෙදිලා තිබ්බෙ නිවාඩු කාලෙනෙ....ඉතින්  මංචි කල්පනා කළා වවුල්ස් වෙනුවෙන් විශේෂ දෙයක් කරන්න අවස්ථාවක් නැති වුණත් (මේ දවස් වෙද්දි මංචි වවුල්ස්ට ආදරේ ප්‍රකාශ කරලා නෑ හොඳේ....) අඩුම ගානේ නිකම්ම කෝල් කරලා විශ් කරනවට වඩා වැඩිපුර දෙයක් කරන්න ඕනය කියලා.... අද කාලෙනම් ඉතින් කාඩ් එකක් වුනත් තැපෑලෙන් යවන්නෙ කලාතුරකින්නෙ..බොහෝ වෙලාවට දැන් හුවමාරු වෙන්නෙ E-cards නෙ....


     ඒ වුණත් පුද්ගලිකවම මම නම් තවමත් කැමතියි මට තැපෑලෙන් ලියුමක්,කාඩ් එකක් එනවට.. දහ පාරක් විතර කියවලා,එහෙට මෙහෙට හරව හරව හැඩ බලලා,ඒව තමන්ගෙ කාර්ඩ් එකතුවෙ පරිස්සමින් අරන් තියන එක තමා මංචිගෙනම් පුරුද්ද.. ඉතින් මංචි දැනගෙන උන්නා වවුල්සුත් ඔය වගේ පොඩි පොඩි සුකුරුත්තන් වලට කැමතියි කියලා.. හිකිස්...


     ඒ නිසා අන්තිමේදි මංචි කල්පනා කළා වවුල්ස්ට කාර්ඩ් එකක් තමා යවන්න ඕනේ කියලා... කොහොම හරි ඔය හැටි ප්ලෑන් කළාට වවුල්ස්ගෙ උපන්දිනෙට ඒ වෙද්දි කට කපලා මාසයක්ම විතර කල් තිබුණා... :D


     තමන්ගෙ හිතගත්ත කොල්ලට කාඩ් එකක් තෝරන එක අම්මත් එක්ක ගිහිල්ලා කරන්න පුලුවන් දෙයක් නෙවෙයිනෙ නේද..?? ඒ නිසා ඔන්න මංචි ප්ලෑන් කළා කොහොමද ගෙදරින් පැනගන්නෙ කියලා... වෙලාවට මංචිගෙ ඉස්කෝලේ යාලුවො ටික ඔය කාලෙම තමා MC යන්න සෙට් වුණේ...එළියෙන් කන්න කියලා අම්මගෙන් ගානක් කඩාගන්නත් ලැබුණා ඔන්න....


     ඉතින් මංචි MC ගියපු ගමන් ගියේ උතුම් පැතුම් එකට...එතන තියෙන කාර්ඩ්ස් වලින් 20ක් විතර අමාරුවෙන් තෝරගෙන ඒවයින් මොකද්ද හොඳ කියලා අහ අහ යාලුවන්ට දීපු වදේ ගැන ඉතින් දන්නෙ උන්ම තමා... හිකිස්... කොහොම කොහොම හරි පැයක් විතර උතුම් පැතුම් එකේ පැල වෙලා ඉඳලා මංචි කවුන්ටරේට ආවෙ තෝරගත්ත කාර්ඩ් එක අතේ තියාගෙන.... යාලුවො තරහෙන් පුපුරනවා.. හිකිස්... මොකද මංචි පැයගාණක් එයාලව මහන්සි කළාට එයාලා කියපු එක කාර්ඩ් එකක්වත් නෙවෙයි තෝරගෙන තිබ්බෙ... :p


     කවුන්ටරේ ඉන්නකොට තමා ඔන්න මංචිට තව අපූරු දෙයක් ඇහැ ගැටුනේ.... මේසේ උඩ හිටවලා තියන්න පුළුවන් පොඩි ටේබල් කැලැන්ඩර් පොඩ්ඩක්...ඔය පහලින් තියෙනවා වගෙ වෙන පින්තූරයක් තියෙන එකක්... එක පාරටම මංචිට හිතුණා ඒක යවන්න ඕනේ පුංචි තෑග්ගක් හැටියට කියලා..ඉතින් කාර්ඩ් එකයි කැලැන්ඩර් එකයි දෙකම මිලදීගෙන ගෙදර ගෙනත් බොහොම පරිස්සමට හංගලා තියාගන්නත් මංචි අමතක කළේ නෑ.... අම්ම දැක්කොත් ඉතින් ප්‍රශ්න පත්තරයක්නෙ නැත්තම්....
     හැබැයි ඊට පස්සෙ වුණේ හරිම ඇබැද්දියක්.... බැලින්නම් ඊලඟ දවසෙ මංචිට ලොකු අම්මත් එක්ක ගමේ යන්න වෙලා...!!


     දැන් ඉතින් කෝමෙයි කාර්ඩ් එක ලියන්නෙ.... :(( ඔන්න ඔහේ ඕන එකක් කියලා ඇඳුම් දාගත්ත මල්ලටම පොතක් ඇතුලෙ පරිස්සමට දාගත්ත කාර්ඩ් එකයි තෑග්ගයි දාගෙන ඒවා ගමේ අරගෙන ගියපු එක තමා මංචි කළේ..


     එහෙම අරගෙන ගියපු කාර්ඩ් එක ලස්සනට කවියක් එහෙම ලියලා... වැඩි ලස්සන වෙන්න ගවුමකට අල්ලන්න ගෙනැත් තිබ්බ චූටි මල් වගයක් එහෙම අලවලා.. තෑග්ගත් ඒ කවරෙ ඇතුලෙම දාලා පැක් කළාය කියමුකො.. හිකිස්... ඒ වුණාට ඇඩ්‍රස් එක...???


     හිකිස්...දැන් ඇඩ්‍රස් එක අහන්න ගියොත් වැඩේ මාට්ටු... ඒ නිසා...නිකමට වගේ එබිලා බැලුවා මූණු පොතට... මාර ලක් එක කියන්නෙ මෙන්න තියෙනවා ඇඩ්‍රස් එක බැබලි බැබලි...


     හරි ඔන්න දැන් ඔක්කොම වැඩේ හරි... ලියුම ශේප් එකේ ලොකු අම්මා අතට දුන්නා තැපැල් කරන්න... උපන් දිනේට දවස් දෙකකට කලින්.. (පස්සෙ බලද්දි ලොකු අම්මා ඒක අහල පහල ළමයෙක්ට දීලා තැපැලට දාන්නය කියල..)


     දැන් ඔන්න වවුල්ස්ගෙ උපන් දිනෙත් ආවා...මංචිත් මොකුත් නොදන්න එක්කෙනා වගේ ඉන්නවා.. ඒත් කාර්ඩ් එක ගිහින් තියෙන පාටකුත් නෑ... :(( 


     උපන්දිනේ පහු වෙලා සතියක් විතර ගත වුණත් කාර්ඩ් එක ගැන කිසිම ආරංචියක් නෑ..අන්තිමේදි බැරිම තැන මංචි තීරණය කළා වවුල්ස්ගෙන් ඒක ආවද කියලා අහන්න...දුකේ බෑ...හදිසියෙ පහු වෙලා ආවොත් සර්ප්‍රයිස් එක වතුරෙනෙ... :((


     ඒත් ඉතින් නාහත් බෑනේ.. ඒ නිසා ඔය කියව කියව ඉන්න වෙලාවක නිකමට වගේ ඇහුවා මෙහෙම...




මංචි     : මේ.... වවුල් අයියේ...ඔයාට උපන් දිනේට මොකුත් ලැබුණේ නැද්ද...?


වවුල්ස් : ලැබුණා ලැබුණා....


මංචි     : කාර්ඩ් එකක්...??? මං එවපු එක ලැබුනද..?


වවුල්ස් : නෑ.... ඔයා මට කාර්ඩ් එකක් එකක් තියා මුද්දරයක්වත් එව්වයෑ..? මේ බොරු කියන්න එපා....


මංචි     : නෑ නෑ....සිරාවටම එව්වා අනේ...ඇත්තටම ලැබුනෙ නැද්ද..??:((


වවුල්ස් : මට ආපු කාර්ඩ් එකක් නෑ...අනේ යනව යන්න බොරු නොකියා....නිකම් එක දාගන්න කාර්ඩ් එකක් එව්වා වගේ බොරුව දානවා නේද..?? අපි අහු වෙයි ඕවට...


මංචි     : මම එව්වා මෝඩයෝ... අයියෝ... තෑග්ගකුත් එව්වා...


වවුල්ස් : එව්වා නම් එන්න එපායෑ.. යන්න යන්න බොරුව නොදා..


     ඔන්න ඔහොමයි සිද්දිය...මංචිට දැන් මාර අප්සෙට්...දෙන්නත් එක්ක පැය ගානක් හිතුවා කොහොමද මේක නැති වුණේ කියලා.කොහොම වුණත් සති ගාණක් ගත වෙලාවත් ඒ කාර්ඩ් එකවත් අර හුරතල් තෑග්ග වත් වවුල්ස්ට නම් ලැබුණේ නෑ...


     එච්චර ආදරෙන් මහන්සි වෙලා අරගෙන හැඩ කරලා හදපු එක කොහොමද නැති වුණේ කියලා මංචිට හිතාගන්නවත් බෑ...එක්කො ඒක අර ළමයා තැපැල් කරලා නෑ...නැත්තම් තැපෑලෙදි නැති වෙලා...මොන ක්‍රමෙන් හරි මංචිගෙ ඒ වැඩේටත් පාත් වුණේ හෙණහුරාම තමා....


     කාඩ් එක නොලැබුණු එකේ දුක කෙසේ වෙතත් වවුල්ස්ට නම් ඒකෙන් හෙන ජොලියක් ගියා....


     ඒකනේ තාමත් ඔය මාව බයිට් එකට ගන්නකොට...විහිලු කරන්නෙ... මම කාර්ඩ් එකක් එව්වා කියලා බොරුව දැම්මා කියලා.... එහෙම නැත්තම් වන්නියෙ ඉඳලා කාර්ඩ් එව්වෙ වැද්දෙක් අතේද කියලා අහල...හිකිස්.... කොහොම වුනත් වවුල්ස්ට ඒ උපන්දිනේටම මංචිගෙන් කාර්ඩ් එකක් ලැබුණා... ඒ කොහොමද කියලා දැනගන්න...ඊලඟ පෝස්ට් එක ලියනකම් ඉවසන්නකෝ...... :)))))




23 comments:

  1. හපොයි මාර වැඩ තමා අක්කාටත් වෙන්නේ ඊලග කොටසත් ඉක්මනට දාන්නකො අක්කා

    ReplyDelete
  2. ඊලග කොටහත් දාමුකෝ!

    ReplyDelete
  3. මමත් හැම අවුරුද්දෙම උපන් දින කාඩ් එක ගන්නේ උතුම් පැතුම් එකෙන්. එකක් තෝරගන්න මාරම ගේමක් දෙන්න ඕනේ....

    ReplyDelete
  4. ඉතින් ඊට පස්සේ......ඉක්මනට ඉතිරිය දාන්න අක්ක

    ReplyDelete
  5. කොටස් වශයෙන් පලවෙන නවකථාවක් වගේ.ඊලග එකත් ඉක්මනට අවුට් කරන්න

    ReplyDelete
  6. මංචි අක්කාටත් වෙන වැඩ :P ඊලඟ එකත් ලියන්නකෝ :)

    ReplyDelete
  7. හික් හික් පව් වැඩේ

    ReplyDelete
  8. හික්ස්...
    ආදර මහන්සිය අපතේ ගියා නේද....??
    ඊලග එකත් ඉක්මනට දාන්නකො.මම එනවා කියවන්න.

    ReplyDelete
  9. අනේ... අපරාදෙනේ... මම වුනා නම් හොටු පෙර පෙරා අඬනවා.. හී හී...

    ReplyDelete
  10. අප්පා ඔයාටත් වෙන වැඩ..හිකිස්‌..
    සිරාවට ඔයා ඉන්නේ වන්නියේද ;) ;) ... ලොල්

    ReplyDelete
  11. බොරුනේද කියන්නේ කාඩ් එකක් එව්වේ නෑ නේ... (අර කොලුවා හිතුවද දන්නෑ මෑන්ස්ට දුන්න එකක් කියලා :D )

    ReplyDelete
  12. හයියෝ !!!! මාරම වැඩේ නේ. කාඩ් එක ගිහින් නෑනේ.
    දැන් ඉතින් මොකද කරන්නේ. අපි ඊලඟ කොටසින් ඒක කියවමු !!!

    ReplyDelete
  13. මීට පස්සෙ වවුල්ස්ට සුභ පැතුම් යවනකොට ලියා පදිංචි තැපෑලෙන් යවන්න. පස්සෙ එයා හම්බුනේ නෑ කිව්වොත් ඔයාට රිසිට් එක පෙන්නුවහැකි ඔප්පු කරන්ඩ.

    ReplyDelete
  14. අයියෝස් වෙලා තියෙන වැඩේ.මහන්සිය මදිවට දැන් තව චාටරුත් කනවා වගේ..
    ඇත්තටම ඔයා ඉන්නේ වන්නියෙද?

    ReplyDelete
  15. අයියෝ ඔයාටත් වෙන වැඩ..ඉක්මනට ඊලග කොටස දාන්නකෝ..

    ReplyDelete
  16. අපි බලාගෙන ඉන්නේ .. කෝ ඊලඟ කොටස ...?

    ReplyDelete
  17. @ශානු :
    ඉක්මනටම දානවෝ....

    @චාටර් කොල්ලා :
    පහුගිය කාලෙ ට්‍රක් පැන්න නිසා දාන්න බැරි වුනා..ඉතිරිය මග එනෝ..

    @ගෝල්ඩ්fish :
    එතන හරි සරල ඒත් ආදරේ හිතෙන කාර්ඩ් සෙට් එකක් තියෙනවා නේද..?? :D

    ReplyDelete
  18. @සිතුවිලි නිහඬයි :
    ඊලඟ පෝස්ට් එකෙන් ඉතිරිය දෙන්නම්..

    @~ Explorer ~ :
    හපෝ නවකතාවක් නෙවෙයි..මේ මංචිගෙ ප්‍රේම පුරාවතනෙ.. :D

    @Yohan Kanishka | යොහාන් කණිෂ්ක :
    මටමනෙ අප්පා මේවා වෙන්නෙ... :(

    ReplyDelete
  19. @රත්ගමයා :
    මං නේද.... :((

    @මි හරක් පිඩියා :
    මොනා කරන්නද අනේ...නෝ පේන් නෝ ගේන් කියලා ඉවසනව මිසක්කා..

    @ප්‍රාර්ථනා :
    මටත් ඇඬුනෙ නැතුවට...ඊටත් වඩා දුක හිතුණා..

    ReplyDelete
  20. @ChammA :
    මේ චම්මෝ....ඔයත් ඔය මගෙන් අහගන්න තමා....ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්

    @කිඩෝ :
    මම සිරාවට යැව්වා අනේ..හැබෑටම අර කොල්ලා හිතුවද දන්නෑ එයාට දුන්නා කියලා.ගමේ ගිහිනුත් ඉවරයි වගේ... :/

    @මධුරංග :
    ඔයා නිකං පොතේ ගුරු වගේ අයියෙ...හෙහ් හෙහ්...

    ReplyDelete
  21. @පොත් ගුල්ලා :
    හැබෑටම.මැහෙමවත් කරන්ඩෝනේ මීට පස්සෙ...:D

    @♣ආසියා♠ (♥AseS♦) :
    අනේද කියන්නෙ මෙහෙමත් කෑමක්.කර චම්මාට කියපු එකම තමා ඔයාටත් කියන්නෙ ආසියෝ...

    @අසනි :
    දානවෝ...දානවෝ....

    ReplyDelete
  22. @මගේ කවි :
    මගේ කවි සහ..අනික් හැමෝගෙන්ම සමාව ඉල්ලනවා මංචිගේ පෙම් පුරාවත හදිසියෙම ඇණහිටිය එක ගැන...ඔයාලගෙන් ගොඩක් අයනං දන්නවනෙ..මංචි පහුගිය දවස් වල වියෝ වේදනාවෙන් දැවි දැවී හිටිය බව..ඉතින් එහෙම වෙලාවක අතීතය මතක් කරමින් කතා ලියන්න ගියානං දැවිලා විතරක් ඉතුරු වෙන්නෙ නෑ..අළු වෙලාම යනවා....ඒ නිසයි වෙන වෙන දේවල් ලිව්වෙ..දැන් ඉතින් තරමක් තනිකමට හුරු වෙලා නිසා ආයෙමත් කොටහක් දාතැහැකි..ඔන්න හැමෝම එන්න හොඳේ..... :D

    ReplyDelete
  23. මගේ ගෙදර ඇඩ්‍රස් එකේ මූණු පොතේ හයිඩ් කරලා තියෙන්නේ. දැන්මම ඕක පේන්න සලස්සන්න ඕනේ. කවුරු හරි කාඩ් එකක් එව්වොත් :))

    ReplyDelete

ඔයාලගෙන් ලැබෙන අදහස් මකුළු පැංචිට ඇත්තෙන්ම ලොකුම ලොකු ශක්තියක්...ඒ නිසා වෙලාවක් තියෙනව නම් හිතෙන දේ ලියලම යන්න හොදේ... :))..අදහස් දක්වන්න නැවතුනේ නැතත්..කියවන්න වියමනට ගොඩ වැදුණු ඔයාල හැමෝටමත්..ගොඩාක් ස්තූතියි.. :))

Related Posts Plugin for WordPress, Blogger...